Sunday, April 30, 2017
ලෝක කම්කරු දිනය
ලෝක කම්කරුවන්ගේ දිනය ලෙසින් සැලකෙන්නේ මැයි පළමුවැනිදාය. මෙම දිනය බොහෝදෙනා වැඩකරන ජනතාවගේ දිනය ලෙසින්ද නම් කරනුයේ ඔවුනට වටිනාකමක් නැතහොත් වැඩකරන කම්කරු ජනතාවක් ද සිටින බව ලොවට පසක් කර දීමටය.
ලෝක කම්කරුවන්ගේ දිනයේ ඉතිහාසය පිළිබඳ සැලකීමේ දී එය ආරම්භ වී ඇත්තේ 1886 වර්ෂයේ ඇමරිකාවේ හේමාකට් චතුරස්රයේදීය. මැයි දිනයේ ආරම්භය සඳහා විශේෂ සිදුවීමක් පාදක වී ඇති බව එහි ඉතිහාසය විමසීමෙන් පැහැදිලිය.ඇමරිකාවේ වැඩකරන ජනතාව පැය 8ක වැඩමුරයක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණය පාදක කර ගනිමින් මෙහි ආරම්භය සිදු වී ඇත. ඇමරිකාවේ චිකාගෝ කර්මාන්ත ශාලාවේ සේවකයන් මෙම උද්ඝෝෂණය සිදු කිරීමත් එමනිසා කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග තත්ත්වය උණුසුම් විය. කර්මාන්ත ශාලා හිමියන්ට එරෙහිව දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩිපහරින් කම්කරුවන් කිහිපදෙනෙකු මියයාමත් විශාල පිරිසක් තුවාල ලැබීමත් නිසා ලොවම කතාබහට ලක් වූ සිද්ධියක් බවට මෙය පත්විය. අවස්ථාවෙන් ප්රයෝජනගත් පොලිස් නිලධාරීන් කම්කරු නායකයින් අත්අඩංගුවට ගැනීමත් දඬුවම් ලබා දීමත් සිදුකරන්නට විය.
මෙම අරගලය පිළිබඳ තොරතුරු ව්‍යාප්ත වීමත් සමග ලෝකය පුරා පැතිරී සිටි කම්කරුවන් මෙම සිද්ධියට එරෙහිව නැගීසිටින්නට විය. ඒ අනුව 1889 ජුනි මස පැරිස් නුවරදී පෙඞ්ඩි්රක් ඒංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේ දී චිකාගෝ නුවර දී ඇති වූ සිදුවීමෙන් මියගිය කම්කරුවන් සිහි කිරීමට මැයි පළමුවැනිදා යොදාගනු ලැබීය. ප්‍රථමවරට මැයි දිනය සමරන ලද්දේ 1890 වර්ෂයේ දීය. ප්‍රංශ නියෝජිත ලැව්ටනි විසින් කම්කරුවන් එක්සත්ව ක්‍රියාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව පිළිගැනීමත් සමග මැයි දිනයේ ආරම්භය සනිටුහන් විය.ලේ හෙලු ජනතාව සිහි ගැන්වීමට රක්ත වර්ණය මැයි දිනය වර්ණවත් කිරීමට යොදා ගනී.
ලංකාවේ මැයි දින සැමරුම 1926 වර්ෂයේ , ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත. එකල මැයි දිනය , මැයි පෙරහැරක් පවත්වා වැඩකරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දීම සිදු වී ඇත. එකල මැයි දිනය මත්පැන් පානයෙන් තොර විනයගරුක කම්කරු උළෙලක් විය. මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වුයේ බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පැවති යුගයේ දීය. ඒ වන විට කම්කරු ඇමතිවරයා වූයේ ටී.බී ඉලංගරත්න මහතාය.
මෙලෙස ඇරඹී ලාංකේය කම්කරු ව්‍යාපාරය 1947 වන විට ඉතා බලසම්පන්න ව්‍යාපාරයක් බවට පත් විය. පසුකාලීනව රක්ත වර්ණයෙන් දිදුලු මැයි දිනය දේශපාලන උවමනාවන් සඳහා යොදා ගන්නා දිනයක් බවට පත් වී ඇත. නිල් කොළ වර්ණයන්ගෙන් සැරසුණු පෙළපාලීවලින් මැයි දිනය වර්ණවත් වීම වර්තමානයේ දී දැකගත හැකිය. ජාත්‍යන්තර මැයි දිනයේ අරමුණ වූ එක්සත්ව ක්‍රියාකරන කම්කරුවන් පිරිසක් මෙරට මැයි දිනයේ දී හඳූනාගැනීමට නොහැකි වනුයේ දේශපාලන බෙදීම් මත මැයි දිනය සැමරීම නිසාවෙනි. එමනිසාවෙන් ම විනයගරුක මැයි දිනයක් මුල් යුගයෙන් පසු පැවැත්වීමට ලාංකික වැඩකරන ජනතාව අපොහොසත් වී ඇත. කම්කරු දිනය සැමරීමේ දී එදා හේමාට් විප්ලවයේ දී ලේ හෙලු විරුවන්හටද නිසි ගරු බුහුමන් දක්වමින් සදාචාරවත්, අර්ථවත් මැයි දිනයක් සමරන්නේ නම් නිතැතින්ම ආදර්ශවත් වනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
ස්ත්‍රි පුරුෂ සමාජභාවය
ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්ර...
-
සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්, නෙරු ස්ථරය වියන් ස්ථරය උප වියන් ස්ථරය යටි වියන් ස්ථර...
-
විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණ...
-
සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක්...
No comments:
Post a Comment