Wednesday, August 23, 2017

අලෙවිකරණයේ දී වැදගත් වන නිෂ්පාදන ජීවන චක‍්‍රය හදුනාගනිමු

සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක‍්‍රයක් පවතී.  ඕනෑම නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතර එකවර ස්ථාවරව රඳා පවතින්නේ නැත. ඒ සඳහා ක‍්‍රමිකව සංවර්ධනය වීමක් පැවතිය යුතුය. මේ අකාරයට නිෂ්පාදනයක් වෙළඳපලට පැමිණීමේ අවස්ථාවන් නිෂ්පාදන ජීවන චක‍්‍රය ඔස්සේ හªනාගත හැකිය. 




   










නිෂ්පාදන ජීවන චක‍්‍රයේ ප‍්‍රධාන අංග 4ක් හදුනාගත හැකිය. එනම්
හදුන්වාදීමේ අවධිය
වර්ධනය වීමේ අවධිය
පරිනත වූ අවධිය
බිඳවැටීමේ අවධිය
ලෙසින් දැක්විය හැකිය. 


හදුන්වාදීමේ අවධිය 

මෙම චක‍්‍රයේ පළමු අදියර වන්නේ නිෂ්පාදනය හෝ සේවාව හදුන්වාදීමේ පියවරයි. මෙම අවදියේදී නිෂ්පාදන වෙළඳපල ප‍්‍රමාණයෙන් කුඩා වේ. එමෙන්ම නිෂ්පාදනයේ මිල ඉහළ මට්ටමක පවතින අතර නිෂ්පාදනය දියත් කිරීම නැතහොත් අලෙවිකරණය සඳහා අධික පිරිවැයක් යොදවමින් දැන්වීම්කරණය ආදි විශාල ප‍්‍රවර්ධන වැඩසටහන් දියත්කරනු දැකිය හැකිය. මෙම අවධියේදී භාණ්ඩය වෙළඳපල තුළ තරඟකාරීව හැසිරේ.

වර්ධනය වීමේ අවධිය

මෙම අදියරේදි භාණ්ඩයේ විකුණුම හා ලාභය යන අංශ ද්විත්වයම ශක්තිමත්ව වර්ධනය වීමක් සිදු වේ. භාණ්ඩ නිෂ්පාදන ප‍්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර උපරිම හැකියාව උපරිම කිරීමට ප‍්‍රවර්ධන ක‍්‍රියාකාරකම් ඉදිරිපත් කරනු ලබයි. මහජන සබඳතාව ඔස්සේ ගිවිසුම්වලට එළෙඔමින් නිෂ්පාදන වේගයත් අලෙවියත් එකසමාන අයුරින් වර්ධනය කර ගැනීම සිදු කරයි. භාණ්ඩයේ මිල පිළිබඳව සැලකිළිමත් වීමද මෙම අවධියේදී හදුනාගත හැකිය.

පරිනත වූ අවධිය

මෙම යුගය භාණ්ඩයේ කල්පිරීම ලෙසින්ද හැඳීන්විය හැකිය. මෙහිදි නිෂ්පාදිතය  වෙළඳපල තුළ ස්ථාපිත වී ඇති අතර නිෂ්පාදකයාගේ ඉලක්කය වී ඇත්තේ ඔවුන් විසින් ගොඩනගාගෙන ඇති වෙළඳපල කොටස පිළිබඳවයි. බොහෝ නිෂ්පාදිතයන් සඳහා මෙය තරඟකාරී අවධියකි. ව්‍යාපාරයේ  ඕනෑම අලෙවිකරණයක් ඥානවන්තව ආයෝජනය කළ යුතුය. තරඟකාරී නිෂ්පාදනවල ලබාදෙන්නා වූ වාසි පිළිබඳව අවධානය යොමු කරමින් නිෂ්පාදනයේ යම් යම් වෙනස්කම් සිදු කිරීම පාරිභෝගිකයාට නැවත නැවත නිෂ්පාදනය පිළිබඳ ආවර්ජනය කිරීම මෙම අවධියේ දී දැකගත හැකිය. 

බිඳවැටීමේ අවධිය 

ඕනෑම නිෂ්පාදනයක් අවසානයේ වෙළදපල තුළ යම් හැකිලීමකට ලක් විය හැකිය. මෙය පහත වැටීමේ අදියර ලෙස හැඳීන්වේ. මෙම අඩු වීම වෙළඳපල සංතෘප්ත වීම නිසා විය හැකිය. (එනම් නිෂ්පාදිතය මිලදි ගන්නා පාරිභොගිකයන් සියලූදෙනා එය දැනටමත් මිලදී ගෙන තිබිය හැකිය* නැතහොත් පාරිභෝගිකයින් විවිධ වර්ගයේ නිෂ්පාදනයන්ට මාරු වීමද සිදුවිය හැකිය. මෙම පරිහානිය නොවැළැක්විය හැකි වූවත් අඩු වියදම් සහිත නිෂ්පාදන ක‍්‍රම සහ ලාභදායි වෙළදපලවල් වෙත මාරු වීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැකිය. 

ඉන්දියානු හින්දු සමාජය හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත‍්‍රීත්වය හා පුරුෂත්වය ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත‍්‍රී පුුරුෂ ලිංගභේදය යන පදයට වඩා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජීය මෙන්ම මනෝභාවාත්මක වශයෙන්ද වෙනස් වූ අර්ථ ගෙන දෙයි. ස්ත‍්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හªන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලූම ජීවිහු ස්ත‍්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබයි. මෙම ස්වභාවිකවම සිදුවන නිර්මාණය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. ජීව විද්‍යාත්මකව ස්ත‍්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් පටන් වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සංස්කෘතිය මඟින් මෙම බෙªම සිදුකර තිිබෙන අතර සෑම ඒකකයක දී ම එය දැකගත හැකිය. ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත‍්‍රී පුරුෂ සාජභාවය ලෙස හªනාගත හැකිය.

ඉන්දියානු සමාජය හා හින්දු ආගම

ලොව පවත්නා පැරණිතම ආගමක් වන හින්දු ආගම ව්‍යාප්ත වූ විශාලම රට ලෙස ඉන්දියාව හªනාගත හැකිය. ඉන්දියානු සමාජය තුළ හින්දු ආගමෙහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. හින්දු ආගම වනාහි ඒකදේවවාදය බහුදේවවාදය වැනි විශ්වාස අන්තර්ගත සංකීර්ණ පද්ධතියකි. හින්දු ධර්මය මනුෂ්‍ය වර්ගයා දිව්‍යමය ලෙස දකියි. මන්දයත් බ‍්‍රහ්මා ඔවුන්ගේ සියල්ලයි. හින්දු ධර්මය විසින් සියල්ලන්ම දිව්‍යමය බව තහවුරු කරනු ලබයි. අටිමන් නොහොත් තමා බ‍්‍රහ්මණයා හා සමග ඒකත්වයෙන් සිටියි. බ‍්‍රහ්මණයාට පිටතින් ඇති සියළු යථාර්ථය සැලකෙන්නේ හුදෙක් මායාවක් ලෙසය. හින්දු භක්තිකයකුගේ අධ්‍යාත්මික ඉලක්කය නම් බ‍්‍රහ්මා සමග ඒකත්වයකට පැමිණීමය, එහෙත් තම පෞද්ගලික මායාන්විත ආකාරයෙන් පැවතීම නවතාලයි. මෙම නිදහස සඳහන් වන්නේ ”මෝක්ෂය” ලෙසය. මෝක්ෂය අත්පත් කරගන්නා තෙක් හින්දු භක්තිකයකු විශ්වාස කරනු ලබන්නේ ඔහු හෝ ඇය පුන පුනා පුනරුත්පත්තිය ලබන්නේ ඔහුට හෝ ඇයට සත්‍යයේ: සත්‍යය නම් පැවතෙන්නේ බ‍්‍රහ්මණයන් මිස පමණක් වෙනත් කිසිවෙක් නොවන බවත්ය- ආත්ම සාත්ෂාත්කරණය කරා කටයුතු කිරීමට හැකි වනු පිණිසයග පුද්ගලයකු පුනරුත්පත්තිය ලැබීම නිර්ණය වන්නේ කර්මය මතය. මෙය ස්වභාව ධර්මයාගේ සමතුලිතභාවය මත පාලනය වන්නාවූ කාරණය සහ ඵලයෙහි මූලධර්මයකිග යමෙකු අතීතයේදී කළ දේ අනාගතයේ වන්නට යන දේට බලපෑමක් සහ අනුරූපත්වයක් ඇති වේල. මන්දයත් අතීතයේ සහ අනාගතයේ ජීවිත එයට ඇතුලත් වන බැවිනි. හින්දු ජනයාගෙන්් බහුතරය දෛනිකව සිය ආගමික චාරිත‍්‍රවිධිවල නිරත වෙති. දේව වාදි සංකල්පය නිසාම ඉන්දියානු සමාජය තුළ බෙදීම් රැුසක් හªනාගත හැකිය. විශේෂයෙන්ම කුලය යන සාධකය මත පදනම්ව ඉන්දියානු සමාජය කොටස් වී ඇත. මේ නිසා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මෙම රට තුළ විවිධ අයුරින් හªනාගත හැකිය.

හින්දු ආගමට අනුව ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය

ඉන්දියානු සමාජයේ හින්දු දහමට අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය විමසීමේදි අතීතය දෙස අවධානය යොමු කිරීම ඉතා වටී. ස්ත‍්‍රියකගෙන් තොරව පිරිමියෙකුගේ පැවැත්මක් නොමැති බව සමාජීය මතයයි. ස්ත‍්‍රී පාර්ෂවයේද ජීවිත අලංකාර වන්නේ පුරුෂයින් නිසාවෙනි.

හින්දු ආගමට අනුව කාන්තාව මැවීම පිළිබඳව මෙවැනි අදහසක් දක්වා ඇත. හින්දු පුරාවෘත්තවලට අනුව විශ්වකර්ම දිව්‍යපුත‍්‍රයා ගැහැණිය මැවීමේ අවස්ථාවට පැමිණිවිට ඇය මැවීමට ඝණ ද්‍රව්‍ය කිසිවක් නොපැවතුණ හෙයින් සුන්බුන් එක්කර ගැහැණිය මවා ඇත.
චන්ද්‍රයාගේ ගෝලාකාරයද
ලතාවන්ගේ නැමිද
පදුරුවල ඇලෙන ස්වභාවයද
තණපතෙහි වෙව්ලීමද
බටලීයේ කම්පනයද පුෂ්පයන්ගේ පුබුදුවද
කොළවල සැහැල්ලූවද
හො`ඩවැලේ ක‍්‍රමයෙන් සිහින් වීමද
මුවන්ගේ බැලූම්ද
හිරු රැුස්වල කෙළිමත් ප‍්‍රීතියද
සුළගේ චපල බවද
හාවාගේ බියසුළු බවද
ව්‍යාඝ‍්‍රයාගේ නපුරද
ගින්නෙන් උණුසුම් බවද
හිමෙහි සීතලද
ආදී වශයෙන් විවිධ ද්‍රව්‍ය එක්කොට ස්ත‍්‍රීය මවා ඇත. මෙකී මැවීම තුළ ඇත්තේ කාන්තාවට කාන්තාවක් වීම නිසා උරුමවන ගති සිරිත් ස්වභාවය පිළිබඳවය. ඒ තුළින් සමාජය ආරම්භයේ දීම කාන්තාව සුකොමළ චරිතයක් ලෙසින් හුවා දක්වා ඇත.

