Wednesday, August 23, 2017

ඉන්දියානු හින්දු සමාජය හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත‍්‍රීත්වය හා පුරුෂත්වය ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත‍්‍රී පුුරුෂ ලිංගභේදය යන පදයට වඩා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජීය මෙන්ම මනෝභාවාත්මක වශයෙන්ද වෙනස් වූ අර්ථ ගෙන දෙයි. ස්ත‍්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හªන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලූම ජීවිහු ස්ත‍්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබයි. මෙම ස්වභාවිකවම සිදුවන නිර්මාණය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. ජීව විද්‍යාත්මකව ස්ත‍්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් පටන් වෙනස් වූ සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සඳහා නිර්මාණය කර දී ඇත. සංස්කෘතිය මඟින් මෙම බෙªම සිදුකර තිිබෙන අතර සෑම ඒකකයක දී ම එය දැකගත හැකිය. ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්වය ස්ත‍්‍රී පුරුෂ සාජභාවය ලෙස හªනාගත හැකිය.

ඉන්දියානු සමාජය හා හින්දු ආගම

ලොව පවත්නා පැරණිතම ආගමක් වන හින්දු ආගම ව්‍යාප්ත වූ විශාලම රට ලෙස ඉන්දියාව හªනාගත හැකිය. ඉන්දියානු සමාජය තුළ හින්දු ආගමෙහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. හින්දු ආගම වනාහි ඒකදේවවාදය බහුදේවවාදය වැනි විශ්වාස අන්තර්ගත සංකීර්ණ පද්ධතියකි. හින්දු ධර්මය මනුෂ්‍ය වර්ගයා දිව්‍යමය ලෙස දකියි. මන්දයත් බ‍්‍රහ්මා ඔවුන්ගේ සියල්ලයි. හින්දු ධර්මය විසින් සියල්ලන්ම දිව්‍යමය බව තහවුරු කරනු ලබයි. අටිමන් නොහොත් තමා බ‍්‍රහ්මණයා හා සමග ඒකත්වයෙන් සිටියි. බ‍්‍රහ්මණයාට පිටතින් ඇති සියළු යථාර්ථය සැලකෙන්නේ හුදෙක් මායාවක් ලෙසය. හින්දු භක්තිකයකුගේ අධ්‍යාත්මික ඉලක්කය නම් බ‍්‍රහ්මා සමග ඒකත්වයකට පැමිණීමය, එහෙත් තම පෞද්ගලික මායාන්විත ආකාරයෙන් පැවතීම නවතාලයි. මෙම නිදහස සඳහන් වන්නේ ”මෝක්ෂය” ලෙසය. මෝක්ෂය අත්පත් කරගන්නා තෙක් හින්දු භක්තිකයකු විශ්වාස කරනු ලබන්නේ ඔහු හෝ ඇය පුන පුනා පුනරුත්පත්තිය ලබන්නේ ඔහුට හෝ ඇයට සත්‍යයේ: සත්‍යය නම් පැවතෙන්නේ බ‍්‍රහ්මණයන් මිස පමණක් වෙනත් කිසිවෙක් නොවන බවත්ය- ආත්ම සාත්ෂාත්කරණය කරා කටයුතු කිරීමට හැකි වනු පිණිසයග පුද්ගලයකු පුනරුත්පත්තිය ලැබීම නිර්ණය වන්නේ කර්මය මතය. මෙය ස්වභාව ධර්මයාගේ සමතුලිතභාවය මත පාලනය වන්නාවූ කාරණය සහ ඵලයෙහි මූලධර්මයකිග යමෙකු අතීතයේදී කළ දේ අනාගතයේ වන්නට යන දේට බලපෑමක් සහ අනුරූපත්වයක් ඇති වේල. මන්දයත් අතීතයේ සහ අනාගතයේ ජීවිත එයට ඇතුලත් වන බැවිනි. හින්දු ජනයාගෙන්් බහුතරය දෛනිකව සිය ආගමික චාරිත‍්‍රවිධිවල නිරත වෙති. දේව වාදි සංකල්පය නිසාම ඉන්දියානු සමාජය තුළ බෙදීම් රැුසක් හªනාගත හැකිය. විශේෂයෙන්ම කුලය යන සාධකය මත පදනම්ව ඉන්දියානු සමාජය කොටස් වී ඇත. මේ නිසා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මෙම රට තුළ විවිධ අයුරින් හªනාගත හැකිය.

හින්දු ආගමට අනුව ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය

ඉන්දියානු සමාජයේ හින්දු දහමට අනුව ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය විමසීමේදි අතීතය දෙස අවධානය යොමු කිරීම ඉතා වටී. ස්ත‍්‍රියකගෙන් තොරව පිරිමියෙකුගේ පැවැත්මක් නොමැති බව සමාජීය මතයයි. ස්ත‍්‍රී පාර්ෂවයේද ජීවිත අලංකාර වන්නේ පුරුෂයින් නිසාවෙනි.

