සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක්‍රයක් පවතී. ඕනෑම නිෂ්පාදනයක් පාරිභෝගිකයන් අතර එකවර ස්ථාවරව රඳා පවතින්නේ නැත. ඒ සඳහා ක්‍රමිකව සංවර්ධනය වීමක් පැවතිය යුතුය. මේ අකාරයට නිෂ්පාදනයක් වෙළඳපලට පැමිණීමේ අවස්ථාවන් නිෂ්පාදන ජීවන චක්‍රය ඔස්සේ හªනාගත හැකිය.
නිෂ්පාදන ජීවන චක්‍රයේ ප්‍රධාන අංග 4ක් හදුනාගත හැකිය. එනම්
හදුන්වාදීමේ අවධිය
වර්ධනය වීමේ අවධිය
පරිනත වූ අවධිය
බිඳවැටීමේ අවධිය
ලෙසින් දැක්විය හැකිය.
හදුන්වාදීමේ අවධිය
මෙම චක්‍රයේ පළමු අදියර වන්නේ නිෂ්පාදනය හෝ සේවාව හදුන්වාදීමේ පියවරයි. මෙම අවදියේදී නිෂ්පාදන වෙළඳපල ප්‍රමාණයෙන් කුඩා වේ. එමෙන්ම නිෂ්පාදනයේ මිල ඉහළ මට්ටමක පවතින අතර නිෂ්පාදනය දියත් කිරීම නැතහොත් අලෙවිකරණය සඳහා අධික පිරිවැයක් යොදවමින් දැන්වීම්කරණය ආදි විශාල ප්‍රවර්ධන වැඩසටහන් දියත්කරනු දැකිය හැකිය. මෙම අවධියේදී භාණ්ඩය වෙළඳපල තුළ තරඟකාරීව හැසිරේ.
වර්ධනය වීමේ අවධිය
මෙම අදියරේදි භාණ්ඩයේ විකුණුම හා ලාභය යන අංශ ද්විත්වයම ශක්තිමත්ව වර්ධනය වීමක් සිදු වේ. භාණ්ඩ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා අතර උපරිම හැකියාව උපරිම කිරීමට ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ඉදිරිපත් කරනු ලබයි. මහජන සබඳතාව ඔස්සේ ගිවිසුම්වලට එළෙඔමින් නිෂ්පාදන වේගයත් අලෙවියත් එකසමාන අයුරින් වර්ධනය කර ගැනීම සිදු කරයි. භාණ්ඩයේ මිල පිළිබඳව සැලකිළිමත් වීමද මෙම අවධියේදී හදුනාගත හැකිය.
පරිනත වූ අවධිය
මෙම යුගය භාණ්ඩයේ කල්පිරීම ලෙසින්ද හැඳීන්විය හැකිය. මෙහිදි නිෂ්පාදිතය වෙළඳපල තුළ ස්ථාපිත වී ඇති අතර නිෂ්පාදකයාගේ ඉලක්කය වී ඇත්තේ ඔවුන් විසින් ගොඩනගාගෙන ඇති වෙළඳපල කොටස පිළිබඳවයි. බොහෝ නිෂ්පාදිතයන් සඳහා මෙය තරඟකාරී අවධියකි. ව්‍යාපාරයේ ඕනෑම අලෙවිකරණයක් ඥානවන්තව ආයෝජනය කළ යුතුය. තරඟකාරී නිෂ්පාදනවල ලබාදෙන්නා වූ වාසි පිළිබඳව අවධානය යොමු කරමින් නිෂ්පාදනයේ යම් යම් වෙනස්කම් සිදු කිරීම පාරිභෝගිකයාට නැවත නැවත නිෂ්පාදනය පිළිබඳ ආවර්ජනය කිරීම මෙම අවධියේ දී දැකගත හැකිය.
බිඳවැටීමේ අවධිය
ඕනෑම නිෂ්පාදනයක් අවසානයේ වෙළදපල තුළ යම් හැකිලීමකට ලක් විය හැකිය. මෙය පහත වැටීමේ අදියර ලෙස හැඳීන්වේ. මෙම අඩු වීම වෙළඳපල සංතෘප්ත වීම නිසා විය හැකිය. (එනම් නිෂ්පාදිතය මිලදි ගන්නා පාරිභොගිකයන් සියලූදෙනා එය දැනටමත් මිලදී ගෙන තිබිය හැකිය* නැතහොත් පාරිභෝගිකයින් විවිධ වර්ගයේ නිෂ්පාදනයන්ට මාරු වීමද සිදුවිය හැකිය. මෙම පරිහානිය නොවැළැක්විය හැකි වූවත් අඩු වියදම් සහිත නිෂ්පාදන ක්‍රම සහ ලාභදායි වෙළදපලවල් වෙත මාරු වීමෙන් මෙම තත්ත්වය මගහරවා ගත හැකිය.
No comments:
Post a Comment