ඉන්දියානු මුල් සමාජය තුළ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය
ඉන්දියානු මුල් සමාජ යුගයේ දී හින්දු ආගමට අනුව සුත‍්‍රිය සම්බන්ධයෙන් විශේෂතා රාශියක් ම හªනාගත හැකිය. නූතන අවධිය සේම මෙම වෛදික යුගයේද ස්ත‍්‍රියකගේ සුවිශේෂම අවස්ථාව වශයෙන් මාතෘත්වය දක්වා ඇත. මෙම පූර්ව යුගයේ දී යම් ස්ත‍්‍රියකට කුමන හෝ හේතුවක් නිසාවෙන් මවක් වීමට නොහැකි නම් ඇය සමාජයෙන් ප‍්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව වනුයේ මෙම  යුගයේ දී කාන්තාවට බොහෝ වරප‍්‍රසාද හිමිව ඇත්තේ මවක් වීම හේතුකොට ගෙනය. මුල් සමාජයේ ස්ත‍්‍රි පුරුෂ භේදයකින් තොරව ආහාර පිණිස දඩයමේ නියැලිම දෙපාර්ශවයම සිදුකර ඇත. නමුත් ස්ත‍්‍රිය මවක් වීම හේතුවෙන් මෙම දුෂ්කර කටයුතුවලින් ඇයව වෙන්කොට ඇත. මේ නිසා ස්ත‍්‍රිය ගෘහයට සීමා වීමත් පුරුෂයා ඉපයීම් කටයුතු සිදු කිරීමත් එදවස හින්දු සමාජ සංස්කෘතිය බවට පත් විය. මේ නිසා ජීව විද්‍යාත්මක හේතුවක් මත පදනම්ව ස්ත‍්‍රියට සමාජය තුළ හිමි තත්වය සමාජ ආරම්භක යුගයෙන්ම පැහැදිලිය.

ඇමරිකානු විද්‍යාඥයන් දෙදෙනෙකු වන රොයිටර් සහ රනර් විසින් මෙලෙස දක්වා ඇත.
”ස්ත‍්‍රිය නිෂ්පාදකයෙකු වීමෙන් නැවතුණු විට ඇය යැපෙන්නියක බවට පත්විය. භාර්යාවගේ හා පවුලේ සම්පූර්ණ කටයුතු පිරිමියා මත පැටවිණි.”
මුල් කාලීන ඉන්දියානු සමාජයේ විවාහ ක‍්‍රමයන් කිහිපයක් පැවතී ඇත.
ඒක පුරුෂ ඒක ස්ත‍්‍රි විවාහය
එ්ක ස්ත‍්‍රි බහු පුරුෂ විවාහය
ඒක පුරුෂ බහු ස්ත‍්‍රි විවාහය
සමූහ විවාහ
සෘග්වේදයේ සඳහන් වන්නේ ගෘහයේ සෝබා සම්පන්න බව තහවුරු වන්නේ ස්ත‍්‍රියගේ පැවැත්මෙන් බවයි. එමෙන්ම ඇය ආනන්දයේ භාණ්ඩාගාරය ලෙසද සඳහන් වේ. එමෙන්ම එහි තවදුරටත් සඳහන් වන්නේ ඇය සැමියාගේ සතුට වෙනුවෙන් අලංකාරවත් වස්ත‍්‍ර ඇඳීම සතුටු සිතින් වාසය කිරීම තම පවුලේ වැඩකටයුතු සිදුකිරීම සඳහා උදෑසනම අවදී වීම සියලූ යාග පූජා පැවැත්වීම සිදු කිරීම යනාදී යහපත් කටයුතු සියල්ල ඇය විසින් ඉටු කර ඇති බව දක්වයි. මේ තුළින් පැහැදිලි වන්නේ ඉන්දියානු සමාජය තුළ කාන්තාවටද ගෘහාශ‍්‍රිත කටයුතු සියල්ල උරුමව පැවති බවයි.
මෙම යුගයේ දී කාන්තාව නිදහස භුක්ති විඳීමින් කටයුතු කර ඇත. ඉන්දියානු සම්ප‍්‍රදාය තුළ පැවති කාන්තාවට විශේෂිත වූ පූජාවක් ලෙසින් සති පූජාව දැක්විය හැකිය. එම පූජාවෙන් ස්වාමි භක්තිය දැක්වීම සිදු විය. මියගිය සිය ස්වාමියා වෙනුවෙන් ඉදිකළ දර සෑය මත මද වේලාවක් සැතපී සිටීම මෙම පූජාවෙන් සිදුවිය. මෙමගින් ඇගේ ආදරය ගෞරවය සංකේතවත් කිරීම සිදුකර ඇත. එතුළින් පැහැදිලි වන්නේ කාන්තාවක් යැපෙන්නියක ලෙස මෙතුවක් ජීවත් වීම නිසාවෙන් ඇය විසින් නිරන්තරයෙන් ස්වාමි ගෞරවය රැුකිය යුතු බවයි.
ඉන්දියානු සමාජයේ මුල් යුගයේදී කාන්තාවට අධයාපනික නිදහස ආගමික නිදහස කැමති පුරුෂයෙකු සමඟ විවාහ වීමේ නිදහස යනාදි මූලික අවශ්‍යතාවන් සඳහා නිදහස උරුම විය. හින්දු ආගමික පද්ධතිය තුළ එම යුගයේදී කාන්තාව උසස් කොට සලකනු ලැබිනි. ඒ අනුව මෙම මුල් කාලීන ඉන්දීය සමාජය තුළ ස්ත‍්‍රියට හා පුරුෂයාට ජීව විද්‍යාත්මකව උරුම වූ උරුමකම් මත පදනම්ව අන්‍යෝන්‍ය සබඳතාවයෙන් කටයුතු කර ඇත.

මුල් යුගයෙන් පසුව ඉන්දියානු සමාජය ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. සමාජය තුළ කුල ක‍්‍රමය වැඩෙන්නට විය. ප‍්‍රධාන වශයෙන් මෙම යුගයේ පැවති කුල ලෙසින්
බ‍්‍රාහ්මණ කුලය
ක්ෂත‍්‍රිය කුලය
වෛශ්‍ය කුලය
ශුද්‍ර කුලය
දැක්විය හැකිය. ලෝක නිර්මාණයේදී දෙවියන් වහන්සේ විසින් මෙම කුල හතර නිර්මාණය කළ බව මෙම දේව වාදී හින්දු ආගමිකයන් විශ්වාස කරනා මතයයි. මෙම කුල ක‍්‍රමය හේතුවෙන් මේවන තෙක් ස්ත‍්‍රියට හා පුරුෂයාට පැවරුණූ කාර්යයන් තරමක් දුරට වෙනස්ව ඇත. මාතෘත්වය අගයමින් ජගන්මාතා වන්දනා ක‍්‍රම පැවතිම මගින් කාන්තාවට ඉතා ඉහළ පිළිගැනීමක් පැවති යුගය බ‍්‍රාහ්මණ යුගය තුළදී වෙනස් වන්නට විය. වර්ණ ධර්ම ස්ව ධර්ම හා ආපද් ධර්ම තුළින් සමාජයේ ආධීපත්‍ය තහවුරු කරගත් බමුණන් විසින් කාන්තාව සතු සියලූ නිදහස සීමා කරන්නට විය. ඒ අනුව ඒ වන තෙක් හිමි වූ ආගමික අධ්‍යාපනික ආර්ථික සමාජීය ආදී සියලූ වරප‍්‍රසාද අහිමි වූ කාන්තාවගේ ජීවිතය අවධි කහිපයක් යටතේ බෙදා දැක්විය.
බාල කල පියා යටතේ
තරුණ කල ස්වාමියා යටතේ
ස්වාමියා මියගිය පසු පුතු යටතේ
සිය ජීවිකාව ගත කළ යුතු විය. මේ තුළින් පැහැදිලි වන්නේ මෙම යුගයේ දී ස්ත‍්‍රිය පුරුෂයා මත යැපෙන සමාජ ජීවි කොට්ඨාසයක් බවට පත් කර ඇති බවයි. සමාජ පාලන ව්‍යුහයේ කුඩාම සහ වැද.ත්ම ඒකකය වූයේ පවුලයි. පවුලේ ප‍්‍රධානියා පියාය (ඡු්එස්ජය්ක ත්‍්පසකහ*. ඒ අනුව  වෛදික යුගයේ සිටම භාරතීය සමාජය ක‍්‍රියාත්මක වී ඇත්තේ පිතෘ මූලික සමාජයක් වශයෙනි. එය ඇතැම්විට ඊට පෙර පැවති ශිෂ්ටාචාරයන්ගේ ආභාසය ලැබූවක් වන්නට ඇත. හෙතෙම ‘දම්පති‘ යනුවෙන් හැඳින්වූ අතර නිවසේ ඒකාධිපතියා හෝ ස්වෛරී බලවතාද (්මඑදජ්එ* විය. එම පදනම මත තම දරුවන් හා අඹුව විකිණීමට උකස් කිරීමට හෝ මැරීමටද අවකාශය ඔහුට තිබුණි. පතිනිය වශයෙන් සැලකුණු මවද නිවසේ විශේෂ වගකීම් සමුදායක් හිමි චරිතයක් විය. ස්වාමියාට පමණක් දෙවැනි වන ඇය නිවසේ සේවක පක්ෂයට මස්සිනාවරුන්ට හා ස්වාමියාගේ දෙමව්පියන්ටද ස්වාමි දියණිය වූවාය. නිවැසියන්ට ආහාර සම්පාදනය කිරීම ඇය සතු වූ ප‍්‍රධාන වගකීමකි. ඊට අමතරව ගෙදර දොර පිරිසිදුව තබාගැනීම දරුවන්ගේ විනය ආරක්ෂා කිරීම විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වීම පතිනිය සතු තවත් වගකීම් කිහිපයකි. දරුවන්ගේ විනය සම්බන්ධ වගකීමේදී අවශ්‍ය වුවහොත් දරුවන්ට දඬුවම් කිරීමටද ඇයට බලය තිබුණි. එසේම නිවසේ සිදුකරන යාගහෝමාදි ආගමික සංස්කාරවලදී භාර්යාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් වූ අතර යාගයට අවශ්‍ය සෝම පිළියෙල කිරීමද භාර්යාවගේ සහභාගිත්වයෙන් සිදුවී ඇත. පිරිමි දරුවන් හට පවුලේ විශේෂ ස්ථානයක් හිමි වෙයි. අනෙකුත් සහෝදර සහෝදරියන් රැුකබලා ගැනීමත් දෙමව්පියන්ට සැලකීමත් මොහු වෙත විශේෂයෙන් පැවරුණු බව පෙනේ. සහෝදරයා තම සහෝදරියගේ කන්‍යාභාවයේද ගෞරවයේද ආරක්ෂකයා මෙන්ම කැපකරුද විය. යම්හෙයකින් තම සොහොයුරියගේ කන්‍යාභාවය විවාහ වීමට පෙර විනාශ වුවහොත් ඔහුගේ සොයුරා ‘සභා‘ නමැති ජන එකමුතුවෙන් ඉවත් කිරීමේ සිරිතක්ද ක‍්‍රියාත්මකව ඇත. එසේම වෛවාහික සොයුරිය පිළිබඳ සොයාබැලීමටද වගකීමක් සොයුරාට පැවරුණි. එසේම කාන්තාවගේ පවිත‍්‍රත්වයද වෛදිකාර්යයෝ උසස්කොට සැලකූ අතර  පාලකයෙකු විසින් මනාව ආරක්ෂා කරන රාජධානියක් සේ (ඛසනැ එයැ ණසබටාදප දෙ ් මකැ* එම පවිත‍්‍රත්වය සැම අතින්ම ආරක්ෂා කිරීමටද වගකීමක් සමාජය වෙත පැවරී තිබුණි. සොයුරන් නොමැති තරුණියන් නොමග ගිය අවස්ථාද වේදයෙන් සොයාගත හැකිය. වෛදික ජන සමාජයේ භාවිත වූ ඥාතිවාචක වචන කිහිපයක් පහත සඳහන් වේ.  එමෙන්ම කාන්තාවට ස්වාධීනව තීරණ ගැනීමේ අවස්ථාවද මෙම යුගය වන විට අහිමි කර තිබිණි. එයට නිදසුන් ලෙසින් විවාහයේ දී තමාට කැමති පුරුෂයෙකු හා විවාහ විය නොහැකි වූ අතර පහළ කුලවල කාන්තාවන් විවාහ වු පසු පළමු ස්වයංවරය බමුනකු සමඟ සිදු කළ යුතු විය. එම නිසා පහළ සමාජ ස්ථරවල ස්ත‍්‍රි පුරුෂ දෙපාර්ශවයම පීඩාවට පත්ව සිටි බව පැහැදිලිය.