හින්දු ආගමට අනුව කාන්තාව මැවීම පිළිබඳව මෙවැනි අදහසක් දක්වා ඇත. හින්දු පුරාවෘත්තවලට අනුව විශ්වකර්ම දිව්‍යපුත‍්‍රයා ගැහැණිය මැවීමේ අවස්ථාවට පැමිණිවිට ඇය මැවීමට ඝණ ද්‍රව්‍ය කිසිවක් නොපැවතුණ හෙයින් සුන්බුන් එක්කර ගැහැණිය මවා ඇත.
චන්ද්‍රයාගේ ගෝලාකාරයද
ලතාවන්ගේ නැමිද
පදුරුවල ඇලෙන ස්වභාවයද
තණපතෙහි වෙව්ලීමද
බටලීයේ කම්පනයද පුෂ්පයන්ගේ පුබුදුවද
කොළවල සැහැල්ලූවද
හො`ඩවැලේ ක‍්‍රමයෙන් සිහින් වීමද
මුවන්ගේ බැලූම්ද
හිරු රැුස්වල කෙළිමත් ප‍්‍රීතියද
සුළගේ චපල බවද
හාවාගේ බියසුළු බවද
ව්‍යාඝ‍්‍රයාගේ නපුරද
ගින්නෙන් උණුසුම් බවද
හිමෙහි සීතලද
ආදී වශයෙන් විවිධ ද්‍රව්‍ය එක්කොට ස්ත‍්‍රීය මවා ඇත. මෙකී මැවීම තුළ ඇත්තේ කාන්තාවට කාන්තාවක් වීම නිසා උරුමවන ගති සිරිත් ස්වභාවය පිළිබඳවය. ඒ තුළින් සමාජය ආරම්භයේ දීම කාන්තාව සුකොමළ චරිතයක් ලෙසින් හුවා දක්වා ඇත.

ඉන්දියානු මුල් සමාජය තුළ ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය
ඉන්දියානු මුල් සමාජ යුගයේ දී හින්දු ආගමට අනුව සුත‍්‍රිය සම්බන්ධයෙන් විශේෂතා රාශියක් ම හªනාගත හැකිය. නූතන අවධිය සේම මෙම වෛදික යුගයේද ස්ත‍්‍රියකගේ සුවිශේෂම අවස්ථාව වශයෙන් මාතෘත්වය දක්වා ඇත. මෙම පූර්ව යුගයේ දී යම් ස්ත‍්‍රියකට කුමන හෝ හේතුවක් නිසාවෙන් මවක් වීමට නොහැකි නම් ඇය සමාජයෙන් ප‍්‍රතික්ෂේප කර ඇත. එයට හේතුව වනුයේ මෙම  යුගයේ දී කාන්තාවට බොහෝ වරප‍්‍රසාද හිමිව ඇත්තේ මවක් වීම හේතුකොට ගෙනය. මුල් සමාජයේ ස්ත‍්‍රි පුරුෂ භේදයකින් තොරව ආහාර පිණිස දඩයමේ නියැලිම දෙපාර්ශවයම සිදුකර ඇත. නමුත් ස්ත‍්‍රිය මවක් වීම හේතුවෙන් මෙම දුෂ්කර කටයුතුවලින් ඇයව වෙන්කොට ඇත. මේ නිසා ස්ත‍්‍රිය ගෘහයට සීමා වීමත් පුරුෂයා ඉපයීම් කටයුතු සිදු කිරීමත් එදවස හින්දු සමාජ සංස්කෘතිය බවට පත් විය. මේ නිසා ජීව විද්‍යාත්මක හේතුවක් මත පදනම්ව ස්ත‍්‍රියට සමාජය තුළ හිමි තත්වය සමාජ ආරම්භක යුගයෙන්ම පැහැදිලිය.

