ශ්‍රී ලංකාවේ වගාකරුවන් යොමු වී ඇති තවත් පැතිකඩක් ලෙස බිම්මල් වගාව දැක්විය හැකිය. ස්වයං ව්‍යාපාරයක් ලෙස දේශීය නිෂ්පාදනයට දායකවන මෙම බිම්මල් වගාව 1980 දී පමණ කර්මාන්තයක් ලෙස ආරම්භ වී ඇත. එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග වැනි ආහාර වර්ගවලට හාත්පසින් වෙනස් වූ ආහාරයක් ලෙස බිම්මල් දැක්විය හැකිය.
බිම්මල් යනු දිලීර වර්ගයකි. දිලීර අයත්වන්නේ ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයටය. ශාක වර්ගීකරණයේ දී බිම්මල් මෙම ක්ෂුද්‍ර ජීවි කාණ්ඩයට ඇතුළත් කර ඇත. දිලීරවල ශාක දේහය මුල්, කඳ, පත්‍ර ආදි ලෙස වෙන් කළ නොහැකිය. දිරායන ගස් කදන්වල ජීවත්වන මෙම දිලීරය මෘතෝපජීවි වේ. එනම් හරිතප්‍රද අඩංගු නොවන නිසා ප්‍රභාසංස්ලේෂණයෙන් හරිත ශාකවලට මෙන් ආහාර පිළියෙල කළ නොහැකි වීමයි. විශාල සංඛ්‍යාවක් පවතින දිලීර අතරින් බැසිඩියෝමයිසිටිස් නැමති දිලීර වර්ගයට අයත් වේ.
දේශීය වශයෙන් ආහාරයට ගනු ලබන බිම්මල් වර්ග ගණනාවක් පවති. මාවැලි හතු, හීන්වැලි හතු, ඉදලෝළු, කොටන් බිම්මල්, හුඩස් බිම්මල්, කුට්ටන් බිම්මල්, ලේන්පහුරු, මොණර බිම්මල් ආදි ලෙස දැක්විය හැකිය.
බිම්මල් හෙවත් හතුවල පෝෂණීය ගුණය ඉහළ අගයක් ගනී. බිම්මල් ප්‍රෝටීන් බහුල ආහාරයකි. සාමාන්‍ය මස් මාංශවලින් තරම්ම ප්‍රෝටීන් ප්‍රමාණයක් නොලැබුනද මෙහි එක් විශේෂත්වයක් ඇත. එනම් මස් මාංශ හේතුවෙන් සිරුරේ කොලොස්ටරෝල් නාශකයක් අඩංගුව ඇත. අමු බිම්මල් ග්‍රෑම් 100ක අඩංගු පෝෂ්‍ය කොටස් ප්‍රමාණය පහත පරිදිය.
ජලය ග්‍රෑම් 91-0
ප්‍රෝටීන් ග්‍රෑම් 2.5
මේදය මිලිග්‍රෑම් 0.3
කැල්සියම් 20
යකඩ මිලිග්‍රෑම් 1-0
තයමින් මයික්‍රෝග්‍රෑම් 120
විටමින් සී මිලිග්‍රෑම් 3.0
මෙයට අමතරව බිම්මල් ආහාරයට ගැනීම නිසා,
ප්‍රතිදේහ නිපදවීම
ආසාත්මිකතාව වැළැක්වීම
සම නිරෝගි කිරීම
තුවාල ඉක්මනින් සුවකිරීම
ආදී යහපත් සෞඛ්‍ය තත්වයන් ළගාකර ගතහැකිය. මේ නිසාවෙන් ඉන්දියානුවන් බිම්මල් යනු දිව්‍යමය ආහාරයක් ලෙස දක්වයි.
බිම්මල් වගා කිරීමේ ප්‍රධාන ක්‍රම දෙකක් ලෙස ලී කුඩු මාධ්‍යයේ වගා කිරීම සහ පිදූරු මාධ්‍යයේ වගා කිරීම දැක්විය හැකිය. බිම්මල් වගාව ආශ්‍රිත වගාකරුවන්ට පවතින ප්‍රධාන ගැටලු වනුයේ බිම්මල් බීජ ලබා ගැනීමට නිසි ස්ථාන නොවීමත් කෘමි උවදූරින් තම වගාව බේරා ගැනීමත්ය. කෝදුරු පවුලට අයත් මැස්සන් හා මයිටාවන් ද බිම්මල් වගාවට හානි කරයි.
ලාංකීය සමාජයේ බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම වගා ක්‍රමය යටතේ සිය ජීවිතය සරුකර ගැනීමට උත්සහ ගනිති. දැනට බිම්මල් කිලෝග්‍රෑම් 1ක මිල රු.120ක් පමණ වේ. සතියට බිම්මල් කිලෝග්‍රෑම් 50ක් පමණ නෙලාගත හැකිනම් සතියක ආදායම රු.6000ක් පමණ වේ. මේ අනුව මාසික ආදායම රු.24,000ක් පමණ වේ.එබැවින් අඩු ප්‍රාග්ධනයක් යොදා වැඩිලාභයක් ලබාගත හැකි ස්වයං රැකියා ව්‍යාපෘතියක් ලෙස බිම්මල් වගාව හදුන්වා දිය හැකිය.
බිම්මල් වගා කිරීම පමණක් නොව ඒ ආශ්‍රිත නව කෑම පිළියෙල කොට දේශීය විදේශිය වෙළදපලට බෙදාහැරීමට වර්තමානයේ බොහෝදෙනා යොමු වී ඇත.
බිම්මල් පාන්
බිම්මල් සුප්
බිම්මල් බුරියානි
බිම්මල් ඔම්ලට් ආදි ආහාර සදහා අද වෙළදපලේ වැඩි ඉල්ලුමක් පවති.
නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දේශීය ආහාර රටාව ද වෙනස් කරගැනීමට ලක්වැසියන් හුරු වී ඇත. අතීතයේ ගෙවත්තේ සිය ගෙවත්තෙන් නෙලාගත් පිරිසිදු එළවළු පලතුරු පරිභෝජනය කරන්නට විය. දේශීය බිම්මල් වගාවද ඒ ආකාරයෙන්ම ගෙවතු වගාවක් ලෙසින් සිදුකිරීමට හැකියාවක් පවති. ස්වයං ව්‍යාපාරයක් ලෙස දේශීය නිෂ්පාදනයට දායක වන මෙම බිම්මල් වගාව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමටද දායක් කරගත හැකිය.
No comments:
Post a Comment