විවාහය තුළ කාන්තාව

භාරතීය ශිෂ්ටාචාරය තරම් විවාහ ජීවිතය අගය කරනු ලැබූ වෙනත් ශිෂ්ටාචාරයක් නැති තරම්ය (මෝනිය_ විලියම්*

මිනිසා ප‍්‍රාථමික මට්ටමේ සිට නූතන සමාජ මට්ටම දක්වා පැමිණි දිගු ගමනේ සමස්ත ක‍්‍රියාදාමයන් හා වෙනස්කම්වල එකතුව සභ්‍යත්වය නමින් අරුත් ගන්වන අතර ශීලාචාර ගති පැවතුම්වලින් යුතු සමාජ සංස්ථාව දක්වා අති දුෂ්කර ගමන් මගක පැමිණි මානව සමාජය තුළ කාන්තාවගේ කාර්ය භාරය සුළු පටු නොවනු ඇත. නූතන සමාජ විශ්ලේෂකයින් ද, සඳහන් කරන්නේ,  ඕනෑම සමූහයක පැවති සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමේ වගකීම පිළිබඳ විසල් කාර්යභාරයක් කාන්තාවට හිමි වන බවයි. ආර්ය සමාජය තුළ ස්ත‍්‍රියගේ නිදහස සීමාසහිත වුවද, මිශ‍්‍ර සමාජ පිළිවෙතක් පැවති වෛදික යුගයේ පියාට මුල් තැන ලැබුණ හෙවත් පීතෘ මූලික සමාජයක් පැවති බවට ද, සංහිතා සාහිත්‍යය මනාව ප‍්‍රකට කරයි. පතිකුලයට පිවිසෙන ඇයගෙන් පුතෙක් අපේක්ෂා කළ අතර, එය ප‍්‍රධානම සේවයක් වශයෙන් සමාජ ගතව පැවතුනි. තරුණයින් වසඟ කිරීම සඳහා තරුණ දියණියන් උත්සව අවස්ථාවන්හි දී අලංකාර වස්ත‍්‍රාභරණයෙන් සැරසූ බවත්, පෙම්වතුන් පෙම්වතියන්ට තෑගි භෝග දුන් බවත්, ඔවුනොවුන්ගේ කැමැත්තෙන් විවාහ ගිවිස ගත් බවත්, තම පෙම්වතියන් රහසින් හමුවීමට පැමිණි පෙම්වතුන් අන් අය නිදි ගැන්වීමට මන්ත‍්‍ර භාවිතා කළ බවත් සංහිතා සාහිත්‍යය අනුව, හෙළිවන සුලභ කරුණු අතර වෙයි. තත්කාලීන ඉතිහාස සටහන් විමසීමේදී පැහැදිළි වන්නේ, ස්ත‍්‍රිය නිසි වයසට පත්වූ කල පමණක් ඇය විවාහයට සුදුසුකම් ලද බවය.

එකල ද, විවාහයට සුදුසුකම් නොලද කණ්ඩායම් අතර, දස්‍යූ වර්ණයට අයත් වූ හෙවත් ආර්යයන්ට විරුද්ධ පිරිස් හා සහෝදර සහෝදරියන් අතරත්, පියා හා දුව අතරත් විවාහය තහනම්ව පැවතුණි. දායාදයක් වශයෙන් කිසිවක් මෙන්ම මුදලක් තම දියණිය වෙනුවෙන් ලබා දීමේ චාරිත‍්‍රයක් එකල සමාජයෙහි නොවීය. එහෙත් අංග විකල ස්ත‍්‍රියක් වෙනුවෙන් යම් දායාදයක් දීමේ චාරිත‍්‍රයක් එකල පැවතුනි. (සෘග් වේදය* එසේම තම බෑනා ප‍්‍රියමනාප නොවූ විට ද, දුව වෙනුවෙන් යම් මුදලක් බෑනා ගෙන් අයකර ගැනීමේ පිළිවෙතක් පැවති බව සෘග් වේද සංහිතාවෙහි සඳහන් වෙයි. ස්වකීය කැමැත්ත අනුව විවාහ සිදුවූ බවද ස්වයංවරය වැනි විවාහ විධි නියමයන් පැවතීම තුළින් මනාව පැහැදිළිය. එසේම මෑත සභ්‍යත්වයන් නිරීක්ෂණය කිරීම තුළින් පියාගේ හෝ වැඩිමහල් සොහොයුරාගේ කැමැත්ත විමසන ලද බව ද සිරිත් අතර වෙයි. එම තත්ත්වය කෙසේ වුවද, විවාහය සිදුවූයේ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මැදිහත්වීම තුළ වීම තත්කාලීන ඉතිහාසය සනාථ කරනු ලබයි. භාරතීය සමාජය අපේක්ෂා කළ
ස්ත‍්‍රියගේ පාරිශුද්ධත්වය වේද යුගයේ ආගමික නීතියක් වශයෙන් ද සමාජගතව පැවතුණි ද පවුලක ප‍්‍රධානියා වශයෙන් ඇයට අද්විතීය තැනක් ලැබුණ අතර පතිකුලයට පැමිණි ස්ත‍්‍රිය පවුලේ වගකීම් භාර ප‍්‍රධානියා පමණක් නොව ස්වාමි පුරුෂයාගේ පියාගෙන් ද, සහෝදරයන් හා අවිවාහක සහෝදරියන් ගෙන් ගරු සම්මාන ලැබීමට සුදුසුකම් ලද්දියක වූ බව ද සඳහන් ය. (සෘග්වේද - 85 46*

එහෙත් පශ්චාත් කාලීනව ස්ත‍්‍රියගේ සමාජ තත්ත්වය හීනවීමට චරිත පාරිශුද්ධිය බලපෑ අතර චරිත ශුද්ධිය ආරක්ෂා කරගත් ස්ත‍්‍රිය සමාජයෙහි සම්මානයට පාත‍්‍ර විය. එසේම බ‍්‍රාහ්මණ සාහිත්‍යයට පිවිසෙත්ම ක‍්‍රමයෙන් ඇයගේ පති භක්තිය හීනවී ගිය අයුරු මෛත‍්‍රායනි, ශතපත, තෛතිය, බ‍්‍රාහ්මණයන්හි සඳහන් තොරතුරු මනාව විශද කරයි.

මුල් යුගයන්හි ස්ත‍්‍රියට පැවති සමාජ තත්ත්වය විමසීමේ දි දේව පූජා පවත්වන්නියක වශයෙනුත් සමාජ තත්ත්වයක් හිමි කරගෙන තිබූ අතර, බ‍්‍රාහ්මණ සාහිත්‍යයේදි භාර්යාව හැඳින්වූයේ පත්තිනි යන නමිනි. එයින් ප‍්‍රකට වූයේ සිය සැමියා සමග එකට පූජාවන් පැවැත්වූ බවය. පසුකාලීනව ඇය ඡුායා යන නමින් ප‍්‍රකට වීමෙන් (පුතුන් ලබා දෙන සහකාරිය* අනුක‍්‍රමයෙන් ඇයට පැවති සමාජ තත්ත්වය හීනවී ගිය ආකාරයක් ප‍්‍රකට කරයි. පසු කාලීනව ඇය කෙතරම් පහත් කොට සැලකුවේද යන්න ත‍්‍රිවිධ පාපයන් අතරට ස්ත‍්‍රිය ද එක් කිරීමෙන් පැහැදිළිය (ත‍්‍රිවිධ පාපයන්, සුරාව, ¥කෙළිය, ස්ත‍්‍රිය, මෛත‍්‍රයානිය සංහිතාව* මෙම තත්ත්වයන් හමුවේ පසුකාලීනව පැවති ආගමික නිති තුනීවී යාමෙන් ආර්ය සමාජය තුළ අනුලෝම විවාහ ක‍්‍රමයටද අවස්ථාව ලැබිණි. පානිනි නීතිවල සඳහන් අභිවාදන ක‍්‍රම මගින් මේ බව ප‍්‍රත්‍යක්ෂ කරයි. තත්ත් යුගයේ වනිතාව සමාජ තත්ත්වය පිරිහී ගොස් හෙළා දැකීමට භාජනය වීමත් නිසා ධර්ම සූත‍්‍ර යුගය එළඹෙද්දී නිති රීති ලිහිල් කිරීමට යත්න දරා ඇති බවත්, වඳ භාර්යාව අවුරුදු දහයකට පසුවත්, දියණියන් පමණක් ලබන්නි අවුරුදු දොළහකට පසුවත්, උපන් උපන් දරුවන් මිය යන භාර්යාව අවුරුදු පහළොවකට පසුවත් කළහකාරී දඟකාර භාර්යාව ක්ෂණයකිනුත් අත්හළ යුතු යෑයි සංහිතාවන් ප‍්‍රකට කරයි.
එපමණක් නොව මෙම යුගය වන විට පැවති නීනි තත්වය තුළ අවුරුදු 12ක් වයසැති ගැහැණු දරුවෙකු අවුරුදු 30ක් වයසැති පුරුෂයෙකුට හෝ අවුරුදු 8ක් වයසැති ගැහැණු දරුවෙකු අවුරුදු 24ක් වයසැති පුරුෂයෙකු හෝ විවාහ කර දිය යුතු යැයි නීතියෙන්ම සම්මතව පැවත ඇත. මින් පැහැදිලි වන්නේ කාන්තාව උපතින්ම ලිංගික භාණ්ඩයක් ලෙස සලකා දරුවන් වැදීම ඇයගේ ප‍්‍රධාන කාර්ය ලෙස සැලකූ බවයි. විශේෂයෙන්ම පිරිමියාට අවශ්‍ය නම් කාන්තාව වෙනත් පිරිමියෙකුට ලබා දීමේ හැකියාවද පැවතුණි. මේ වන විට සති පූජාව දිවි පුදන්නක් බවට පරිවර්තනය කරලීමට බමුණන් උත්සහ ගෙන ඇත. ස්වාමියා මල පසු ඉදිකරන දර සෑයට පැන සිය දිවියද පුද කළ යුතු බව දක්නව ලදී. එසේ නොකළහොත් වහලියක සේ ඉªල් පමණක් අහරට ගෙන සිය ජීවිතය ගතකළ යුතු බව දක්නව ලදී. ගණිකා වෘත්තියේ යෙදවීම වහල් සේවයේ යෙදවීම සඳහා කාන්තාව යොදා ගන්නා ලදී. මෙම කරුණු අනුව මෙම යුගයේ දී පුරුෂාධීපත්‍ය සහිත වූ කාන්තා හිංසනය දැඩිව පැවති යුගයක් ලෙස හªනාගත හැකිය.
අද්‍යතනයේ හින්දු සමාජයේ ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය
වර්තමාන ඉන්දියානු සමාජයේ හින්දු සංස්කෘතිය පෙර පැවති තත්වයන් දෙකටම වඩා වෙනස්ය. වර්තමානය වන විට කාන්තාවගේ ඇªමේ සිට සියල්ල කෙරෙහි මෙම සංස්කෘතිය බලපා ඇත. සල්වාර් හා සාරිය ඔවුන්ගේ ප‍්‍රධාන ඇªම් වේ. හිසෙහි මල් ගැසීම නළලේ පොට්ටු තැබීම යනාදි ඔවුනට ආවේණික විලාසිතාවන් පවති. නළලේ පොට්ටු තැබීම සැමියා මිය ගිය පසු සිදු නොකරයි. හින්දු සංස්කෘතියේ සරලතම සහ අලංකාරවත්ම අන්‍යතාවයක් වන .තිලකය. කාන්තාවකට ගෙන එන්නේ මිණි කැටයක රැඳි වටිනාකමකි. ඇය එය ආඩම්බරයෙන් යුතුව පළඳින අභරණක් වන අතර ආගම සංස්කෘතිය පතිභක්තිය සතුට සෞභාග්‍ය සේම වේදනාව තනිකම වැනි සිය ජීවිතයේ බොහෝ දෑ එකවර අලංකාරවත්ව නිරූපණය කරනා .තිලකය. සංස්කෘතිකාංගයකටත් වඩා සොඳුරු ජීවන දහමකි.  බමුණු සමාජයේ මතයන් බොහෝ ප‍්‍රමාණයක් බැහැර කරලීම දැකගත හැකිය .

