දීර්ඝ කාලයක් දේශගුණික, පාරිසරික, භෞතික හා වෙනත් සාධක නිසා විවිධ පරිනාමයන්ට භාජනය වෙමින් බිහි වන්නා වු වෘක්ෂ ප්‍රමුඛ වෙමින් සතුත්ට වාසස්ථාන සපයන පරිසර පද්ධතියක් වනාන්තරයක් ලෙස අර්ථ දැක්විය හැකිය- වනාන්තර වර්ග කිරීමේ සටහනට අනුව සිංහරාජ වනාන්තරය නිවර්තන වැසි වනාන්තරයක් ලෙසින් දැක්විය හැකිය- සිංහරාජය යන නාමය “ සිංහරජදහන ” යන අරුත් ගන්වනු ලබයි- ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කඳුවැටිය සීමා වෙමින් හෙක්ටයාර 11250 භූමි ප්‍රමාණයක පැතිර පවතින ජාතික වනෝද්‍යානයක් ලෙසින් ද අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් බවට නම් කර ඇති වනාන්තරයක් ලෙසින් සිංහරාජය හඳුනාගත හැකිය-
සිංහරාජ වනාන්තරයේ භූගෝලීය පිහිටීම දක්වන්නේ නම් උතුරු අක්ෂාංශ 6˚ 21˚ත් 6˚ 27˚ හා නැගෙනහිර දේෂාංශ 80 21 හා 80 37 අතර පිහිටා ඇත- මෙය හෙක්ටයාර 11250 කි- ගාල්ල , මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ පැතිර ඇත- සිංහරාජයේ මායිම
උතුරට : නාපොල දොල හා කොස්ගුලන ගඟ ද
දකුණට : මහ දොල හා ගිං ගඟ ද
බටහිරට : කලුකන්දාව දොල හා කුඩව ගඟ ද
නැගෙනහිරට : බෙවර්ලි වතු යාය හා දෙනියාය ද
ලෙසින් රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මායිම් වේ- සිංහරාජ වනයේ උච්චත්වය සැලකීමේ දී මුහුදු මට්ටමේ සිට උපරිම උස මී:1170 ද අවම උස මී: 90 ද අතර කදු මුදුන් කිහිපයක් පිහිටා ඇත- මී: 600ට වැඩි කඳු මුදුන් හයක් පිහිටයි- ඒවා නම්,
හිනිපිටිගල නැගෙනහිර
හිනිපිටිගල බටහි
සිංහගල
පිටිගලකන්ද
මුලාවැල්ල
කොස්ගුලන
සිංහරාජයට ලැබෙන වාර්ෂික උපරිම වර්ෂාපතනය මි-මී 6000 ත් අවම වර්ෂාපතනය මි-මී 3000 පමණ වේ- අවම මාසික වර්ෂාපතනය මි-මී 50 ලෙස වාර්තා වී ඇත- වාර්ෂික උෂ්ණත්වය 18ජ 27ජ අතර අගයක් ගනී- සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% ත් 80% අතර අගයක් ගනී- සිංහරාජ වනය තුළ රතු කහ පොඞ්සොලික් පසක් පවති- මෙය සාරවත් පසක් නොවන අතර පසේ ජීවත් වන බැක්ටීරියා මගින් තිර කරණ පෝෂක ශාක වෙතින් ක්ෂණිකව උරා ගැනීම නිසා පස සාරවත් නොවේ-
No comments:
Post a Comment