වර්තමාන සමාජයේ බොහෝ දෙනා ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබද වැඩිවශයෙන් කතාබහ කිරීම දැකගත හැකිය. ඊට හේතුව වශයෙන් සීඝ‍්‍ර ලෙසින් ලාංකේය ගතිසිරිත් ඇවතුම් පැවතුම් වෙනස්වීම දැක්වීමට පුළුවන. බොහෝදෙනා සිතනුයේ මෙම ජනප‍්‍රිය සංස්කෘතිය බටහිර නැතහොත් විදෙස් රටවලින් මෙරටට ආගමනය වන බවයි. එම අදහස පැවතියද ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමට විද්‍යුත් මාධ්‍ය හේතුකාරක වනබව, වර්තමානයේ රූපවාහිනිය තුළින් විකාශනය කරන හඩ කවන ලද විදෙස් ටෙලිනාට්‍යත් ඒවාට ජනයා වැඩිවශයෙන් ප‍්‍රියකිරීමත් තුළින් පැහැදිලිය.
ජනප‍්‍රිය සංස්කෘතිය හදුනාගැනීමට පෙර සංස්කෘතිය කුමක්දැයි අප හදුනාගත යුතුය. සංස්කෘතිය පිළිබද අධ්‍යයනය කිරීමේදී ඊ. බී ටයිලර් නමැති පර්යේෂකයා විසින් දක්වන ලද නිර්වචනය වැදගත් වේ ඔහුට අනුව
"සංස්කෘතිය යනු දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත්
හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා
වූ පුරුදු පුහුණූ හා හැකියාවන් අඩංගු සම්පූර්ණ සමස්තයයි."
මෙකි නිර්වචනය තුළ පුද්ගලයාගේ හැසිරීම් රටාවම සංස්කෘතික වශයෙන් හදුනාගත හැකිය. සාම්ප‍්‍රදායිකව පැවති සංස්කෘතිකාංග වෙනස් වීම ආරම්භ වනුයේ කාර්මික විප්ලවයත් සමගින්ය. ඒ ඔස්සේ දියුණුු වූ තාක්ෂණයත් මාධ්‍ය බිහිවීමත් හේතුවෙන් සංස්කෘතිය නව මුහුණුවරකින් විකාශනය විය. මෙතෙක් පැවති සංස්කෘතියට නව ආරක්ගත් සංස්කෘතික අංග එක් වී සමාජය තුළ පැතිරීම හෙවත් එම අංග සමාජය තුළ ජවප‍්‍රිය අංග බවට පත් වීමෙන් ජනප‍්‍රිය සංස්කෘතිය වර්තමානය දක්වා පැමින ඇත.
20වන සියවස මැදභාගයේදී බොහෝ ජනමාධ්‍යන්හි නැගීමක් ඇති වීමත් එම ජනමාධ්‍යන්ට හසු වූ ග‍්‍රාහකයා තුළ පැවති ජීවන රටාව කෙමෙන් වෙනස් වන්නට විය. ජනමාධ්‍ය වඩවඩාත් මානව ජීවිතයට සමීප වීමත් සමගම නොදැනුවත්වම ඒ ජනමාධ්‍ය ව්‍යුහය මානව ජීවිතය කෙරෙහි ඇතැම් අභියෝගයන්ද එල්ල කරනු දක්නට හැකිය. මේ සම්බන්ධයෙන් බොහෝ නිදසුන් හමුවන්නේ වාණිජ ප‍්‍රචාර ඔස්සේය ඇතැම් අවස්ථාවකදී සම්මත සන්නිවේදන යෙදුම් විශේෂයන් පවා ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ වෙනස් වී පවතී .
ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමෙහිලා විද්‍යුත් මාධ්‍යයන් ප‍්‍රමුඛය විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය තුළින් මෙම ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාගතවීම සිදු වේ. ලාංකේය සමාජය තුළ කාන්තා ඇදුම් ,කොණ්ඩ විලාසිතා යනාදි බාහිර අංග පමණක් නොව සිතුම් පැතුම් ආදිය වෙනස් කරලීමට වත්මන් රූපවාහිනි ටෙලිකතා හේතුකාරක වී ඇත. එමෙන්ම ජනප‍්‍රිය තරු සංකල්පය වැනි රියලිටි වැඩසටහන් ඔස්සේද තරුණ ප‍්‍රජාව තුළ ජනප‍්‍රිය අංග නිර්මාණය කිරීමට රූපවාහිනි මාධ්‍ය ප‍්‍රබල වී ඇත.
රූපවාහිනිය පමණක් නොව ගුවන්විදුලි මාධ්‍යත් වර්තමානයේ අන්තර්ජාලය හා බැදි පවතින සමාජ මාධ්‍යත් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි බලපා ඇත. එබැවින් ජනප‍්‍රිය සංස්කෘකිය විද්‍යුත් මාධ්‍ය මතත් විද්‍යුත් මාධ්‍යයේ වර්ධනය ජනප‍්‍රිය සංස්කෘතිය මතත් පිහිටා ඇතිබව දැක්විය හැකිය.
Subscribe to:
Post Comments (Atom)
ස්ත්‍රි පුරුෂ සමාජභාවය
ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...
-
සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්, නෙරු ස්ථරය වියන් ස්ථරය උප වියන් ස්ථරය යටි වියන් ස්ථර...
-
විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණ...
-
සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක්...
No comments:
Post a Comment