තැල්ලල පා මුදුව සහ නාසයට දමනා කරාබුව යන ත‍්‍රිත්වයෙන් සංකේතවත් වන්නේ හින්දු කාන්තාවක් විවාහක බවය. එසේම සිය සැමියා මිය ගිය විටදී ඇය මේ ආභරණ සියල්ල ගලවා දමා චාම් දිවිපෙවෙතකට හුරු වේ. ආභරණ පැළඳීම මෙන්ම නොපැළඳීමද හින්දු සංස්කෘතියට අනුව සංකල්පනාත්මක වන්නේ එසේය. බොහෝ හින්දු දෙවඟනන් පළඳින මේ ආභරණ සියල්ලෙන් සැරසුණු හින්දු කාන්තාවන් තුළින් මැවෙන්නේ අතිශය සොඳුරු කාන්තා ප‍්‍රතිමූර්තියකි. මේ ආකාරයට වර්තමානය වන විට කාන්තාව උපතින්ම සුන්දර තැනැත්තියක් ලෙසින් සමාජය විසින්ම පත්කර ඇත. මේ නිසා හින්දු සමාජය තුළද කාන්තාව ලාමක චරිතයක් ලෙසින් හුවා දක්වයි.

වර්තමානයේ හින්දු විවාහ මංගල්යයේ අර්ථය වශයෙන් සැලකෙන්නේ ආදරය මුසු වූ පූජනීය බන්ධනයකට ඔවුන්ව සූදානම් කරවීමය. තමන්ගේම කරගෙන රැකගැනීමට සහ ආදරයෙන් ඇප උපස්ථාන කරමින් ජීවිතයේ ඕනෑම අභියෝගයකදී ළග සිටීම පොරොන්දු වීමේ අවස්ථාව ලබා දීමය. විවාහයක් යනු බන්ධනයකි. අනෙක් බන්ධන වලින් එය වෙනස් වන්නේ එය සොදුරු බන්ධනයක් ලෙසින් දැක්විය හැකි නිසාවෙනි. ආගමික පූජාවක් ආකාරයෙන් ඉතාමත් භක්තියෙන් යුතුව සිදුකෙරෙනා හින්දු විවාහ මංගල්‍යය සැබැවින්ම ඔවුන්ට දේව කාරියක් සේම පින්සාරය. මේ ආකාරයට ස්ත‍්‍රියටත් පුරුෂයාටත් සම තත්වයක් ස්වාධීන බවක් වර්තමාන විවාහ සංස්කෘතිය තුළදී හිමිව ඇත.

පෙර සමාජයේ විවාහයේදී කාන්තාව විසින් දෑවැදී ලබා දීම අනිවාර්්‍යයෙන් සිදුකළ යුතු විය. මේ නිසාවෙන් බොහෝ කාන්තාවන්ගේ විවාහය ප‍්‍රමාද වීමදසිදු විය. නමුත් එයට පිළියම් වශයෙන් ඉන්දියානු රජය විසින් ව්‍යවස්ථාපිත නීතියක්ද ස්ථාපිත කරනු ලැබීය. මෙය 1961 දී ඉදිරිපත් කරනු ලැබුවේ දෑවැදි තහනම් කිරීමේ පනත ලෙසිනි. දෑවැද්ද ලබා දීම ලබා ගැනීම හා ඒ සඳහා අනුබල දීම වරදක් ලෙස මේ පනතේ දක්වා ඇති අතර ඒ සඳහා දෙන ද`ඩුවමද විග‍්‍රහ කර ඇත.

තවද ගෘහස්ථ හිංසනයෙන් කාන්තාව ආරක්ෂා කිරීමට 2005 දී සම්මත වූ නීතිය මඟින් ද විධිවිධාන ගෙන ඇත. මේ ආකාරයට වර්තමානය වන විට කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම සිදුවන බව පැහැදිලිය.


එමෙන්ම වර්තමානයේ දී ඉන්දියාවේ හින්දු කාන්තාවට දේශපාලන නිදහසද හිමිව ඇත. එයට නිදසුන් වශයෙන් ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයට තේරී පත්වුණු පළමු හින්දු කාන්තාව වන 31 හැවිරිදි තුල්සි ගබාඩ් දැක්විය හැකිය. එපමණක් නොව දකුණු ඉන්දියාවේ දේශපාලන බලය ඉසිළු ජය ලලිතා ජයරාම්ද දේශපාලන වේදිකාවේ හ`ඩක් නැගු ප‍්‍රභල චරිතයකි. මෙකි නිදහස තුළින් පැහැදිලි වන්නේ  වර්තමානය වන විට ඉන්දියානු කාන්තාවට ජීව විද්‍යාත්මකව උරුම වු කාර්යන් හැරුණු විට සමාජයේ ඉහළ වරප‍්‍රසාදයන් උරුමව ඇති බවයි.මේ නිසා වර්තමානය වන විට පෙර පැවති සමාජ තත්වයන් වෙනස්ව ඇති බව පැහැදිලිය.

ගුලාබි ගැන්ග් සංවිධානය

2013දී නිකුත් කෙරුණු, ඉන්දියානු ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තා වලට අනුව 2013 වසරේ දී පමණක් වාර්තා වූ ලිංගික අපචාර සංඛ්‍යාව 24, 923ක්. වාර්තා නොවූ අපරධ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ විය හැකි බව ඔවුන් පවසනවා. ඊටත් අමතරව දිනපතා සිදුවන පැහැර ගැනීම, ඇසිඞ් ගැසීම්, පහරදීම්, සහ ඝාතනයන් සංඛ්‍යාව ද ඉතා ඉහළයි. ඉන්දියානු ආගම් සහ සංස්කෘතිය විසින් කාන්තාව පිරිමියාට වඩා ඉතා පහළ තැනකට ඇද දමා තිබෙන නිසාමත්, ඉන්දියාවේ ඈත ගම්මාන වල නූගත්කම සහ දුප්පත්කම ඉතාමත්ම ඉහළ නිසාත්, කාන්තාවන්ට පහරදිම සහ හිරිහැර කිරීම සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බවයි බොහොමයක් දෙනා විශ්වාස කරන්නේ.
මේ හේතුව නිසා ගිණිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් දිනපතා දුකට පැමිණේ. ඔවුන්ගේ පිහිටට නිර්මාණය වුණු තවත් එක් කාන්තා සංවිධානයක් ලෙසයි ගුලාබි ගැන්ග් පෙනී සිටින්නේ.

මිනිසුන්ට පහර දී, ප‍්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳීමට නොහැකි බවත්, නීතිය ඇත්තේ ඒ සඳහා බවත් ගුලාබි ගැන්ග් වලට එරෙහි වන බොහොමයක් දෙනා ඉදිරිපත් කරන තර්කයක්. කෙසේ නමුත් නීතියත් හරිහැටි ක‍්‍රියාත්මක නොවන, කාන්තාවන්ට එරෙහි හිංසනය නීතිය ක‍්‍රියාත්මක කරවන්නන් විසින්ම සාධාරණීකරණය කෙරෙන තත්ත්වයක දී කාන්තාවන් විසින් සිය ආරක්ෂාව උදෙසා පොලූ, මුගුරු අතට ගැනීමට දොස් පවරන්නට නම් කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැත.

Monday, July 31, 2017

ජූලි මාසයේ වැදගත් දින

ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
ජූලි 07 - ලෝක චොකලට් දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය
ජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය

ජූලි 17 -ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය
ජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනය
ජූලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
ජූලි 30 - නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය

මිථුන තරු රටාව ( Gemini Constellation )




Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ.

දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ  උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි. (උ.ගැ)

Monday, July 24, 2017

තනිකම

Image result for crying girl
මුවට ලංවෙලා කෙඳිරූ කලක්
මටත් තිබුණා සත්තමයි
නුවන් දැක සිනාසුනු සැටි
දුටුවා සුකොමළයි
අතීතය මතක් වී
සුසුම් නැගුණේ නොදැනිමයි
අද මං තනිවෙලා

සිතින් තැවෙනවා තනිකමයි

Monday, July 17, 2017

පැතුම

Related image
නොසිතු ලෙස නෙත ගැටුණු
 දඟකාර නුඹේ නෙත්
හදවතට හැඟුම් දුනි
සසරේ සුපුරුදු බවක්
දිනෙන් දින සෙ‍නෙහසින්
 එක් කෙරුනු අප දෙසිත්
සසර වසනාතුරුම

 රැදෙවා එක් සිතින්

Monday, July 10, 2017

විසඳුම් සොයමු...


















කසළ කසළ කසළ... අද සමාජයේ ඉන්න හැමදෙනාම නිරන්තරයෙන් කතා බහ කරන මාතෘකාවක් තමයි මේ කසළ..කොළඹ ප්‍රදේශයේ  මේ වන විට කසළ රැස්කිරීම යම් අඩාල තත්වයක පවතිනවා. ඊට හේතුව තමයි කසළ නිසි ලෙස බැහැර කරන්නට තැනක් නොතිබීම. මේ නිසා කොළඹ තැන් තැන්වල කසළ එකතු වී තිබෙනවා දිනපතා දකින්න පුළුවන්.

ඇත්තටම මේ කසළ ප්‍රශ්නය පිළිබඳව විසඳුම් සේවීමට නම් පළමුවෙන්ම ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතුය. මේ වන විට කෙරවලපිටිය ප්‍රදේශයේ කසල ප්‍රතිචක්ක්‍රීකරණය කිරීම ආරම්භ කර තිබුණද එය ඉතා ඉක්මනින් එකවර සිදුකළ හැකි කාර්යක් නොවේ. එයට හේතු තමයි එම කටයුත්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණවත්  නොවීම. කෙසේ වෙතත් මේ වන විටත් එහි වැඩකටයුතු සිද්ධ වෙමින් පවති. එහිදි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කසල නිසි ලෙස වර්ගකර බැහැර කිරීම කරන ලෙසයි. එවිට කාර්යක්ෂමව ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකිබව දක්වයි.

එහි කාර්ය මණ්ඩලය දක්වනුයේ කොළඔ අඩු පහසුකම් සහිත නිවෙස්වලින් මිනිසුන්ගේ වැසිකිලි අපද්‍රව්‍යද මෙම ස්ථානයට පැමිණෙන බවත් එවැනි අවස්ථාවලදී දැඩි අපහසුතාවන්ට ලක්වන බවයි. විශේෂයෙන්ම මහල් නිවාසවල වෙසෙන ජනතාවට සිය කසල බැහැර කිරිමට කිසිදු ස්ථානයක් නොමැති අතර නිසිපරිදි කසල බැහැරකිරීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.

කසල ප්‍රශ්නය තනි එක් පුද්ගලයෙකුට හෝ එක් ප්‍රදේශයකට පමණක් අපට සීමා කළ නොහැකිය. නුවරඑළිය,බදුල්ල,යාපනේ මේ කුමන දිස්ත්‍රික්කයක ගොවියෙකු වුවද කොළඹට එළවළු ප්‍රවාහනය කරන විට නිසි ලෙස ඇසුරුම් කරන්නේනම් අපතේ යන අාහාර ද්‍රව්‍ය ප්‍රමාණයද අවම කරගත හැකිය. අද සමාජයේ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වීමෙන් කසල බැහැර කරන ප්‍රමාණයද වැඩි වී ඇත. පෙර පැවති ත්තවයට වඩා සමාජය වෙනස් වී ඇත. මේ නිසා අප සමාජ ගැටළු දෙස නව මානයකින් බැලිය යුතුය.මීතොටමුල්ල ජනතාව පවසනුයේ තමන් කුණු කන්ද අසළ නිවාස ඉදිනොකළ බවත් තම නිවාස අභියස කුණු කන්දක් නිර්මාණය කළ බවත්ය. අැත්තටම එය සත්‍යකි.අප විසින්ම නිර්මාණය කළ දෙයකට ජීවීතෙන් වන්දි ගෙව්වේ තවත් පිරිසකි.