ඇමරිකානු විද්‍යාඥයන් දෙදෙනෙකු වන රොයිටර් සහ රනර් විසින් මෙලෙස දක්වා ඇත.
”ස්ත‍්‍රිය නිෂ්පාදකයෙකු වීමෙන් නැවතුණු විට ඇය යැපෙන්නියක බවට පත්විය. භාර්යාවගේ හා පවුලේ සම්පූර්ණ කටයුතු පිරිමියා මත පැටවිණි.”
මුල් කාලීන ඉන්දියානු සමාජයේ විවාහ ක‍්‍රමයන් කිහිපයක් පැවතී ඇත.
ඒක පුරුෂ ඒක ස්ත‍්‍රි විවාහය
එ්ක ස්ත‍්‍රි බහු පුරුෂ විවාහය
ඒක පුරුෂ බහු ස්ත‍්‍රි විවාහය
සමූහ විවාහ
සෘග්වේදයේ සඳහන් වන්නේ ගෘහයේ සෝබා සම්පන්න බව තහවුරු වන්නේ ස්ත‍්‍රියගේ පැවැත්මෙන් බවයි. එමෙන්ම ඇය ආනන්දයේ භාණ්ඩාගාරය ලෙසද සඳහන් වේ. එමෙන්ම එහි තවදුරටත් සඳහන් වන්නේ ඇය සැමියාගේ සතුට වෙනුවෙන් අලංකාරවත් වස්ත‍්‍ර ඇඳීම සතුටු සිතින් වාසය කිරීම තම පවුලේ වැඩකටයුතු සිදුකිරීම සඳහා උදෑසනම අවදී වීම සියලූ යාග පූජා පැවැත්වීම සිදු කිරීම යනාදී යහපත් කටයුතු සියල්ල ඇය විසින් ඉටු කර ඇති බව දක්වයි. මේ තුළින් පැහැදිලි වන්නේ ඉන්දියානු සමාජය තුළ කාන්තාවටද ගෘහාශ‍්‍රිත කටයුතු සියල්ල උරුමව පැවති බවයි.
මෙම යුගයේ දී කාන්තාව නිදහස භුක්ති විඳීමින් කටයුතු කර ඇත. ඉන්දියානු සම්ප‍්‍රදාය තුළ පැවති කාන්තාවට විශේෂිත වූ පූජාවක් ලෙසින් සති පූජාව දැක්විය හැකිය. එම පූජාවෙන් ස්වාමි භක්තිය දැක්වීම සිදු විය. මියගිය සිය ස්වාමියා වෙනුවෙන් ඉදිකළ දර සෑය මත මද වේලාවක් සැතපී සිටීම මෙම පූජාවෙන් සිදුවිය. මෙමගින් ඇගේ ආදරය ගෞරවය සංකේතවත් කිරීම සිදුකර ඇත. එතුළින් පැහැදිලි වන්නේ කාන්තාවක් යැපෙන්නියක ලෙස මෙතුවක් ජීවත් වීම නිසාවෙන් ඇය විසින් නිරන්තරයෙන් ස්වාමි ගෞරවය රැුකිය යුතු බවයි.
ඉන්දියානු සමාජයේ මුල් යුගයේදී කාන්තාවට අධයාපනික නිදහස ආගමික නිදහස කැමති පුරුෂයෙකු සමඟ විවාහ වීමේ නිදහස යනාදි මූලික අවශ්‍යතාවන් සඳහා නිදහස උරුම විය. හින්දු ආගමික පද්ධතිය තුළ එම යුගයේදී කාන්තාව උසස් කොට සලකනු ලැබිනි. ඒ අනුව මෙම මුල් කාලීන ඉන්දීය සමාජය තුළ ස්ත‍්‍රියට හා පුරුෂයාට ජීව විද්‍යාත්මකව උරුම වූ උරුමකම් මත පදනම්ව අන්‍යෝන්‍ය සබඳතාවයෙන් කටයුතු කර ඇත.

