ඓතිහාසික උරුමකමින් යුත් ගංගා,දිය ඇලි,සුන්දර වනපෙත්වලින් සමන්විත වු කුඩා රටක් ලෙස එදා සිට අද දක්වා ලංකාව නම් දරා ඇත. මෙරට පවතින සුන්දරත්වය පිළිබද සැලකීමේ දී රට අභ්‍යන්තරය තුළ විවිධ දේශගුණික පරිසර තත්වයන්ගෙන් යුක්ත වීම, විවිධ ශාක ප්රජාවන්ගෙන් සමන්විත වීම, අපා දෙපා සිව්පා යනාදී විවිධ වර්ගයේ දුර්ලභ සත්වයින් දැකගත හැකි වීම,මහා සමුදුර සේ දිස්වන වැව් පිහිටා තීබීම ආදී සුන්දරත්වයන් ඉදිරිපත් කළ හැකිය. බොහෝ සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ඇදී එන්නේ මෙම සුන්දරත්වය නිසාවෙන්මය.
අප රටේ මෙතරම් ස්වභාව සෞන්දර්යය අතින් අනූන වූවත් ශ්‍රී ලාංකිකයින්ට එය අගේ නොවන්නේ මන්ද යන පැනය මතුවන්නේ ඔවුන් පරිසරයට
සිදු කරන හානිය නිසාවෙනි.ප්‍රධාන වශයෙන්ම
ජල දූෂණය
වායු දූෂණය
ගොඩබිම දූෂණය
වනාන්තර හා සතුන්ට සිදුකරන හානිය
යනාදි ලෙසින් මෙම පරිසර දුෂණය වර්ග කොට දැක්විය හැකිය.
මානවයාට සිය ජීවිකාව ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජලය දැක්වීමට පුළුවන.නමුත් මින්සා විසින්ම පිරිසිදු ජලය දූෂණය කරගනී. ඊට හේතු ලෙස
- කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම.
- කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම.
- සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම.
- කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.
- තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය.
- පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය.
- හදිසි අනතුරු නිසා වන ජල දූෂණය
- රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය.
- කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම.
දැක්විය හැකිය.මේ නිසා ලංකාව තුළ බොහෝ වකුගඩු රෝගීන් ප්‍රමාණයක් සිටින අතර සෞඛ්‍ය ගැටළු රැසක් මත්‍ර වී ඇත.
එමෙන්ම ගොඩබිම දූෂණයද වර්තමානයේ ප්‍රබල ගැටළුවක් වී ඇත. විශේෂ උත්සව අවස්ථාවලදී ගොඩබිම දූෂණය වැඩි වශයෙන් සිදු වේ.පස දූෂණය වීම සඳහා බලපාන හේතු ලෙසින්,
- පසේ ලවණතාවය වෙනස් වීම
- දිරා නොවන කොටස් පසට එකතු වීම
උදා-පොලිතීන්,ප්ලාස්ටික්
- විෂ රසායන පසේ එක්රැස් වීම
- පසේ ජල පරිමාව වෙනස් වීම
- පාංශු ඛාදනය
- අපද්‍රව්‍ය එකතු වීම
- කැටායන හුවමාරුව බිඳ වැටීම දැක්විය හැකිය.
මේ ලෙසින් මිනිසා විසින් ගොඩබිමත් ජලයත් දූෂණය කිරීමෙන් නිරායාසයෙන්ම වායුවත්, වනාන්තරත්.වන සතුන්ද විනාශයට පත් වේ.
බොහෝ මිනිසුන් තම නිවසේ අපද්‍රව්‍යන් ද මහ හග දමා යාමට පුරුදු වී සිටී. තම නිවසේ දීම නිසි ලෙස කසළ බැහැර කරන්නේ නම් පරිසර දූෂණය අවම කර ගැනීමේ හැකියාව් පවතී. මෙකී පරිසර දූෂණය නිසාවෙන් මිනිසාගේ සෞඛ්‍ය තත්වයේ බිඳවැටීමක්ද සිදුවන අතර රෝගී වූ සමාජයක් නිරායාසයෙන් නිර්මාණය වේ. මේ නිසා අප කළ යුත්තේ බුදු දහමේ දක්වන පරිදි පරිසරය කෙරෙහි සහසික නොවි ප්‍රයෝජන ගැනීමයි. එමෙන්ම බුදු දහමේ ජෛව විවිධත්වය ඇති කරලීම සඳහා පංචශිල ප්රතිපත්තිවල පළමු සික්ෂා පදයෙන් අවධාරණය කරනු ලබන්නේ ප්‍රාණඝාතයෙන් වැලකිම වැදගත් බව දක්වයි. මෙහි කරුණු කිපයක් අන්තර්ගතය.
- සියලුම ජිවින් විනාශ කිරීමෙන් වැලකීම
- ජිවින් විනාශ කිරීමට හේතුවන අවි අයුධ බැහැර කිරීම
- සියලු සත්වයන් කෙරෙහි හිතානු කමිපිත වීම
- සියලුම සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්ත වීම
සමිබේ සත්තා භවන්තු සුඛි සත්තා යන විශ්ව මෛත්‍රී සංකල්පය යටතේ සියලුම ජිවින්ගේ පැවැත්ම අවධාරණය කෙරේ.මෙ ආකාරයට සියළු ජීවීන්ගේ පැවැත්ම උදෙසා පරිසරය දූෂණය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
Kthawa nm eththa
ReplyDelete