පවතින රජය විසින් කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගුකිරීම නොව ග්‍රාමීය ජනතාවගේ  සිට නිසිලෙස කසල බැහැර කිරීමට දැනුවත් භාවය ලබා දීමයි.ඒ සඳහා ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින්, නීතිරීති රෙගුලාසි ඇතිකළ යුතුය. දඬුවමට බියෙන් හෝ ජනතාව නිසි ලෙස කසල බැහැර කිරීමකට  යොමු වීමෙන්  කෙරවලපිටියේ පිහිටි ප්‍රතිචක්ක්‍රීකරණ ස්ථාන වැනි ස්ථාන පිහිටුවා මෙම කසල ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිය.ඒ සඳහා පූර්ණ වශයෙන් රජය මැදිහත්වීම පැවතිය යුතුය.

Sunday, July 2, 2017

සුන්දර සෙම්බුවත්ත විල









ශ්‍රී ලංකාව කියන්නේ පරිසර සුන්දරත්වයෙන් ඉතා ඉහළින්ම තියෙන රටක්. කඳු හෙල්,දිය ඇලි, වනාන්තර,මල්වතු විතරක් නෙවේ  තවත් සුන්දර තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන්ද මේ සුන්දරත්වය තවත් වැඩි කරනවා. බොහෝ දෙනෙක් කැමති තම විවේකය සුන්දර නිදහස් පරිසරයක ගත කරන්න. එවැනි ස්ථාන බොහෝමයක් අතරින් බොහෝදෙනෙකු ඇළුම් කරන ස්ථානයක් ලෙසින් සෙම්බුවත්ත හඳුනාගන්න පුළුවන්.

සෙම්බුවත්ත කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන විලක්. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම සුන්දර පරිසරයට පිවිසෙන්නෙකුට නුවර, උකුවෙල හන්දිය,ඇල්කඩුව හා හුණුගල පාර යන මාර්ග පසුකරමින් පැමිණ සෙම්බුවත්තට ළගා විය හැකිය. මෙම විල කෘතිමව නිර්මාණය කළද මෙහි ස්වභාව සෞන්දර්යය මනස්කාන්තය. සුන්දර කඳු පන්තිවලින් වට වී ඇල්කඩුව නම් වතුයායේ උසම ස්ථානයේ මෙම විල පිහිටා ඇත.මෙම විල නිර්මාණය කිරීමට පෙර මෙහි ගෝල්ෆ් පිටියක් තිබී ඇත. වර්තමානය වන විට මෙම විලෙහි ජලය භාවිතා කරමින් පහත් බිම්වල වැසියන් සඳහා විදුලිය ලබා දීමටද කටයුතු කර ඇත.

මෙහි ඇති පහසුකම් පිළිබඳ දැනුවත් වීමද ඉතා වැදගත්. මෙම විල අවට කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීමටත්, නාන තටාක පහසුකම්ද ලබා දී ඇත. මෙම පරිසරය නැරඹීමට යන්නේ නම් උස වාහනයක් භාවිතා කරන්නේ නම් පරිසර සුන්දරත්වය අපූරු ලෙසින් නැරඹීමේ හැකියාවක් ඇත. පොහෝ දිනයේ මෙම පරිසර භූමිය වසා ඇත.කෙසේ නමුත් පවුලේ සමාජිකයන් සමඟ  නිවාඩුවක් ගත කිරීමට සොදුරු නවාතැනක් ලෙස සෙම්බුවත්ත හඳුන්වන්න පුළුවන්.







Thursday, June 29, 2017

විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණික විශේෂ බහුලව දැකිය හැකිය-
සමනල විශේෂ
උභය ජීවි විශේෂ
මත්ස්‍ය විශේෂ
උරඟ විශේෂ
පක්ෂි විශේෂ
ක්ෂීරපායි විශේෂ
දිලීර හා බැක්ටීරියා විශේෂ


සමනල විශේෂ: ශ්‍රී ලංකාවේ දැකිය හැකි සමනල විශේෂ 65 ක් සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය- මෙයින් විශේෂ ගණනාවක් ශ්‍රී ලංකාවට ආවේණිකය- මේ අතරින් ලංකාවේ ලොකුම සමනල විශේෂය වන ක්‍දපපදබ ඉසරාඅසබට සිංහරාජයේ දක්නට ලැබීම වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරයි-

උභය ජීවි විශේෂ: ලංකාවට ආවේණික උභය ජීවි විශේෂ 28 ක් සිංහරාජ වනාන්තරය තුලින් වාර්ථා වී ඇත- මෙම උභය ජීවීන් මගින් සිංහරාජ වැසි වනාන්තරයේ උසස් පරිසර පද්ධතියක් නිර්මාණය කරයි- මෙම උභය ජීවී විශේෂ අතර මැඩි විශේෂ හා ගෙම්බන් බහුලව දැකිය හැකිය- මේ අතර ගස් ගෙම්බන්ගේ විවිධත්වය ඉතා උසස්ය-
 මත්ස්‍ය විශේෂ: ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 16 අතරින් විශේෂ 03 ක් සිංහරාජයේ ඇල දොල ආශ්‍රීතව දැකිය හැකිය- පොදුවේ ගත් කල මත්ස්‍ය විශේෂ 11 සිංහරාජයේ වාසස්ථාන කරගෙන ඇත-  ආවේණික මත්ස්‍ය විශේෂ අතරින් පුලුට්ටා, මගුරා, ගල්පාඬියා, කදුකර අභිරාවා, බහුලව දැකිය හැකිය-
 උරඟ විශේෂ: ශ්‍රී ලංකාවට ආවේණික උරඟ විශේෂ 45 න් විශේෂ 21 සිංහරාජයේ  දැකිය හැකිය- මෙම ගණයට සර්පයන්, කටුස්සන්, ඉදිබුවන් හා හිකනලුන් විශේෂ ගණනාවන් අයත් වේ- මෙයින් සර්ප විශේෂ අතරින් විෂ අධික දැනට ලංකාවෙන් වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති කුරුන් කරවලා සිංහරාජ පරිසර පද්ධතිය තුල දැකිය හැකිය-

පලාපොළගා



පක්ෂි විශේෂ: සිංහරාජ වනාන්තරය තුල පක්ෂි විශේෂ 147 ක් පමණ දක්නට ලැබේ- මෙයින් ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 න් 32 සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මෙම පක්ෂි විශේෂ වනාන්තරය තුල ජීවත් වීම මගින් වැසි වනාන්තර පද්ධතිය, ආකර්ශනීය සංචාරක පරිසර කලාපයක් ලෙසට පත්ව ඇත- මෙම පක්ෂි විශේෂ අතර 13%ක් පර්යටනද 18% ක් ඝණ වනාන්තරයේ (සංචාරක නොවන පක්ෂීන්)ද 36% වනාන්තරය තුල හා පිටස්තර වාසස්ථාන වලද 10% වනාන්තර සීමාවේ ගම්බද ගෙවතු ආශ්‍රිතව ද දැකිය හැකිය- මෙම පක්ෂීන්ගෙන් 57% අඩු දුර්ලබ ගහන ඝනත්වයක් පෙන්වයි- ඔවුන් අතර වතරතු මල් කොහා, අළු දෙමලිච්චා, හිස සුදු මයිනා, බට ඇටි කුකුළා, කැහිබෙල්ලා, ගෙඹිකට බස්සා හා පඩුවන් බස්සා දැක්විය හැකිය-







ක්ෂීරපායි විශේෂ: බොහෝ වනාන්තරවල මෙන් සිංහරාජ වැසි වනාන්තරයේ විශාල ක්ෂීරපායි සතුන් දැකිය හැකිය- ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් අතරින් විශේෂ 40 ක් පමණ සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මේ අතරින්  ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායින් විශේෂ 12 න් 08 ක් සිංහරාජයෙන් වාර්ථා වී ඇත- ඒ අතර අලියා, ගෝනා, ඕලු මුවා, මී මින්නා, වල් ඌරා, හදුන් දිවියා, වල් බළලා, රිලවා  විශේෂ වේ-
 දිලීර හා බැක්ටීරියා විශේෂ: විශාල ශාක ඝණත්වයකින් යුතු සිංහරාජ වනාන්තරයේ පෝෂක ගබඩාව ලෙස සමශීතෝෂ්ණ වනාන්තරයෙහි දිරාපත්වන ශාක හා සත්ව කොටස් මගින් නිකුත් කරනු ලබන පෝෂක පසෙහි රැස්කර තබා ගැනීම සදහා විශාල කාර්යයක් සිදු කරයි- මොවුන් අතර දිලීර හා බැක්ටීරියා ප්‍රමුඛත්වයක් ගනී- පෝෂක චක්‍රීකරණය හා කාබනික ද්‍රව්‍ය ජීර්ණයට ප්‍රධාන වශයෙන් දායක වේ- සිංහරාජය තුල ක්ෂුද්‍ර දිලීර 35 ක් ඇති බවට අනාවරණය වී ඇත- මෙයින් ප්‍රධාන වශයෙන්  ඔරසජයදාරප් ය්ර‘සබමප හා ඡැබසජසකකසමප ිසපචකසජසිසපමප වේ- සිංහරාජයේ වාර්ථා වී ඇති දිලීර විශේෂ කිහිපයක් ලෙස ක්‍සජජසබැකක් ිසපචකැංල ඵමජදර යසැප්කසිල ඵදරඑසැරුකක් ර්පප්බස්බ්ග

ගෝනා

Saturday, June 24, 2017

ජාත්‍යන්තරයට ගිය සිංහල වචන

අපේ මව් භාෂාව සිංහල භෂාවයි. සිංහල භාෂාව ඉගෙන ගැනීම අනෙක් භාෂාවන් ඉගෙනුමටත් වඩා අපහසුයි.කොහොම වුණත් අපේ මව් භාෂාව ජාත්‍යන්තරයේ ද භාවිතා වන අවස්ථා නැතුවාම  නොවේ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියන්නේ ජාත්‍යන්තරයම පිළිගත් ශබ්ද කෝෂයක්. මේ ශබ්දකෝෂයේ ඉංග්‍රීසි භාෂාවට ඇතුළත්ව තිබෙන සිංහල වචන කිහිපයක්ම හඳුනගන්න පුළුවන්.

1.Aiyo

සිංහල භාෂාවේ දී වගේම ඉංග්‍රීසී භාෂාවේ දී කරදරයක් ඇති වීම, කණගාටුවක් ඇතිවීම යන අරුතින් මෙය භාවිතා වෙනවා. මේ වචනය මුලින්ම සඳහන් වෙනනේ 19 වන සියවසේ අග  භාගයේ ලියැ වී ඇති  chambers's journal of popular literature යන කෘතියේ බව ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ සඳහන් වෙනවා.

2. Aiya

වැඩිහිටි සහෝදරයින් ඇමතීමට මෙම වචනය භාෂා දෙකේදීම භාවිතා කරයි.

3.Bo tree/ Bodhi tree

බෝ ගස, බෝධි වෘක්ෂය යන සිංහල වචන අනුසාරයෙන් Bo tree/ Bodhi tree යන වචන ඉංග්‍රීසී භාෂාවට එක්  වීඇත.

4. Anaconda

සිංහල භාෂාවේ සිටින "හෙනකඳයා"  නම් සත්වයා නිසාවෙන් මෙය ඉංග්‍රීසී භාෂාවට එක් වී ඇති බව ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ සඳහන් වෙනවා.

5.Pothos

මේ වචනයට මූලාශ්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේණික පෝටා වැලයි. ලංකාවේ  බෙහෙත් ශාකයක් ලෙස මෙය භාවිතා කරයි.

