සමනල විශේෂ
උභය ජීවි විශේෂ
මත්ස්‍ය විශේෂ
උරඟ විශේෂ
පක්ෂි විශේෂ
ක්ෂීරපායි විශේෂ
දිලීර හා බැක්ටීරියා විශේෂ
සමනල විශේෂ: ශ්‍රී ලංකාවේ දැකිය හැකි සමනල විශේෂ 65 ක් සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය- මෙයින් විශේෂ ගණනාවක් ශ්‍රී ලංකාවට ආවේණිකය- මේ අතරින් ලංකාවේ ලොකුම සමනල විශේෂය වන ක්‍දපපදබ ඉසරාඅසබට සිංහරාජයේ දක්නට ලැබීම වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරයි-
උභය ජීවි විශේෂ: ලංකාවට ආවේණික උභය ජීවි විශේෂ 28 ක් සිංහරාජ වනාන්තරය තුලින් වාර්ථා වී ඇත- මෙම උභය ජීවීන් මගින් සිංහරාජ වැසි වනාන්තරයේ උසස් පරිසර පද්ධතියක් නිර්මාණය කරයි- මෙම උභය ජීවී විශේෂ අතර මැඩි විශේෂ හා ගෙම්බන් බහුලව දැකිය හැකිය- මේ අතර ගස් ගෙම්බන්ගේ විවිධත්වය ඉතා උසස්ය-
මත්ස්‍ය විශේෂ: ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 16 අතරින් විශේෂ 03 ක් සිංහරාජයේ ඇල දොල ආශ්‍රීතව දැකිය හැකිය- පොදුවේ ගත් කල මත්ස්‍ය විශේෂ 11 සිංහරාජයේ වාසස්ථාන කරගෙන ඇත- ආවේණික මත්ස්‍ය විශේෂ අතරින් පුලුට්ටා, මගුරා, ගල්පාඬියා, කදුකර අභිරාවා, බහුලව දැකිය හැකිය-
උරඟ විශේෂ: ශ්‍රී ලංකාවට ආවේණික උරඟ විශේෂ 45 න් විශේෂ 21 සිංහරාජයේ දැකිය හැකිය- මෙම ගණයට සර්පයන්, කටුස්සන්, ඉදිබුවන් හා හිකනලුන් විශේෂ ගණනාවන් අයත් වේ- මෙයින් සර්ප විශේෂ අතරින් විෂ අධික දැනට ලංකාවෙන් වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති කුරුන් කරවලා සිංහරාජ පරිසර පද්ධතිය තුල දැකිය හැකිය-
පලාපොළගා
පක්ෂි විශේෂ: සිංහරාජ වනාන්තරය තුල පක්ෂි විශේෂ 147 ක් පමණ දක්නට ලැබේ- මෙයින් ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 න් 32 සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මෙම පක්ෂි විශේෂ වනාන්තරය තුල ජීවත්
වීම මගින් වැසි වනාන්තර පද්ධතිය, ආකර්ශනීය සංචාරක පරිසර කලාපයක් ලෙසට පත්ව ඇත- මෙම පක්ෂි විශේෂ අතර 13%ක් පර්යටනද 18% ක් ඝණ වනාන්තරයේ (සංචාරක නොවන පක්ෂීන්)ද 36% වනාන්තරය තුල හා පිටස්තර වාසස්ථාන වලද 10% වනාන්තර සීමාවේ ගම්බද ගෙවතු ආශ්‍රිතව ද දැකිය හැකිය- මෙම පක්ෂීන්ගෙන් 57% අඩු දුර්ලබ ගහන ඝනත්වයක් පෙන්වයි- ඔවුන් අතර වතරතු මල් කොහා, අළු දෙමලිච්චා, හිස සුදු මයිනා, බට ඇටි කුකුළා, කැහිබෙල්ලා, ගෙඹිකට බස්සා හා පඩුවන් බස්සා දැක්විය හැකිය-
ක්ෂීරපායි විශේෂ: බොහෝ වනාන්තරවල මෙන් සිංහරාජ වැසි වනාන්තරයේ විශාල ක්ෂීරපායි සතුන් දැකිය හැකිය- ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් අතරින් විශේෂ 40 ක් පමණ සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මේ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායින් විශේෂ 12 න් 08 ක් සිංහරාජයෙන් වාර්ථා වී ඇත- ඒ අතර අලියා, ගෝනා, ඕලු මුවා, මී මින්නා, වල් ඌරා, හදුන් දිවියා, වල් බළලා, රිලවා විශේෂ වේ-
දිලීර හා බැක්ටීරියා විශේෂ: විශාල ශාක ඝණත්වයකින් යුතු සිංහරාජ වනාන්තරයේ පෝෂක ගබඩාව ලෙස සමශීතෝෂ්ණ වනාන්තරයෙහි දිරාපත්වන ශාක හා සත්ව කොටස් මගින් නිකුත් කරනු ලබන පෝෂක පසෙහි රැස්කර තබා ගැනීම සදහා විශාල කාර්යයක් සිදු කරයි- මොවුන් අතර දිලීර හා බැක්ටීරියා ප්‍රමුඛත්වයක් ගනී- පෝෂක චක්‍රීකරණය හා කාබනික ද්‍රව්‍ය ජීර්ණයට ප්‍රධාන වශයෙන් දායක වේ- සිංහරාජය තුල ක්ෂුද්‍ර දිලීර 35 ක් ඇති බවට අනාවරණය වී ඇත- මෙයින් ප්‍රධාන වශයෙන් Trichodrma harzinum හා Penicillium simplicissimum වේ- සිංහරාජයේ වාර්ථා වී ඇති දිලීර විශේෂ කිහිපයක් ලෙස Ciccinella simplex, Mucor hiemalis, Mortierella rammaniana.
ගෝනා
නියමයි බොහොම ස්තූතී ඔබට
ReplyDelete