මුල් යුගයෙන් පසුව ඉන්දියානු සමාජය ක‍්‍රමයෙන් වෙනස් වන්නට විය. සමාජය තුළ කුල ක‍්‍රමය වැඩෙන්නට විය. ප‍්‍රධාන වශයෙන් මෙම යුගයේ පැවති කුල ලෙසින්
බ‍්‍රාහ්මණ කුලය
ක්ෂත‍්‍රිය කුලය
වෛශ්‍ය කුලය
ශුද්‍ර කුලය
දැක්විය හැකිය. ලෝක නිර්මාණයේදී දෙවියන් වහන්සේ විසින් මෙම කුල හතර නිර්මාණය කළ බව මෙම දේව වාදී හින්දු ආගමිකයන් විශ්වාස කරනා මතයයි. මෙම කුල ක‍්‍රමය හේතුවෙන් මේවන තෙක් ස්ත‍්‍රියට හා පුරුෂයාට පැවරුණූ කාර්යයන් තරමක් දුරට වෙනස්ව ඇත. මාතෘත්වය අගයමින් ජගන්මාතා වන්දනා ක‍්‍රම පැවතිම මගින් කාන්තාවට ඉතා ඉහළ පිළිගැනීමක් පැවති යුගය බ‍්‍රාහ්මණ යුගය තුළදී වෙනස් වන්නට විය. වර්ණ ධර්ම ස්ව ධර්ම හා ආපද් ධර්ම තුළින් සමාජයේ ආධීපත්‍ය තහවුරු කරගත් බමුණන් විසින් කාන්තාව සතු සියලූ නිදහස සීමා කරන්නට විය. ඒ අනුව ඒ වන තෙක් හිමි වූ ආගමික අධ්‍යාපනික ආර්ථික සමාජීය ආදී සියලූ වරප‍්‍රසාද අහිමි වූ කාන්තාවගේ ජීවිතය අවධි කහිපයක් යටතේ බෙදා දැක්විය.
බාල කල පියා යටතේ
තරුණ කල ස්වාමියා යටතේ
ස්වාමියා මියගිය පසු පුතු යටතේ
සිය ජීවිකාව ගත කළ යුතු විය. මේ තුළින් පැහැදිලි වන්නේ මෙම යුගයේ දී ස්ත‍්‍රිය පුරුෂයා මත යැපෙන සමාජ ජීවි කොට්ඨාසයක් බවට පත් කර ඇති බවයි. සමාජ පාලන ව්‍යුහයේ කුඩාම සහ වැද.ත්ම ඒකකය වූයේ පවුලයි. පවුලේ ප‍්‍රධානියා පියාය (ඡු්එස්ජය්ක ත්‍්පසකහ*. ඒ අනුව  වෛදික යුගයේ සිටම භාරතීය සමාජය ක‍්‍රියාත්මක වී ඇත්තේ පිතෘ මූලික සමාජයක් වශයෙනි. එය ඇතැම්විට ඊට පෙර පැවති ශිෂ්ටාචාරයන්ගේ ආභාසය ලැබූවක් වන්නට ඇත. හෙතෙම ‘දම්පති‘ යනුවෙන් හැඳින්වූ අතර නිවසේ ඒකාධිපතියා හෝ ස්වෛරී බලවතාද (්මඑදජ්එ* විය. එම පදනම මත තම දරුවන් හා අඹුව විකිණීමට උකස් කිරීමට හෝ මැරීමටද අවකාශය ඔහුට තිබුණි. පතිනිය වශයෙන් සැලකුණු මවද නිවසේ විශේෂ වගකීම් සමුදායක් හිමි චරිතයක් විය. ස්වාමියාට පමණක් දෙවැනි වන ඇය නිවසේ සේවක පක්ෂයට මස්සිනාවරුන්ට හා ස්වාමියාගේ දෙමව්පියන්ටද ස්වාමි දියණිය වූවාය. නිවැසියන්ට ආහාර සම්පාදනය කිරීම ඇය සතු වූ ප‍්‍රධාන වගකීමකි. ඊට අමතරව ගෙදර දොර පිරිසිදුව තබාගැනීම දරුවන්ගේ විනය ආරක්ෂා කිරීම විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත් වීම පතිනිය සතු තවත් වගකීම් කිහිපයකි. දරුවන්ගේ විනය සම්බන්ධ වගකීමේදී අවශ්‍ය වුවහොත් දරුවන්ට දඬුවම් කිරීමටද ඇයට බලය තිබුණි. එසේම නිවසේ සිදුකරන යාගහෝමාදි ආගමික සංස්කාරවලදී භාර්යාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් වූ අතර යාගයට අවශ්‍ය සෝම පිළියෙල කිරීමද භාර්යාවගේ සහභාගිත්වයෙන් සිදුවී ඇත. පිරිමි දරුවන් හට පවුලේ විශේෂ ස්ථානයක් හිමි වෙයි. අනෙකුත් සහෝදර සහෝදරියන් රැුකබලා ගැනීමත් දෙමව්පියන්ට සැලකීමත් මොහු වෙත විශේෂයෙන් පැවරුණු බව පෙනේ. සහෝදරයා තම සහෝදරියගේ කන්‍යාභාවයේද ගෞරවයේද ආරක්ෂකයා මෙන්ම කැපකරුද විය. යම්හෙයකින් තම සොහොයුරියගේ කන්‍යාභාවය විවාහ වීමට පෙර විනාශ වුවහොත් ඔහුගේ සොයුරා ‘සභා‘ නමැති ජන එකමුතුවෙන් ඉවත් කිරීමේ සිරිතක්ද ක‍්‍රියාත්මකව ඇත. එසේම වෛවාහික සොයුරිය පිළිබඳ සොයාබැලීමටද වගකීමක් සොයුරාට පැවරුණි. එසේම කාන්තාවගේ පවිත‍්‍රත්වයද වෛදිකාර්යයෝ උසස්කොට සැලකූ අතර  පාලකයෙකු විසින් මනාව ආරක්ෂා කරන රාජධානියක් සේ (ඛසනැ එයැ ණසබටාදප දෙ ් මකැ* එම පවිත‍්‍රත්වය සැම අතින්ම ආරක්ෂා කිරීමටද වගකීමක් සමාජය වෙත පැවරී තිබුණි. සොයුරන් නොමැති තරුණියන් නොමග ගිය අවස්ථාද වේදයෙන් සොයාගත හැකිය. වෛදික ජන සමාජයේ භාවිත වූ ඥාතිවාචක වචන කිහිපයක් පහත සඳහන් වේ.  එමෙන්ම කාන්තාවට ස්වාධීනව තීරණ ගැනීමේ අවස්ථාවද මෙම යුගය වන විට අහිමි කර තිබිණි. එයට නිදසුන් ලෙසින් විවාහයේ දී තමාට කැමති පුරුෂයෙකු හා විවාහ විය නොහැකි වූ අතර පහළ කුලවල කාන්තාවන් විවාහ වු පසු පළමු ස්වයංවරය බමුනකු සමඟ සිදු කළ යුතු විය. එම නිසා පහළ සමාජ ස්ථරවල ස්ත‍්‍රි පුරුෂ දෙපාර්ශවයම පීඩාවට පත්ව සිටි බව පැහැදිලිය.