6.Asweddumaization

අස්වැද්දීම නම් සිංහල වචනය මෙයට පාදක වී ඇත.

මෙම වචනවලට අමතරව,
   
       7.Nelumbo
       8.Tourmaline
       9.Wanderoo 
      10.Pansala
යන වචනද ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ සඳහන් වෙනවා. 



Sunday, June 18, 2017

දේශීය නිෂ්පාදනයට දායකවන බිම්මල් වගාව



ශ්‍රී ලංකාවේ වගාකරුවන් යොමු වී ඇති තවත් පැතිකඩක් ලෙස බිම්මල් වගාව දැක්විය හැකිය. ස්වයං ව්‍යාපාරයක් ලෙස දේශීය නිෂ්පාදනයට දායකවන මෙම බිම්මල් වගාව 1980 දී පමණ කර්මාන්තයක් ලෙස ආරම්භ වී ඇත. එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග වැනි ආහාර වර්ගවලට හාත්පසින් වෙනස් වූ  ආහාරයක් ලෙස බිම්මල් දැක්විය හැකිය.
බිම්මල් යනු දිලීර වර්ගයකි. දිලීර අයත්වන්නේ ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයටය. ශාක වර්ගීකරණයේ දී බිම්මල් මෙම ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයට ඇතුළත් කර ඇත. දිලීරවල ශාක දේහය මුල්, කඳ, පත්‍ර ආදි ලෙස වෙන් කළ නොහැකිය. දිරායන ගස් කදන්වල ජීවත්වන මෙම දිලීරය මෘතෝපජීවි වේ. එනම් හරිතප්‍රද අඩංගු  නොවන නිසා ප්‍රභාසංස්ලේෂණයෙන්  හරිත ශාකවලට මෙන් ආහාර පිළියෙල කළ නොහැකි වීමයි.  විශාල සංඛ්‍යාවක් පවතින  දිලීර අතරින් බැසිඩියෝමයිසිටිස් නැමති දිලීර වර්ගයට අයත් වේ.
දේශීය වශයෙන් ආහාරයට ගනු ලබන බිම්මල් වර්ග ගණනාවක් පවති. මාවැලි හතු, හීන්වැලි හතු, ඉදලෝළු, කොටන් බිම්මල්, හුඩස් බිම්මල්, කුට්ටන් බිම්මල්, ලේන්පහුරු, මොණර බිම්මල් ආදි ලෙස දැක්විය හැකිය.
බිම්මල් හෙවත් හතුවල පෝෂණීය ගුණය ඉහළ අගයක් ගනී. බිම්මල් ප්‍රෝටීන් බහුල ආහාරයකි. සාමාන්‍ය මස් මාංශවලින් තරම්ම ප්‍රෝටීන් ප්‍රමාණයක් නොලැබුනද මෙහි එක් විශේෂත්වයක් ඇත. එනම් මස් මාංශ හේතුවෙන් සිරුරේ කොලොස්ටරෝල් නාශකයක් අඩංගුව ඇත. අමු බිම්මල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය කොටස් ප්‍රමාණය පහත පරිදිය.
ජලය    ග්‍රෑම් 91-0
ප්‍රෝටීන්  ග්‍රෑම් 2.5
මේදය    මිලිග්‍රෑම් 0.3
කැල්සියම් 20
යකඩ     මිලිග්‍රෑම් 1-0
තයමින්    මයික්‍රෝග්‍රෑම් 120
විටමින් සී මිලිග්‍රෑම් 3.0
මෙයට අමතරව බිම්මල් ආහාරයට ගැනීම නිසා,
ප්‍රතිදේහ නිපදවීම
ආසාත්මිකතාව වැළැක්වීම
සම නිරෝගි කිරීම
තුවාල ඉක්මනින් සුවකිරීම
ආදී යහපත් සෞඛ්‍ය තත්වයන් ළගාකර ගතහැකිය. මේ නිසාවෙන් ඉන්දියානුවන්  බිම්මල් යනු දිව්‍යමය ආහාරයක් ලෙස දක්වයි.
බිම්මල් වගා කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් ලෙස ලී කුඩු මාධ්‍යයේ වගා කිරීම සහ පිදූරු මාධ්‍යයේ වගා කිරීම දැක්විය හැකිය. බිම්මල් වගාව ආශ්‍රිත වගාකරුවන්ට පවතින ප්‍රධාන ගැටලු වනුයේ බිම්මල් බීජ ලබා ගැනීමට නිසි ස්ථාන නොවීමත් කෘමි උවදූරින් තම වගාව බේරා ගැනීමත්ය. කෝදුරු පවුලට අයත් මැස්සන් හා මයිටාවන් ද බිම්මල් වගාවට හානි කරයි.
ලාංකීය සමාජයේ බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම වගා ක්‍රමය යටතේ සිය ජීවිතය සරුකර ගැනීමට උත්සහ ගනිති. දැනට බිම්මල් කිලෝග්‍රෑම් 1ක මිල රු.120ක් පමණ වේ. සතියට බිම්මල් කිලෝග්‍රෑම් 50ක් පමණ නෙලාගත හැකිනම් සතියක ආදායම රු.6000ක් පමණ වේ. මේ අනුව මාසික ආදායම රු.24,000ක් පමණ වේ.එබැවින් අඩු ප්‍රාග්ධනයක් යොදා වැඩිලාභයක් ලබාගත හැකි ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස බිම්මල් වගාව හදුන්වා දිය හැකිය.
බිම්මල් වගා කිරීම පමණක් නොව ඒ ආශ්‍රිත නව කෑම පිළියෙල කොට දේශීය විදේශිය වෙළදපලට බෙදාහැරීමට වර්තමානයේ බොහෝදෙනා යොමු වී ඇත.
බිම්මල් පාන්
බිම්මල් සුප්
        බිම්මල් බුරියානි
බිම්මල් ඔම්ලට් ආදි ආහාර සදහා අද වෙළදපලේ වැඩි ඉල්ලුමක් පවති.
නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දේශීය ආහාර රටාව ද වෙනස් කරගැනීමට ලක්වැසියන්  හුරු වී ඇත. අතීතයේ ගෙවත්තේ සිය ගෙවත්තෙන් නෙලාගත්  පිරිසිදු එළවළු පලතුරු පරිභෝජනය කරන්නට විය. දේශීය බිම්මල් වගාවද ඒ ආකාරයෙන්ම ගෙවතු වගාවක් ලෙසින් සිදුකිරීමට හැකියාවක් පවති. ස්වයං ව්‍යාපාරයක් ලෙස දේශීය නිෂ්පාදනයට දායක වන මෙම බිම්මල් වගාව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක් කරගත හැකිය.

Wednesday, June 14, 2017

ජීවිතය













ජීවිතය කියන්නේ පුදුම දෙයක්.තමන්ට තමන්ගේ ජීවිතේ අන් සැමට වඩා වටිනවා. අද බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ ගැන පමණක් හිතලා වැඩ කරන්නේ. සමාජේ ජීවත්වෙද්දි තමන්ගේ ජීවිතේ වගේම අනෙකාගේ ජීවිතය ගැනත් අපි සිතිය යුතුයි. ස්ත්‍රී දුෂණ, ළමා අතවර අද සමාජේ වැඩිවශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ අනෙකාගේ ජීවිතය ගැන නොසිතා තම තෘප්තිය ගැන පමණක් සිතා කටයුතු කරන නිසයි. ලොව පවතින සියලු ආගම් තුළ ජිවිතය අර්ථවත් කර ගැනුමට විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණ ද වර්තමානයේ එකි කරුණු පිළිබඳ කිසිවෙකුත් අවධානයක් යොමු කරන්නේ නැත. බුදු දහමේ මානව ජීවිතය අර්ථවත් කිරීමට  ඉදිරිපත් කළ වැදගත් ප්‍රතිපදාවක් ලෙසින් පංචශීලය දැක්විය හැක. සමාජේ ජීවත්වන සියලු මානවයින් මෙම ප්‍රත්පදාවට අනුව ජීවත්වන්නේ නම් අද පවතින සමාජයද පාරිශුද්ධ වනු නියතය. අතීතයේ පුරුෂයින් කාන්තාවගේ සුන්දරත්වය වර්ණනා කළේ කිසිදු ලිංගික තෘප්තියක් ලැබීමට නොවේ. එදවස පැවති වර්ණනය අද ද සාහිත්‍ය තුළ භාවිත වනුයේ කාන්තාවගේ සුන්දරත්වය ලෙසින්මය. නමුත් මෙරට බටහිරකරණය වීමත් සමග මානවයා සිතනපතන ආකාරයද වෙනස් වන්නට විය. මේ නිසාවෙන් මෙතෙක් කාන්තාව දෙස සුන්දරත්වයෙන් බැලූ යුගය අවසන් කරමින් තම කාමුක හැඟීම් මුදුන් පමුණුවා ගන්නා එක්තරා භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත..තම තෘප්තිය වෙනුවෙන් තවත් ජීවිතයක් විනාශ කිරීමට මිනිසා පුරුදුව ඇත.
අප අලුතින් සිතිය යුතු යුගය පැමිණ ඇත. ජීවිතයට අරුතක් දීමට නම් අනෙකාට ගරු කිරීමට, අනෙකා ගැන සිතීමට තමන් උපමාකොට සැම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම යන පුරුදු අප පුහුණු කළ යුතුය. එවිට ව්‍යාකූල වූ සමාජ පරිසරයෙන් මිදී ජීවිතයට අරුතක් සෙවීමට අපට හැකිය.

Tuesday, June 13, 2017

අඟුටුමිටි පුද්ගලයින් බිහිවන්නේ ඇයි?



ඔබ දැක ඇති සමාජයේ යම් පුද්ගලයන් අසාමාන්‍ය මිටිභාවයකින් යුක්ත බව. මිනිස් සිරුරේ වර්ධනය පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වන වර්ධක හෝමෝන මඟිනි. ළමා කාලයේ දී මෙම හෝමෝන අඩුවෙන් ස්‍රවය වීම නිසා එම පුද්ගලයා සාමාන්‍ය ප්‍රමාණයට වර්ධනය නොවේ.

  • නිසිලෙස අස්ථි වර්ධනය නොවීම
  • දේහ ප්‍රෝටීන් නිසි පරිදි නොසෑදීම
  • නිසි ලෙස පටක වර්ධනය නොවීම
යන කරුණු නිසා අඟුටු බව ඇති වේ. මෙම පුද්ගලයින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත්තද අඟුටුමිටි ස්වභාවය වෙනසක් නොවේ. මෙවැනි පුද්ගලයින්ට සමාජය තුළදී වෙනස්කමක් නොදැක්විය යුතුය.

Wednesday, June 7, 2017

පරිසර දූෂණයෙන් මිදෙමු...




ඓතිහාසික උරුමකමින් යුත් ගංගා,දිය ඇලි,සුන්දර වනපෙත්වලින් සමන්විත වු කුඩා රටක් ලෙස එදා සිට අද දක්වා ලංකාව නම් දරා ඇත. මෙරට පවතින සුන්දරත්වය පිළිබද සැලකීමේ දී රට අභ්‍යන්තරය තුළ විවිධ දේශගුණික පරිසර තත්වයන්ගෙන් යුක්ත වීම, විවිධ ශාක ප්‍රජාවන්ගෙන් සමන්විත වීම, අපා දෙපා සිව්පා යනාදී විවිධ වර්ගයේ දුර්ලභ සත්වයින් දැකගත හැකි වීම,මහා සමුදුර  සේ දිස්වන වැව් පිහිටා තීබීම ආදී සුන්දරත්වයන් ඉදිරිපත් කළ හැකිය. බොහෝ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ඇදී එන්නේ මෙම සුන්දරත්වය නිසාවෙන්මය.

