Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Monday, July 24, 2017

තනිකම

Image result for crying girl
මුවට ලංවෙලා කෙඳිරූ කලක්
මටත් තිබුණා සත්තමයි
නුවන් දැක සිනාසුනු සැටි
දුටුවා සුකොමළයි
අතීතය මතක් වී
සුසුම් නැගුණේ නොදැනිමයි
අද මං තනිවෙලා

සිතින් තැවෙනවා තනිකමයි

Monday, July 17, 2017

පැතුම

Related image
නොසිතු ලෙස නෙත ගැටුණු
 දඟකාර නුඹේ නෙත්
හදවතට හැඟුම් දුනි
සසරේ සුපුරුදු බවක්
දිනෙන් දින සෙ‍නෙහසින්
 එක් කෙරුනු අප දෙසිත්
සසර වසනාතුරුම

 රැදෙවා එක් සිතින්

Wednesday, June 14, 2017

ජීවිතය













ජීවිතය කියන්නේ පුදුම දෙයක්.තමන්ට තමන්ගේ ජීවිතේ අන් සැමට වඩා වටිනවා. අද බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ ගැන පමණක් හිතලා වැඩ කරන්නේ. සමාජේ ජීවත්වෙද්දි තමන්ගේ ජීවිතේ වගේම අනෙකාගේ ජීවිතය ගැනත් අපි සිතිය යුතුයි. ස්ත්‍රී දුෂණ, ළමා අතවර අද සමාජේ වැඩිවශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ අනෙකාගේ ජීවිතය ගැන නොසිතා තම තෘප්තිය ගැන පමණක් සිතා කටයුතු කරන නිසයි. ලොව පවතින සියලු ආගම් තුළ ජිවිතය අර්ථවත් කර ගැනුමට විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණ ද වර්තමානයේ එකි කරුණු පිළිබඳ කිසිවෙකුත් අවධානයක් යොමු කරන්නේ නැත. බුදු දහමේ මානව ජීවිතය අර්ථවත් කිරීමට  ඉදිරිපත් කළ වැදගත් ප්‍රතිපදාවක් ලෙසින් පංචශීලය දැක්විය හැක. සමාජේ ජීවත්වන සියලු මානවයින් මෙම ප්‍රත්පදාවට අනුව ජීවත්වන්නේ නම් අද පවතින සමාජයද පාරිශුද්ධ වනු නියතය. අතීතයේ පුරුෂයින් කාන්තාවගේ සුන්දරත්වය වර්ණනා කළේ කිසිදු ලිංගික තෘප්තියක් ලැබීමට නොවේ. එදවස පැවති වර්ණනය අද ද සාහිත්‍ය තුළ භාවිත වනුයේ කාන්තාවගේ සුන්දරත්වය ලෙසින්මය. නමුත් මෙරට බටහිරකරණය වීමත් සමග මානවයා සිතනපතන ආකාරයද වෙනස් වන්නට විය. මේ නිසාවෙන් මෙතෙක් කාන්තාව දෙස සුන්දරත්වයෙන් බැලූ යුගය අවසන් කරමින් තම කාමුක හැඟීම් මුදුන් පමුණුවා ගන්නා එක්තරා භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත..තම තෘප්තිය වෙනුවෙන් තවත් ජීවිතයක් විනාශ කිරීමට මිනිසා පුරුදුව ඇත.
අප අලුතින් සිතිය යුතු යුගය පැමිණ ඇත. ජීවිතයට අරුතක් දීමට නම් අනෙකාට ගරු කිරීමට, අනෙකා ගැන සිතීමට තමන් උපමාකොට සැම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම යන පුරුදු අප පුහුණු කළ යුතුය. එවිට ව්‍යාකූල වූ සමාජ පරිසරයෙන් මිදී ජීවිතයට අරුතක් සෙවීමට අපට හැකිය.

Wednesday, May 24, 2017

පාරමිතාව


ගෙවා බොහෝ කාලයක්
නොදැනීම සිතට ළංවුණ
දඟකාර ඔබේ දෑස
දිවා රෑ සොයනවා
ආදරෙන් රැකගන්න..........

Tuesday, May 23, 2017

ස්නේහයේ පහස








දරය කරුණාව පිරි
ඔබේ දෑස
දිනෙන් දින වියැකුනේ
මා නිසාවෙන් නොවෙද
දිරි දූන්න 
ඔබේ දෑත 
සෙමින් වෙව්ලුම් දූන්නේ
මා නිසාවෙන් නොවෙද
රැජිනක්ව මා අභියස
දිවි කතරේ මග කියා 
මා රැජිනක් කරන්නට
මගේ ලොවේ සිටි 
එකම රැජිනිය
ඔබම පමණක් නොවෙද

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...