විවාහය තුළ කාන්තාව

භාරතීය ශිෂ්ටාචාරය තරම් විවාහ ජීවිතය අගය කරනු ලැබූ වෙනත් ශිෂ්ටාචාරයක් නැති තරම්ය (මෝනිය_ විලියම්*

මිනිසා ප‍්‍රාථමික මට්ටමේ සිට නූතන සමාජ මට්ටම දක්වා පැමිණි දිගු ගමනේ සමස්ත ක‍්‍රියාදාමයන් හා වෙනස්කම්වල එකතුව සභ්‍යත්වය නමින් අරුත් ගන්වන අතර ශීලාචාර ගති පැවතුම්වලින් යුතු සමාජ සංස්ථාව දක්වා අති දුෂ්කර ගමන් මගක පැමිණි මානව සමාජය තුළ කාන්තාවගේ කාර්ය භාරය සුළු පටු නොවනු ඇත. නූතන සමාජ විශ්ලේෂකයින් ද, සඳහන් කරන්නේ,  ඕනෑම සමූහයක පැවති සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමේ වගකීම පිළිබඳ විසල් කාර්යභාරයක් කාන්තාවට හිමි වන බවයි. ආර්ය සමාජය තුළ ස්ත‍්‍රියගේ නිදහස සීමාසහිත වුවද, මිශ‍්‍ර සමාජ පිළිවෙතක් පැවති වෛදික යුගයේ පියාට මුල් තැන ලැබුණ හෙවත් පීතෘ මූලික සමාජයක් පැවති බවට ද, සංහිතා සාහිත්‍යය මනාව ප‍්‍රකට කරයි. පතිකුලයට පිවිසෙන ඇයගෙන් පුතෙක් අපේක්ෂා කළ අතර, එය ප‍්‍රධානම සේවයක් වශයෙන් සමාජ ගතව පැවතුනි. තරුණයින් වසඟ කිරීම සඳහා තරුණ දියණියන් උත්සව අවස්ථාවන්හි දී අලංකාර වස්ත‍්‍රාභරණයෙන් සැරසූ බවත්, පෙම්වතුන් පෙම්වතියන්ට තෑගි භෝග දුන් බවත්, ඔවුනොවුන්ගේ කැමැත්තෙන් විවාහ ගිවිස ගත් බවත්, තම පෙම්වතියන් රහසින් හමුවීමට පැමිණි පෙම්වතුන් අන් අය නිදි ගැන්වීමට මන්ත‍්‍ර භාවිතා කළ බවත් සංහිතා සාහිත්‍යය අනුව, හෙළිවන සුලභ කරුණු අතර වෙයි. තත්කාලීන ඉතිහාස සටහන් විමසීමේදී පැහැදිළි වන්නේ, ස්ත‍්‍රිය නිසි වයසට පත්වූ කල පමණක් ඇය විවාහයට සුදුසුකම් ලද බවය.

එකල ද, විවාහයට සුදුසුකම් නොලද කණ්ඩායම් අතර, දස්‍යූ වර්ණයට අයත් වූ හෙවත් ආර්යයන්ට විරුද්ධ පිරිස් හා සහෝදර සහෝදරියන් අතරත්, පියා හා දුව අතරත් විවාහය තහනම්ව පැවතුණි. දායාදයක් වශයෙන් කිසිවක් මෙන්ම මුදලක් තම දියණිය වෙනුවෙන් ලබා දීමේ චාරිත‍්‍රයක් එකල සමාජයෙහි නොවීය. එහෙත් අංග විකල ස්ත‍්‍රියක් වෙනුවෙන් යම් දායාදයක් දීමේ චාරිත‍්‍රයක් එකල පැවතුනි. (සෘග් වේදය* එසේම තම බෑනා ප‍්‍රියමනාප නොවූ විට ද, දුව වෙනුවෙන් යම් මුදලක් බෑනා ගෙන් අයකර ගැනීමේ පිළිවෙතක් පැවති බව සෘග් වේද සංහිතාවෙහි සඳහන් වෙයි. ස්වකීය කැමැත්ත අනුව විවාහ සිදුවූ බවද ස්වයංවරය වැනි විවාහ විධි නියමයන් පැවතීම තුළින් මනාව පැහැදිළිය. එසේම මෑත සභ්‍යත්වයන් නිරීක්ෂණය කිරීම තුළින් පියාගේ හෝ වැඩිමහල් සොහොයුරාගේ කැමැත්ත විමසන ලද බව ද සිරිත් අතර වෙයි. එම තත්ත්වය කෙසේ වුවද, විවාහය සිදුවූයේ අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මැදිහත්වීම තුළ වීම තත්කාලීන ඉතිහාසය සනාථ කරනු ලබයි. භාරතීය සමාජය අපේක්ෂා කළ
ස්ත‍්‍රියගේ පාරිශුද්ධත්වය වේද යුගයේ ආගමික නීතියක් වශයෙන් ද සමාජගතව පැවතුණි ද පවුලක ප‍්‍රධානියා වශයෙන් ඇයට අද්විතීය තැනක් ලැබුණ අතර පතිකුලයට පැමිණි ස්ත‍්‍රිය පවුලේ වගකීම් භාර ප‍්‍රධානියා පමණක් නොව ස්වාමි පුරුෂයාගේ පියාගෙන් ද, සහෝදරයන් හා අවිවාහක සහෝදරියන් ගෙන් ගරු සම්මාන ලැබීමට සුදුසුකම් ලද්දියක වූ බව ද සඳහන් ය. (සෘග්වේද - 85 46*

