Wednesday, June 14, 2017
ජීවිතය
ජීවිතය කියන්නේ පුදුම දෙයක්.තමන්ට තමන්ගේ ජීවිතේ අන් සැමට වඩා වටිනවා. අද බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ ගැන පමණක් හිතලා වැඩ කරන්නේ. සමාජේ ජීවත්වෙද්දි තමන්ගේ ජීවිතේ වගේම අනෙකාගේ ජීවිතය ගැනත් අපි සිතිය යුතුයි. ස්ත්‍රී දුෂණ, ළමා අතවර අද සමාජේ වැඩිවශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ අනෙකාගේ ජීවිතය ගැන නොසිතා තම තෘප්තිය ගැන පමණක් සිතා කටයුතු කරන නිසයි. ලොව පවතින සියලු ආගම් තුළ ජිවිතය අර්ථවත් කර ගැනුමට විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණ ද වර්තමානයේ එකි කරුණු පිළිබඳ කිසිවෙකුත් අවධානයක් යොමු කරන්නේ නැත. බුදු දහමේ මානව ජීවිතය අර්ථවත් කිරීමට ඉදිරිපත් කළ වැදගත් ප්‍රතිපදාවක් ලෙසින් පංචශීලය දැක්විය හැක. සමාජේ ජීවත්වන සියලු මානවයින් මෙම ප්‍රත්පදාවට අනුව ජීවත්වන්නේ නම් අද පවතින සමාජයද පාරිශුද්ධ වනු නියතය. අතීතයේ පුරුෂයින් කාන්තාවගේ සුන්දරත්වය වර්ණනා කළේ කිසිදු ලිංගික තෘප්තියක් ලැබීමට නොවේ. එදවස පැවති වර්ණනය අද ද සාහිත්‍ය තුළ භාවිත වනුයේ කාන්තාවගේ සුන්දරත්වය ලෙසින්මය. නමුත් මෙරට බටහිරකරණය වීමත් සමග මානවයා සිතනපතන ආකාරයද වෙනස් වන්නට විය. මේ නිසාවෙන් මෙතෙක් කාන්තාව දෙස සුන්දරත්වයෙන් බැලූ යුගය අවසන් කරමින් තම කාමුක හැඟීම් මුදුන් පමුණුවා ගන්නා එක්තරා භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත..තම තෘප්තිය වෙනුවෙන් තවත් ජීවිතයක් විනාශ කිරීමට මිනිසා පුරුදුව ඇත.
අප අලුතින් සිතිය යුතු යුගය පැමිණ ඇත. ජීවිතයට අරුතක් දීමට නම් අනෙකාට ගරු කිරීමට, අනෙකා ගැන සිතීමට තමන් උපමාකොට සැම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම යන පුරුදු අප පුහුණු කළ යුතුය. එවිට ව්‍යාකූල වූ සමාජ පරිසරයෙන් මිදී ජීවිතයට අරුතක් සෙවීමට අපට හැකිය.
Subscribe to:
Post Comments (Atom)
ස්ත්‍රි පුරුෂ සමාජභාවය
ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...
-
සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්, නෙරු ස්ථරය වියන් ස්ථරය උප වියන් ස්ථරය යටි වියන් ස්ථර...
-
විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණ...
-
සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක්...
No comments:
Post a Comment