අප රටේ මෙතරම් ස්වභාව සෞන්දර්යය අතින් අනූන වූවත් ශ්‍රී ලාංකිකයින්ට එය අගේ නොවන්නේ මන්ද යන පැනය මතුවන්නේ ඔවුන් පරිසරයට 

සිදු කරන හානිය නිසාවෙනි.ප්‍රධාන වශයෙන්ම
ජල දූෂණය
වායු දූෂණය
ගොඩබිම දූෂණය
වනාන්තර හා සතුන්ට සිදුකරන හානිය
යනාදි ලෙසින් මෙම පරිසර දුෂණය වර්ග කොට දැක්විය හැකිය.

මානවයාට සිය ජීවිකාව ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජලය දැක්වීමට පුළුවන.නමුත් මින්සා විසින්ම පිරිසිදු ජලය දූෂණය කරගනී. ඊට හේතු ලෙස




  1. කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම.
  2. කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම.
  3. සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම.
  4. කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.
  5. තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය.
  6. පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය.
  7. හදිසි අනතුරු නිසා වන ජල දූෂණය
  8. රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය.
  9. කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම. 
දැක්විය හැකිය.මේ නිසා ලංකාව තුළ බොහෝ වකුගඩු රෝගීන් ප්‍රමාණයක් සිටින අතර සෞඛ්‍ය ගැටළු රැසක් මත්‍ර වී ඇත.

එමෙන්ම ගොඩබිම දූෂණයද වර්තමානයේ ප්‍රබල ගැටළුවක් වී ඇත. විශේෂ උත්සව අවස්ථාවලදී ගොඩබිම දූෂණය වැඩි වශයෙන් සිදු වේ.පස දූෂණය වීම සඳහා බලපාන  හේතු ලෙසින්,

  1. පසේ ලවණතාවය වෙනස් වීම
  2. දිරා නොවන කොටස් පසට එකතු වීම
උදා-පොලිතීන්,ප්ලාස්ටික්
  1. විෂ රසායන පසේ එක්රැස් වීම
  2. පසේ ජල පරිමාව වෙනස් වීම
  3. පාංශු ඛාදනය
  4. අපද්‍රව්‍ය එකතු වීම
  5. කැටායන හුවමාරුව බිඳ වැටීම දැක්විය හැකිය.
මේ ලෙසින් මිනිසා විසින් ගොඩබිමත් ජලයත් දූෂණය කිරීමෙන් නිරායාසයෙන්ම වායුවත්, වනාන්තරත්.වන සතුන්ද විනාශයට පත් වේ.

බොහෝ මිනිසුන් තම නිවසේ අපද්‍රව්‍යන් ද මහ හග දමා යාමට පුරුදු වී සිටී. තම නිවසේ දීම නිසි ලෙස කසළ බැහැර කරන්නේ නම් පරිසර දූෂණය අවම කර ගැනීමේ හැකියාව් පවතී. මෙකී පරිසර දූෂණය නිසාවෙන් මිනිසාගේ සෞඛ්‍ය තත්වයේ බිඳවැටීමක්ද සිදුවන අතර රෝගී වූ සමාජයක් නිරායාසයෙන් නිර්මාණය වේ. මේ නිසා අප කළ යුත්තේ බුදු දහමේ දක්වන පරිදි පරිසරය කෙරෙහි සහසික නොවි ප්‍රයෝජන ගැනීමයි. එමෙන්ම බුදු දහමේ  ජෛව විවිධත්වය ඇති කරලීම සඳහා පංචශිල ප්‍රතිපත්තිවල පළමු සික්‍ෂා පදයෙන් අවධාරණය කරනු ලබන්නේ ප්‍රාණඝාතයෙන් වැලකිම වැදගත් බව දක්වයි. මෙහි කරුණු කිපයක් අන්තර්ගතය.
  • සියලුම ජිවින් විනාශ කිරීමෙන් වැලකීම
  • ජිවින් විනාශ කිරීමට හේතුවන අවි අයුධ බැහැර කිරීම
  • සියලු සත්වයන් කෙරෙහි හිතානු කමිපිත වීම
  • සියලුම සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්ත වීම
සමිබේ සත්තා භවන්තු සුඛි සත්තා යන විශ්ව මෛත්‍රී සංකල්පය යටතේ සියලුම ජිවින්ගේ පැවැත්ම අවධාරණය කෙරේ.මෙ ආකාරයට සියළු ජීවීන්ගේ පැවැත්ම උදෙසා පරිසරය දූෂණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.

Tuesday, June 6, 2017

මහින්දාගමනය



ලක්වාසි බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිමකළ නොහැකි සුවහසක් සැදැහැවතුන් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරන්නා වූ උතුම්කාල වකවානුවක් ලෙස පින්බර ‍ පොසොන් පොහොය දැක්විය හැකිය. වෙසක් පොහොය දිනයේදි ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්ලොවටම අසීමිත සුවයක්, සැනසුමක් ගෙන ඒමට මග පෙන්වු අතර පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන් වෙත නිමල බුදු දහමේ ආලෝකය ලැබුණු දිනය ලෙස හැදින්විය හැක. එනම් පොසොන් දිනය ශ්‍රී ලාංකීකයන්ට ම ආවේණික වූ වැදගත් දිනයක් ලෙස දැක්විය හැකිය. න

බුද්ධ වර්ෂ 236 වැන්නේ නිමල බුදු දහම රැගෙන මිහිදු මහරහතන් වහන්සේ, ඉත්ථිය,උත්තිය,සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස්නමත් ,සුමන සාමණේරයන් වහන්සේත් අනාගාමි,භණ්ඩුක උපාසකතුමාත් යන දූත පිරිස අනුරාධපුරට වැඩම කරනු ලැබීය. එකල ලක්දිව රාජ්‍ය පාලනය කළේ දෙවන පෑතිස් රජුය.

එ් වන විට ලංකාවේ පැවතියේ මිත්‍යා දෘෂ්ටික ඇදහීම් රටාවකි. හිරු  සදු වන්දනාව, ගස් ගල් වන්දනාව ආදි මිත්‍යදෘෂ්ටික ආගමික විශ්වාස මත පදනම්ව ජීවිකාව ගෙන ගියහ. මිහිදු හිමි ලංකාවට වැඩමකිරීමෙන් පසු පංචශීල ප්‍රතිපදාවෙහි රජු ඇතුළු පිරිස පිහිටු වීමේන් අර්ථාන්විත ජිවින ප්‍රතිපදාවක් ඇති  කරනු ලැබීය.
පරපණ නැසීම
අන්සතු දේ ගැනීම
අනාචාරයේ හැසීරීම
බොරු කීම
මත් පැන් පානය
යනාදී අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ජීවත් වීමට උන්වහන්සේ අපිට හුරු කරවන ලදී. මෙතෙක් පැවති අනාචාරී ජිවිතය සාරවත් කරලීමට මිහිදු හිමිගේ ආගමනය බෙහෙවින් බලපාන ලදී. ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පයත් සමග අවිහිංසාවාදි ප්‍රතිපදාවට සිංහල ජනතාව එකල හුරු වූයේ බුදු දහමේ  ආභාසයත් සමගිනි.

Wednesday, May 24, 2017

පාරමිතාව


ගෙවා බොහෝ කාලයක්
නොදැනීම සිතට ළංවුණ
දඟකාර ඔබේ දෑස
දිවා රෑ සොයනවා
ආදරෙන් රැකගන්න..........

Tuesday, May 23, 2017

ස්නේහයේ පහස








දරය කරුණාව පිරි
ඔබේ දෑස
දිනෙන් දින වියැකුනේ
මා නිසාවෙන් නොවෙද
දිරි දූන්න 
ඔබේ දෑත 
සෙමින් වෙව්ලුම් දූන්නේ
මා නිසාවෙන් නොවෙද
රැජිනක්ව මා අභියස
දිවි කතරේ මග කියා 
මා රැජිනක් කරන්නට
මගේ ලොවේ සිටි 
එකම රැජිනිය
ඔබම පමණක් නොවෙද

Monday, May 1, 2017

සිගරට් කර්මාන්තයේ සැබෑ තතු

 
මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වර්තමානයේ බොහෝදෙනාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා රජය මගින් ද විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමද සිදුකර ඇත. මෙම මත්ද්‍රව්‍ය අතරට ගැනෙන සිගරට් භාවිතය පිළිබඳව අවධානය යොමු කරමින් සිගරට් භාවිතය අවම කිරීම සඳහා විවිධ පියවර ගැනීමට බොහෝ සංවිධාන ඒකරාශී වී සිටි.

සිගරට් කර්මාන්තය ආශ්‍රිත දුම්කොළ භාවිතය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇතිකරගත් ගිවිසුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥාප්ති ව්‍යුහය (ECTC)  දැක්විය හැකිය. මෙය 2003 වර්ෂයේ මැයි මස පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 56වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේ දී සම්මතකරගන්නා ලදී.මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මත කරන ලද ප්‍රථම ගෝලීය මහජන සෞඛ්‍ය ගිවිසුමයි. මෙම ගිවිසුම 2005 වසරේ පෙබරවාරී සිට බලාත්මක වූ අතර 2017 වසර වන විට මෙම ගිවිසුමට එකග වී ඇති රටවල් ගණන 180 කි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තැබූ ලොව සිව්වන රට වන අතර ප්‍රථම ආසියාතික රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. මෙම ප්‍රඥප්තියේ 5.3 වගන්තිය දුම්කොළ ව්‍යාපාරයට අදාළ වැදගත්ම වගන්තිය ලෙස දැක්විය හැකිය. එමෙන්ම දුම්කොළ කර්මාන්තය හා එහි යථාර්ථය සමාජගත කිරීමට මෙරට පිහිටුවා ඇති ආයතනයක් ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය - Center for combating tobacco  දැක්විය හැකිය. මේ සදහා
NATA -    මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීය
ADIS -    මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
SLMA-    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
යන ආයතන රැසක් සහයෝගය දක්වනු ලබයි.

මෙවැනි ජාත්‍යන්තර, ජාතික නීති විධිවිධානයන් පැවතියත් දුම්කොළ කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට කර්මාන්ත හිමියන් කටයුතු කරති. පසුගිය වසරේ අප රටේ සිගරට් බදු වැඩිකිරීම මගින් සාමාන්‍ය සිගරට්ටුවක මිල රු.50ක් දක්වා ඉහළට නැංවීමට රජය කටයුතු කරනු ලැබීය. ඒ සමගම සිගරට් සමාගම් හිමියන් විසින් තම ලාභය පවත්වා ගැනීම සඳහා විවිධ වූ සාවද්‍ය මත සමාජගත කරන්නට විය. එහිදී,
    සිගරට් මිල වැඩිවීම නිසා සිගරට් භාවිතයේ සිටි පිරිස බීඩි භාවිතයට යොමුව ඇති බවත්
    හොර සිගරට් ජාවාරමක් ආරම්භ වී ඇති බවත්
    සිගරට් මිල වැඩි වීම නිසා රජයට බදු ආදායම් අහිමි වී ඇති බවත්
යන සාවද්‍ය මතයන් මෙම සමාගම් විසින් ඉදිරිපත් කරයි.

දුම්කොළ කර්මාන්තය විසින් ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම සිගරට් නීතිගත, නවීන භාණ්ඩයක් ලෙස සමාජගත කිරීමට උත්සහ ගෙන ඇත. සංවර්ධනයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන විෂම සමාගමක් ලෙස දුම්කොළ කර්මාන්තය හැඳින්වීමට පුළුවන. සිගරට් මිල එකවර ඉහළ අගයකට යොමු වූවත් බීඩි වැනි මිල අඩු සිගරට් මිලදී ගැනීමට පාරිභෝගිකයා එකවර යොමුවන්නේ නැත. සිගරට් භාවිතා කරන්නන් හට මිල මගින් එවන් බලපෑමක් සිදුවන්නේ නම් සිගරට් සමාගම විසින්ම නිෂ්පාදනය කරන මිල අඩු සිගරට් වර්ග සඳහා යොමු වීමට හැකිය. එමෙන්ම එවැනි මිල අඩු සිගරට් වැඩි වශයෙන් වෙළඳපලට නිකුත් කිරීමේ අවස්ථාවන් සිගරට් සමාගම්වලට නිරායාසයෙන් හිමි වේ.