එහෙත් පශ්චාත් කාලීනව ස්ත‍්‍රියගේ සමාජ තත්ත්වය හීනවීමට චරිත පාරිශුද්ධිය බලපෑ අතර චරිත ශුද්ධිය ආරක්ෂා කරගත් ස්ත‍්‍රිය සමාජයෙහි සම්මානයට පාත‍්‍ර විය. එසේම බ‍්‍රාහ්මණ සාහිත්‍යයට පිවිසෙත්ම ක‍්‍රමයෙන් ඇයගේ පති භක්තිය හීනවී ගිය අයුරු මෛත‍්‍රායනි, ශතපත, තෛතිය, බ‍්‍රාහ්මණයන්හි සඳහන් තොරතුරු මනාව විශද කරයි.

මුල් යුගයන්හි ස්ත‍්‍රියට පැවති සමාජ තත්ත්වය විමසීමේ දි දේව පූජා පවත්වන්නියක වශයෙනුත් සමාජ තත්ත්වයක් හිමි කරගෙන තිබූ අතර, බ‍්‍රාහ්මණ සාහිත්‍යයේදි භාර්යාව හැඳින්වූයේ පත්තිනි යන නමිනි. එයින් ප‍්‍රකට වූයේ සිය සැමියා සමග එකට පූජාවන් පැවැත්වූ බවය. පසුකාලීනව ඇය ඡුායා යන නමින් ප‍්‍රකට වීමෙන් (පුතුන් ලබා දෙන සහකාරිය* අනුක‍්‍රමයෙන් ඇයට පැවති සමාජ තත්ත්වය හීනවී ගිය ආකාරයක් ප‍්‍රකට කරයි. පසු කාලීනව ඇය කෙතරම් පහත් කොට සැලකුවේද යන්න ත‍්‍රිවිධ පාපයන් අතරට ස්ත‍්‍රිය ද එක් කිරීමෙන් පැහැදිළිය (ත‍්‍රිවිධ පාපයන්, සුරාව, ¥කෙළිය, ස්ත‍්‍රිය, මෛත‍්‍රයානිය සංහිතාව* මෙම තත්ත්වයන් හමුවේ පසුකාලීනව පැවති ආගමික නිති තුනීවී යාමෙන් ආර්ය සමාජය තුළ අනුලෝම විවාහ ක‍්‍රමයටද අවස්ථාව ලැබිණි. පානිනි නීතිවල සඳහන් අභිවාදන ක‍්‍රම මගින් මේ බව ප‍්‍රත්‍යක්ෂ කරයි. තත්ත් යුගයේ වනිතාව සමාජ තත්ත්වය පිරිහී ගොස් හෙළා දැකීමට භාජනය වීමත් නිසා ධර්ම සූත‍්‍ර යුගය එළඹෙද්දී නිති රීති ලිහිල් කිරීමට යත්න දරා ඇති බවත්, වඳ භාර්යාව අවුරුදු දහයකට පසුවත්, දියණියන් පමණක් ලබන්නි අවුරුදු දොළහකට පසුවත්, උපන් උපන් දරුවන් මිය යන භාර්යාව අවුරුදු පහළොවකට පසුවත් කළහකාරී දඟකාර භාර්යාව ක්ෂණයකිනුත් අත්හළ යුතු යෑයි සංහිතාවන් ප‍්‍රකට කරයි.
එපමණක් නොව මෙම යුගය වන විට පැවති නීනි තත්වය තුළ අවුරුදු 12ක් වයසැති ගැහැණු දරුවෙකු අවුරුදු 30ක් වයසැති පුරුෂයෙකුට හෝ අවුරුදු 8ක් වයසැති ගැහැණු දරුවෙකු අවුරුදු 24ක් වයසැති පුරුෂයෙකු හෝ විවාහ කර දිය යුතු යැයි නීතියෙන්ම සම්මතව පැවත ඇත. මින් පැහැදිලි වන්නේ කාන්තාව උපතින්ම ලිංගික භාණ්ඩයක් ලෙස සලකා දරුවන් වැදීම ඇයගේ ප‍්‍රධාන කාර්ය ලෙස සැලකූ බවයි. විශේෂයෙන්ම පිරිමියාට අවශ්‍ය නම් කාන්තාව වෙනත් පිරිමියෙකුට ලබා දීමේ හැකියාවද පැවතුණි. මේ වන විට සති පූජාව දිවි පුදන්නක් බවට පරිවර්තනය කරලීමට බමුණන් උත්සහ ගෙන ඇත. ස්වාමියා මල පසු ඉදිකරන දර සෑයට පැන සිය දිවියද පුද කළ යුතු බව දක්නව ලදී. එසේ නොකළහොත් වහලියක සේ ඉªල් පමණක් අහරට ගෙන සිය ජීවිතය ගතකළ යුතු බව දක්නව ලදී. ගණිකා වෘත්තියේ යෙදවීම වහල් සේවයේ යෙදවීම සඳහා කාන්තාව යොදා ගන්නා ලදී. මෙම කරුණු අනුව මෙම යුගයේ දී පුරුෂාධීපත්‍ය සහිත වූ කාන්තා හිංසනය දැඩිව පැවති යුගයක් ලෙස හªනාගත හැකිය.
අද්‍යතනයේ හින්දු සමාජයේ ස්ත‍්‍රීපුරුෂ සමාජභාවය
වර්තමාන ඉන්දියානු සමාජයේ හින්දු සංස්කෘතිය පෙර පැවති තත්වයන් දෙකටම වඩා වෙනස්ය. වර්තමානය වන විට කාන්තාවගේ ඇªමේ සිට සියල්ල කෙරෙහි මෙම සංස්කෘතිය බලපා ඇත. සල්වාර් හා සාරිය ඔවුන්ගේ ප‍්‍රධාන ඇªම් වේ. හිසෙහි මල් ගැසීම නළලේ පොට්ටු තැබීම යනාදි ඔවුනට ආවේණික විලාසිතාවන් පවති. නළලේ පොට්ටු තැබීම සැමියා මිය ගිය පසු සිදු නොකරයි. හින්දු සංස්කෘතියේ සරලතම සහ අලංකාරවත්ම අන්‍යතාවයක් වන .තිලකය. කාන්තාවකට ගෙන එන්නේ මිණි කැටයක රැඳි වටිනාකමකි. ඇය එය ආඩම්බරයෙන් යුතුව පළඳින අභරණක් වන අතර ආගම සංස්කෘතිය පතිභක්තිය සතුට සෞභාග්‍ය සේම වේදනාව තනිකම වැනි සිය ජීවිතයේ බොහෝ දෑ එකවර අලංකාරවත්ව නිරූපණය කරනා .තිලකය. සංස්කෘතිකාංගයකටත් වඩා සොඳුරු ජීවන දහමකි.  බමුණු සමාජයේ මතයන් බොහෝ ප‍්‍රමාණයක් බැහැර කරලීම දැකගත හැකිය .

