Sunday, April 30, 2017

ලෝක කම්කරු දිනය


ලෝක කම්කරුවන්ගේ දිනය ලෙසින් සැලකෙන්නේ මැයි පළමුවැනිදාය. මෙම දිනය බොහෝදෙනා වැඩකරන ජනතාවගේ දිනය ලෙසින්ද නම් කරනුයේ ඔවුනට වටිනාකමක් නැතහොත් වැඩකරන කම්කරු ජනතාවක් ද සිටින බව ලොවට පසක් කර දීමටය.

ලෝක කම්කරුවන්ගේ දිනයේ ඉතිහාසය පිළිබඳ සැලකීමේ දී එය ආරම්භ වී ඇත්තේ 1886 වර්ෂයේ ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේදීය. මැයි දිනයේ ආරම්භය සඳහා විශේෂ සිදුවීමක් පාදක වී ඇති බව එහි ඉතිහාසය විමසීමෙන් පැහැදිලිය.ඇමරිකාවේ වැඩකරන ජනතාව පැය 8ක වැඩමුරයක් ඉල්ලා කරන ලද උද්ඝෝෂණය පාදක කර ගනිමින් මෙහි ආරම්භය සිදු වී ඇත. ඇමරිකාවේ චිකාගෝ කර්මාන්ත ශාලාවේ සේවකයන් මෙම උද්ඝෝෂණය සිදු කිරීමත් එමනිසා කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමග තත්ත්වය උණුසුම් විය. කර්මාන්ත ශාලා හිමියන්ට එරෙහිව දියත් කළ උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩිපහරින් කම්කරුවන් කිහිපදෙනෙකු මියයාමත් විශාල පිරිසක් තුවාල ලැබීමත් නිසා ලොවම කතාබහට ලක් වූ සිද්ධියක් බවට මෙය පත්විය. අවස්ථාවෙන් ප්‍රයෝජනගත් පොලිස් නිලධාරීන් කම්කරු නායකයින් අත්අඩංගුවට ගැනීමත් දඬුවම් ලබා දීමත් සිදුකරන්නට විය.

මෙම අරගලය පිළිබඳ තොරතුරු ව්‍යාප්ත වීමත් සමග ලෝකය පුරා පැතිරී සිටි කම්කරුවන් මෙම සිද්ධියට එරෙහිව නැගීසිටින්නට විය. ඒ අනුව 1889 ජුනි මස පැරිස් නුවරදී පෙඞ්ඩි්‍රක් ඒංගල්ස්ගේ ප්‍රධානත්වයෙන් පැවති කම්කරුවන්ගේ දෙවන ජාත්‍යන්තර සමුළුවේ දී චිකාගෝ නුවර දී ඇති වූ සිදුවීමෙන් මියගිය කම්කරුවන් සිහි කිරීමට මැයි පළමුවැනිදා යොදාගනු ලැබීය. ප්‍රථමවරට මැයි දිනය සමරන ලද්දේ 1890 වර්ෂයේ දීය. ප්‍රංශ නියෝජිත ලැව්ටනි විසින් කම්කරුවන් එක්සත්ව ක්‍රියාකරන ජාත්‍යන්තර කම්කරු දිනයක් ලෙස යෝජනා කළ අතර සමුළුව එය ඒකමතිකව පිළිගැනීමත් සමග මැයි දිනයේ ආරම්භය සනිටුහන් විය.ලේ හෙලු ජනතාව සිහි ගැන්වීමට රක්ත වර්ණය මැයි දිනය වර්ණවත් කිරීමට යොදා ගනී.

ලංකාවේ මැයි දින සැමරුම 1926 වර්ෂයේ , ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇත. එකල මැයි දිනය , මැයි පෙරහැරක් පවත්වා වැඩකරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දීම සිදු වී ඇත. එකල මැයි දිනය මත්පැන් පානයෙන් තොර විනයගරුක කම්කරු  උළෙලක් විය. මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වුයේ බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව පැවති යුගයේ දීය. ඒ වන විට කම්කරු ඇමතිවරයා වූයේ ටී.බී ඉලංගරත්න මහතාය.

මෙලෙස ඇරඹී ලාංකේය කම්කරු ව්‍යාපාරය 1947 වන විට ඉතා බලසම්පන්න ව්‍යාපාරයක් බවට පත් විය. පසුකාලීනව රක්ත වර්ණයෙන් දිදුලු මැයි දිනය දේශපාලන උවමනාවන් සඳහා යොදා ගන්නා දිනයක් බවට පත් වී ඇත. නිල් කොළ වර්ණයන්ගෙන් සැරසුණු පෙළපාලීවලින් මැයි දිනය වර්ණවත් වීම වර්තමානයේ දී දැකගත හැකිය. ජාත්‍යන්තර මැයි දිනයේ අරමුණ වූ එක්සත්ව ක්‍රියාකරන කම්කරුවන් පිරිසක් මෙරට මැයි දිනයේ දී හඳූනාගැනීමට නොහැකි වනුයේ දේශපාලන බෙදීම් මත මැයි දිනය සැමරීම නිසාවෙනි. එමනිසාවෙන් ම විනයගරුක මැයි දිනයක් මුල් යුගයෙන් පසු පැවැත්වීමට ලාංකික වැඩකරන ජනතාව අපොහොසත් වී ඇත. කම්කරු දිනය සැමරීමේ දී එදා හේමාට් විප්ලවයේ දී ලේ හෙලු විරුවන්හටද නිසි ගරු බුහුමන් දක්වමින් සදාචාරවත්, අර්ථවත් මැයි දිනයක් සමරන්නේ නම් නිතැතින්ම ආදර්ශවත් වනු ඇත.