එමෙන්ම හොර සිගරට් සම්බන්ධ සිද්ධීන් වඩාත් උළුප්පා පෙන්වීම තුළින් ප්‍රතිපත්ති සම්පාදකයන් නොමග යැවීමට සිගරට් සමාගම් විසින් උත්සහ කරයි. එමෙන්ම රජයට ලැබෙන බදු ආදායම් ප්‍රමාණය පහළ වැටෙන බවද මෙම සමාගම් විසින් දක්වයි. කෙසේ වෙතත් 2015 බිලියන 80ක ආදායමකුත් 2016 වසරේ බිලියන 90ක ආදායමකුත් ලබා ඇත. වසරින් වසර ආදායම මිල කෙතරම් ඉහළ ගියද බදු ආදායමේ පහළ වැටීමක්  සිදු නොවන බවත් රජයේ සියලු ආදායම් සිගරට් කර්මාන්තයෙන් පමණක් ලබා නොගන්නා බවත් අප සැම සිහිතබා ගත යුතුය. මේ නිසා සිගරට් කර්මාන්තවලින් අසත්‍ය පතුරවමින් රට තුළ සිගරට් වෙළඳාම ඉහළ නැංවීමට උත්සහ ගන්නා මෙම අවස්ථාවේ එයට එරෙහිව නිවැරදි සත්‍ය තොරතුරු මාධ්‍ය විසින් ජනතාගත කිරීමත් කළ යුතුය.



Sunday, April 30, 2017

ලෝක කම්කරු දිනය


ලෝක කම්කරුවන්ගේ දිනය ලෙසින් සැලකෙන්නේ මැයි පළමුවැනිදාය. මෙම දිනය බොහෝදෙනා වැඩකරන ජනතාවගේ දිනය ලෙසින්ද නම් කරනුයේ ඔවුනට වටිනාකමක් නැතහොත් වැඩකරන කම්කරු ජනතාවක් ද සිටින බව ලොවට පසක් කර දීමටය.

ලෝක කම්කරුවන්ගේ දිනයේ ඉතිහාසය පිළිබඳ සැලකීමේ දී එය ආරම්භ වී ඇත්තේ 1886 වර්ෂයේ ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේදීය. මැයි දිනයේ ආරම්භය සඳහා විශේෂ සිදුවීමක් පාදක වී ඇති බව එහි ඉතිහාසය විමසීමෙන් පැහැදිලිය.ඇමරිකාවේ වැඩකරන ජනතාව පැය 8ක වැඩමුරයක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණය පාදක කර ගනිමින් මෙහි ආරම්භය සිදු වී ඇත. ඇමරිකාවේ චිකාගෝ කර්මාන්ත ශාලාවේ සේවකයන් මෙම උද්ඝෝෂණය සිදු කිරීමත් එමනිසා කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග තත්ත්වය උණුසුම් විය. කර්මාන්ත ශාලා හිමියන්ට එරෙහිව දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩිපහරින් කම්කරුවන් කිහිපදෙනෙකු මියයාමත් විශාල පිරිසක් තුවාල ලැබීමත් නිසා ලොවම කතාබහට ලක් වූ සිද්ධියක් බවට මෙය පත්විය. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් පොලිස් නිලධාරීන් කම්කරු නායකයින් අත්අඩංගුවට ගැනීමත් දඬුවම් ලබා දීමත් සිදුකරන්නට විය.

මෙම අරගලය පිළිබඳ තොරතුරු ව්‍යාප්ත වීමත් සමග ලෝකය පුරා පැතිරී සිටි කම්කරුවන් මෙම සිද්ධියට එරෙහිව නැගීසිටින්නට විය. ඒ අනුව 1889 ජුනි මස පැරිස් නුවරදී පෙඞ්ඩි්‍රක් ඒංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේ දී චිකාගෝ නුවර දී ඇති වූ සිදුවීමෙන් මියගිය කම්කරුවන් සිහි කිරීමට මැයි පළමුවැනිදා යොදාගනු ලැබීය. ප්‍රථමවරට මැයි දිනය සමරන ලද්දේ 1890 වර්ෂයේ දීය. ප්‍රංශ නියෝජිත ලැව්ටනි විසින් කම්කරුවන් එක්සත්ව ක්‍රියාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව පිළිගැනීමත් සමග මැයි දිනයේ ආරම්භය සනිටුහන් විය.ලේ හෙලු ජනතාව සිහි ගැන්වීමට රක්ත වර්ණය මැයි දිනය වර්ණවත් කිරීමට යොදා ගනී.

ලංකාවේ මැයි දින සැමරුම 1926 වර්ෂයේ , ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත. එකල මැයි දිනය , මැයි පෙරහැරක් පවත්වා වැඩකරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දීම සිදු වී ඇත. එකල මැයි දිනය මත්පැන් පානයෙන් තොර විනයගරුක කම්කරු  උළෙලක් විය. මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වුයේ බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පැවති යුගයේ දීය. ඒ වන විට කම්කරු ඇමතිවරයා වූයේ ටී.බී ඉලංගරත්න මහතාය.

මෙලෙස ඇරඹී ලාංකේය කම්කරු ව්‍යාපාරය 1947 වන විට ඉතා බලසම්පන්න ව්‍යාපාරයක් බවට පත් විය. පසුකාලීනව රක්ත වර්ණයෙන් දිදුලු මැයි දිනය දේශපාලන උවමනාවන් සඳහා යොදා ගන්නා දිනයක් බවට පත් වී ඇත. නිල් කොළ වර්ණයන්ගෙන් සැරසුණු පෙළපාලීවලින් මැයි දිනය වර්ණවත් වීම වර්තමානයේ දී දැකගත හැකිය. ජාත්‍යන්තර මැයි දිනයේ අරමුණ වූ එක්සත්ව ක්‍රියාකරන කම්කරුවන් පිරිසක් මෙරට මැයි දිනයේ දී හඳූනාගැනීමට නොහැකි වනුයේ දේශපාලන බෙදීම් මත මැයි දිනය සැමරීම නිසාවෙනි. එමනිසාවෙන් ම විනයගරුක මැයි දිනයක් මුල් යුගයෙන් පසු පැවැත්වීමට ලාංකික වැඩකරන ජනතාව අපොහොසත් වී ඇත. කම්කරු දිනය සැමරීමේ දී එදා හේමාට් විප්ලවයේ දී ලේ හෙලු විරුවන්හටද නිසි ගරු බුහුමන් දක්වමින් සදාචාරවත්, අර්ථවත් මැයි දිනයක් සමරන්නේ නම් නිතැතින්ම ආදර්ශවත් වනු ඇත.

Friday, April 21, 2017

ජනප‍්‍රිය සංස්කෘතිය හා විද්‍යුත් මාධ්‍ය

වර්තමාන සමාජයේ බොහෝ දෙනා ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබද වැඩිවශයෙන් කතාබහ කිරීම දැකගත හැකිය. ඊට හේතුව වශයෙන් සීඝ‍්‍ර ලෙසින් ලාංකේය ගතිසිරිත් ඇවතුම් පැවතුම් වෙනස්වීම දැක්වීමට පුළුවන. බොහෝදෙනා සිතනුයේ මෙම ජනප‍්‍රිය සංස්කෘතිය බටහිර නැතහොත් විදෙස් රටවලින් මෙරටට ආගමනය වන බවයි. එම අදහස පැවතියද ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමට විද්‍යුත් මාධ්‍ය හේතුකාරක වනබව, වර්තමානයේ රූපවාහිනිය තුළින් විකාශනය කරන හඩ කවන ලද විදෙස් ටෙලිනාට්‍යත් ඒවාට ජනයා වැඩිවශයෙන් ප‍්‍රියකිරීමත් තුළින් පැහැදිලිය.
ජනප‍්‍රිය සංස්කෘතිය හදුනාගැනීමට පෙර සංස්කෘතිය කුමක්දැයි අප හදුනාගත යුතුය. සංස්කෘතිය පිළිබද අධ්‍යයනය කිරීමේදී ඊ. බී ටයිලර්  නමැති පර්යේෂකයා විසින් දක්වන  ලද නිර්වචනය වැදගත් වේ ඔහුට අනුව
 
        "සංස්කෘතිය යනු දැනුම ඇදහිලි  කලා නීති සදාචාර සිරිත් විරිත්
        හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා
       වූ පුරුදු පුහුණූ හා හැකියාවන් අඩංගු සම්පූර්ණ සමස්තයයි."

මෙකි නිර්වචනය තුළ පුද්ගලයාගේ හැසිරීම් රටාවම සංස්කෘතික වශයෙන් හදුනාගත හැකිය. සාම්ප‍්‍රදායිකව පැවති සංස්කෘතිකාංග වෙනස් වීම ආරම්භ වනුයේ කාර්මික විප්ලවයත් සමගින්ය. ඒ ඔස්සේ  දියුණුු  වූ තාක්ෂණයත් මාධ්‍ය බිහිවීමත් හේතුවෙන් සංස්කෘතිය නව මුහුණුවරකින් විකාශනය විය. මෙතෙක් පැවති සංස්කෘතියට නව ආරක්ගත් සංස්කෘතික අංග එක් වී සමාජය තුළ පැතිරීම හෙවත් එම අංග සමාජය තුළ ජවප‍්‍රිය අංග බවට පත් වීමෙන් ජනප‍්‍රිය සංස්කෘතිය වර්තමානය දක්වා පැමින ඇත.


20වන සියවස මැදභාගයේදී බොහෝ ජනමාධ්‍යන්හි නැගීමක් ඇති වීමත් එම ජනමාධ්‍යන්ට හසු වූ ග‍්‍රාහකයා තුළ පැවති ජීවන රටාව කෙමෙන්  වෙනස් වන්නට විය. ජනමාධ්‍ය වඩවඩාත් මානව ජීවිතයට සමීප වීමත් සමගම නොදැනුවත්වම ඒ ජනමාධ්‍ය ව්‍යුහය මානව ජීවිතය කෙරෙහි ඇතැම් අභියෝගයන්ද එල්ල කරනු දක්නට හැකිය. මේ සම්බන්ධයෙන් බොහෝ නිදසුන් හමුවන්නේ වාණිජ ප‍්‍රචාර ඔස්සේය ඇතැම් අවස්ථාවකදී සම්මත සන්නිවේදන යෙදුම් විශේෂයන් පවා ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ වෙනස් වී පවතී .

ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමෙහිලා විද්‍යුත් මාධ්‍යයන් ප‍්‍රමුඛය විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය තුළින් මෙම ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාගතවීම සිදු වේ. ලාංකේය සමාජය තුළ කාන්තා ඇදුම් ,කොණ්ඩ විලාසිතා යනාදි බාහිර අංග පමණක් නොව සිතුම් පැතුම් ආදිය වෙනස් කරලීමට වත්මන් රූපවාහිනි ටෙලිකතා හේතුකාරක වී ඇත. එමෙන්ම ජනප‍්‍රිය තරු සංකල්පය වැනි රියලිටි වැඩසටහන් ඔස්සේද තරුණ ප‍්‍රජාව තුළ ජනප‍්‍රිය අංග නිර්මාණය කිරීමට  රූපවාහිනි මාධ්‍ය ප‍්‍රබල වී ඇත.

රූපවාහිනිය පමණක් නොව ගුවන්විදුලි මාධ්‍යත් වර්තමානයේ අන්තර්ජාලය හා බැදි පවතින සමාජ මාධ්‍යත් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි බලපා ඇත. එබැවින් ජනප‍්‍රිය සංස්කෘකිය විද්‍යුත් මාධ්‍ය මතත් විද්‍යුත් මාධ්‍යයේ වර්ධනය ජනප‍්‍රිය සංස්කෘතිය මතත් පිහිටා ඇතිබව දැක්විය හැකිය.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...