තැල්ලල පා මුදුව සහ නාසයට දමනා කරාබුව යන ත‍්‍රිත්වයෙන් සංකේතවත් වන්නේ හින්දු කාන්තාවක් විවාහක බවය. එසේම සිය සැමියා මිය ගිය විටදී ඇය මේ ආභරණ සියල්ල ගලවා දමා චාම් දිවිපෙවෙතකට හුරු වේ. ආභරණ පැළඳීම මෙන්ම නොපැළඳීමද හින්දු සංස්කෘතියට අනුව සංකල්පනාත්මක වන්නේ එසේය. බොහෝ හින්දු දෙවඟනන් පළඳින මේ ආභරණ සියල්ලෙන් සැරසුණු හින්දු කාන්තාවන් තුළින් මැවෙන්නේ අතිශය සොඳුරු කාන්තා ප‍්‍රතිමූර්තියකි. මේ ආකාරයට වර්තමානය වන විට කාන්තාව උපතින්ම සුන්දර තැනැත්තියක් ලෙසින් සමාජය විසින්ම පත්කර ඇත. මේ නිසා හින්දු සමාජය තුළද කාන්තාව ලාමක චරිතයක් ලෙසින් හුවා දක්වයි.

වර්තමානයේ හින්දු විවාහ මංගල්යයේ අර්ථය වශයෙන් සැලකෙන්නේ ආදරය මුසු වූ පූජනීය බන්ධනයකට ඔවුන්ව සූදානම් කරවීමය. තමන්ගේම කරගෙන රැකගැනීමට සහ ආදරයෙන් ඇප උපස්ථාන කරමින් ජීවිතයේ ඕනෑම අභියෝගයකදී ළග සිටීම පොරොන්දු වීමේ අවස්ථාව ලබා දීමය. විවාහයක් යනු බන්ධනයකි. අනෙක් බන්ධන වලින් එය වෙනස් වන්නේ එය සොදුරු බන්ධනයක් ලෙසින් දැක්විය හැකි නිසාවෙනි. ආගමික පූජාවක් ආකාරයෙන් ඉතාමත් භක්තියෙන් යුතුව සිදුකෙරෙනා හින්දු විවාහ මංගල්‍යය සැබැවින්ම ඔවුන්ට දේව කාරියක් සේම පින්සාරය. මේ ආකාරයට ස්ත‍්‍රියටත් පුරුෂයාටත් සම තත්වයක් ස්වාධීන බවක් වර්තමාන විවාහ සංස්කෘතිය තුළදී හිමිව ඇත.