Friday, April 21, 2017

ජනප‍්‍රිය සංස්කෘතිය හා විද්‍යුත් මාධ්‍ය

වර්තමාන සමාජයේ බොහෝ දෙනා ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබද වැඩිවශයෙන් කතාබහ කිරීම දැකගත හැකිය. ඊට හේතුව වශයෙන් සීඝ‍්‍ර ලෙසින් ලාංකේය ගතිසිරිත් ඇවතුම් පැවතුම් වෙනස්වීම දැක්වීමට පුළුවන. බොහෝදෙනා සිතනුයේ මෙම ජනප‍්‍රිය සංස්කෘතිය බටහිර නැතහොත් විදෙස් රටවලින් මෙරටට ආගමනය වන බවයි. එම අදහස පැවතියද ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමට විද්‍යුත් මාධ්‍ය හේතුකාරක වනබව, වර්තමානයේ රූපවාහිනිය තුළින් විකාශනය කරන හඩ කවන ලද විදෙස් ටෙලිනාට්‍යත් ඒවාට ජනයා වැඩිවශයෙන් ප‍්‍රියකිරීමත් තුළින් පැහැදිලිය.
ජනප‍්‍රිය සංස්කෘතිය හදුනාගැනීමට පෙර සංස්කෘතිය කුමක්දැයි අප හදුනාගත යුතුය. සංස්කෘතිය පිළිබද අධ්‍යයනය කිරීමේදී ඊ. බී ටයිලර්  නමැති පර්යේෂකයා විසින් දක්වන  ලද නිර්වචනය වැදගත් වේ ඔහුට අනුව
 
        "සංස්කෘතිය යනු දැනුම ඇදහිලි  කලා නීති සදාචාර සිරිත් විරිත්
        හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත්තා
       වූ පුරුදු පුහුණූ හා හැකියාවන් අඩංගු සම්පූර්ණ සමස්තයයි."

මෙකි නිර්වචනය තුළ පුද්ගලයාගේ හැසිරීම් රටාවම සංස්කෘතික වශයෙන් හදුනාගත හැකිය. සාම්ප‍්‍රදායිකව පැවති සංස්කෘතිකාංග වෙනස් වීම ආරම්භ වනුයේ කාර්මික විප්ලවයත් සමගින්ය. ඒ ඔස්සේ  දියුණුු  වූ තාක්ෂණයත් මාධ්‍ය බිහිවීමත් හේතුවෙන් සංස්කෘතිය නව මුහුණුවරකින් විකාශනය විය. මෙතෙක් පැවති සංස්කෘතියට නව ආරක්ගත් සංස්කෘතික අංග එක් වී සමාජය තුළ පැතිරීම හෙවත් එම අංග සමාජය තුළ ජවප‍්‍රිය අංග බවට පත් වීමෙන් ජනප‍්‍රිය සංස්කෘතිය වර්තමානය දක්වා පැමින ඇත.


20වන සියවස මැදභාගයේදී බොහෝ ජනමාධ්‍යන්හි නැගීමක් ඇති වීමත් එම ජනමාධ්‍යන්ට හසු වූ ග‍්‍රාහකයා තුළ පැවති ජීවන රටාව කෙමෙන්  වෙනස් වන්නට විය. ජනමාධ්‍ය වඩවඩාත් මානව ජීවිතයට සමීප වීමත් සමගම නොදැනුවත්වම ඒ ජනමාධ්‍ය ව්‍යුහය මානව ජීවිතය කෙරෙහි ඇතැම් අභියෝගයන්ද එල්ල කරනු දක්නට හැකිය. මේ සම්බන්ධයෙන් බොහෝ නිදසුන් හමුවන්නේ වාණිජ ප‍්‍රචාර ඔස්සේය ඇතැම් අවස්ථාවකදී සම්මත සන්නිවේදන යෙදුම් විශේෂයන් පවා ජනප‍්‍රිය සංස්කෘතිය ඔස්සේ වෙනස් වී පවතී .

ජනප‍්‍රිය සංස්කෘතිය නිර්මාණය කිරීමෙහිලා විද්‍යුත් මාධ්‍යයන් ප‍්‍රමුඛය විශේෂයෙන් රූපවාහිනි මාධ්‍ය තුළින් මෙම ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාගතවීම සිදු වේ. ලාංකේය සමාජය තුළ කාන්තා ඇදුම් ,කොණ්ඩ විලාසිතා යනාදි බාහිර අංග පමණක් නොව සිතුම් පැතුම් ආදිය වෙනස් කරලීමට වත්මන් රූපවාහිනි ටෙලිකතා හේතුකාරක වී ඇත. එමෙන්ම ජනප‍්‍රිය තරු සංකල්පය වැනි රියලිටි වැඩසටහන් ඔස්සේද තරුණ ප‍්‍රජාව තුළ ජනප‍්‍රිය අංග නිර්මාණය කිරීමට  රූපවාහිනි මාධ්‍ය ප‍්‍රබල වී ඇත.

රූපවාහිනිය පමණක් නොව ගුවන්විදුලි මාධ්‍යත් වර්තමානයේ අන්තර්ජාලය හා බැදි පවතින සමාජ මාධ්‍යත් ජනප‍්‍රිය සංස්කෘතිය කෙරෙහි බලපා ඇත. එබැවින් ජනප‍්‍රිය සංස්කෘකිය විද්‍යුත් මාධ්‍ය මතත් විද්‍යුත් මාධ්‍යයේ වර්ධනය ජනප‍්‍රිය සංස්කෘතිය මතත් පිහිටා ඇතිබව දැක්විය හැකිය.

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...