පෙර සමාජයේ විවාහයේදී කාන්තාව විසින් දෑවැදී ලබා දීම අනිවාර්්‍යයෙන් සිදුකළ යුතු විය. මේ නිසාවෙන් බොහෝ කාන්තාවන්ගේ විවාහය ප‍්‍රමාද වීමදසිදු විය. නමුත් එයට පිළියම් වශයෙන් ඉන්දියානු රජය විසින් ව්‍යවස්ථාපිත නීතියක්ද ස්ථාපිත කරනු ලැබීය. මෙය 1961 දී ඉදිරිපත් කරනු ලැබුවේ දෑවැදි තහනම් කිරීමේ පනත ලෙසිනි. දෑවැද්ද ලබා දීම ලබා ගැනීම හා ඒ සඳහා අනුබල දීම වරදක් ලෙස මේ පනතේ දක්වා ඇති අතර ඒ සඳහා දෙන ද`ඩුවමද විග‍්‍රහ කර ඇත.

තවද ගෘහස්ථ හිංසනයෙන් කාන්තාව ආරක්ෂා කිරීමට 2005 දී සම්මත වූ නීතිය මඟින් ද විධිවිධාන ගෙන ඇත. මේ ආකාරයට වර්තමානය වන විට කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත් වීම සිදුවන බව පැහැදිලිය.


එමෙන්ම වර්තමානයේ දී ඉන්දියාවේ හින්දු කාන්තාවට දේශපාලන නිදහසද හිමිව ඇත. එයට නිදසුන් වශයෙන් ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයට තේරී පත්වුණු පළමු හින්දු කාන්තාව වන 31 හැවිරිදි තුල්සි ගබාඩ් දැක්විය හැකිය. එපමණක් නොව දකුණු ඉන්දියාවේ දේශපාලන බලය ඉසිළු ජය ලලිතා ජයරාම්ද දේශපාලන වේදිකාවේ හ`ඩක් නැගු ප‍්‍රභල චරිතයකි. මෙකි නිදහස තුළින් පැහැදිලි වන්නේ  වර්තමානය වන විට ඉන්දියානු කාන්තාවට ජීව විද්‍යාත්මකව උරුම වු කාර්යන් හැරුණු විට සමාජයේ ඉහළ වරප‍්‍රසාදයන් උරුමව ඇති බවයි.මේ නිසා වර්තමානය වන විට පෙර පැවති සමාජ තත්වයන් වෙනස්ව ඇති බව පැහැදිලිය.

ගුලාබි ගැන්ග් සංවිධානය

2013දී නිකුත් කෙරුණු, ඉන්දියානු ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තා වලට අනුව 2013 වසරේ දී පමණක් වාර්තා වූ ලිංගික අපචාර සංඛ්‍යාව 24, 923ක්. වාර්තා නොවූ අපරධ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ විය හැකි බව ඔවුන් පවසනවා. ඊටත් අමතරව දිනපතා සිදුවන පැහැර ගැනීම, ඇසිඞ් ගැසීම්, පහරදීම්, සහ ඝාතනයන් සංඛ්‍යාව ද ඉතා ඉහළයි. ඉන්දියානු ආගම් සහ සංස්කෘතිය විසින් කාන්තාව පිරිමියාට වඩා ඉතා පහළ තැනකට ඇද දමා තිබෙන නිසාමත්, ඉන්දියාවේ ඈත ගම්මාන වල නූගත්කම සහ දුප්පත්කම ඉතාමත්ම ඉහළ නිසාත්, කාන්තාවන්ට පහරදිම සහ හිරිහැර කිරීම සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බවයි බොහොමයක් දෙනා විශ්වාස කරන්නේ.
මේ හේතුව නිසා ගිණිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් දිනපතා දුකට පැමිණේ. ඔවුන්ගේ පිහිටට නිර්මාණය වුණු තවත් එක් කාන්තා සංවිධානයක් ලෙසයි ගුලාබි ගැන්ග් පෙනී සිටින්නේ.

මිනිසුන්ට පහර දී, ප‍්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳීමට නොහැකි බවත්, නීතිය ඇත්තේ ඒ සඳහා බවත් ගුලාබි ගැන්ග් වලට එරෙහි වන බොහොමයක් දෙනා ඉදිරිපත් කරන තර්කයක්. කෙසේ නමුත් නීතියත් හරිහැටි ක‍්‍රියාත්මක නොවන, කාන්තාවන්ට එරෙහි හිංසනය නීතිය ක‍්‍රියාත්මක කරවන්නන් විසින්ම සාධාරණීකරණය කෙරෙන තත්ත්වයක දී කාන්තාවන් විසින් සිය ආරක්ෂාව උදෙසා පොලූ, මුගුරු අතට ගැනීමට දොස් පවරන්නට නම් කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැත.

No comments:

Post a Comment

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...