ජූලි 02 - ලෝක හඳුනානොගත් පියාසර වස්තූන් දිනය
ජූලි 07 - ලෝක චොකලට් දිනය
ජූලි 11 - ලෝක ජනගහන දිනය
ජූලි 15 - ලෝක යොවුන් හැකියා දිනය
ජූලි 17 -ජාත්‍යන්තර යුක්තිය සඳහා වූ ලෝක දිනය
ජූලි 18 - ජාත්‍යන්තර නෙල්සන් මැන්ඩෙලා දිනය
ජූලි 28 - ලෝක හෙපටයිටිස් දිනය
ජූලි 30 - ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
ජූලි 30 - නීති විරෝධී මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය
Monday, July 31, 2017
මිථුන තරු රටාව ( Gemini Constellation )
Gemini Constellation හෙවත් මිථුන තාරකා මණ්ඩලය (රාශිය) උතුරු අර්ධ ගෝලයේ මෙන්ම දකුණු අර්ධ ගෝලයේ බොහෝවිට දක්නට ලැබේ. උතුරු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ශීත කාලයේ සිට වසන්ත කාලය දක්වාම දැකගත හැකිවේ.
දකුණු අර්ධ ගෝලයේ මිථුන තාරකා මණ්ඩලය ග්‍රීෂ්ම කාලයේදී පමණක් දැකගත හැකිවේ. දකුණු අර්ධ ගෝලයේ උඩු යටිකුරු ලෙස දිස්වීම විශේෂත්වයකි. (උ.ගැ)
Monday, July 24, 2017
තනිකම
මුවට ලංවෙලා
කෙඳිරූ කලක්
මටත් තිබුණා
සත්තමයි
නුවන් දැක
සිනාසුනු සැටි
දුටුවා
සුකොමළයි
අතීතය මතක් වී
සුසුම් නැගුණේ
නොදැනිමයි
අද මං තනිවෙලා
සිතින්
තැවෙනවා තනිකමයි
Monday, July 17, 2017
පැතුම
නොසිතු ලෙස නෙත ගැටුණු
දඟකාර නුඹේ නෙත්
හදවතට හැඟුම් දුනි
සසරේ සුපුරුදු බවක්
දිනෙන් දින සෙනෙහසින්
එක්
කෙරුනු අප දෙසිත්
සසර වසනාතුරුම
රැදෙවා එක් සිතින්
Monday, July 10, 2017
විසඳුම් සොයමු...
කසළ කසළ කසළ... අද සමාජයේ ඉන්න හැමදෙනාම නිරන්තරයෙන් කතා බහ කරන මාතෘකාවක් තමයි මේ කසළ..කොළඹ ප්‍රදේශයේ මේ වන විට කසළ රැස්කිරීම යම් අඩාල තත්වයක පවතිනවා. ඊට හේතුව තමයි කසළ නිසි ලෙස බැහැර කරන්නට තැනක් නොතිබීම. මේ නිසා කොළඹ තැන් තැන්වල කසළ එකතු වී තිබෙනවා දිනපතා දකින්න පුළුවන්.
ඇත්තටම මේ කසළ ප්රශ්නය පිළිබඳව විසඳුම් සේවීමට නම් පළමුවෙන්ම ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතුය. මේ වන විට කෙරවලපිටිය ප්‍රදේශයේ කසල ප්‍රතිචක්ක්‍රීකරණය කිරීම ආරම්භ කර තිබුණද එය ඉතා ඉක්මනින් එකවර සිදුකළ හැකි කාර්යක් නොවේ. එයට හේතු තමයි එම කටයුත්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණවත් නොවීම. කෙසේ වෙතත් මේ වන විටත් එහි වැඩකටයුතු සිද්ධ වෙමින් පවති. එහිදි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කසල නිසි ලෙස වර්ගකර බැහැර කිරීම කරන ලෙසයි. එවිට කාර්යක්ෂමව ප්‍රතිචක්ක්‍රීකරණය කළ හැකිබව දක්වයි.
එහි කාර්ය මණ්ඩලය දක්වනුයේ කොළඔ අඩු පහසුකම් සහිත නිවෙස්වලින් මිනිසුන්ගේ වැසිකිලි අපද්‍රව්‍යද මෙම ස්ථානයට පැමිණෙන බවත් එවැනි අවස්ථාවලදී දැඩි අපහසුතාවන්ට ලක්වන බවයි. විශේෂයෙන්ම මහල් නිවාසවල වෙසෙන ජනතාවට සිය කසල බැහැර කිරිමට කිසිදු ස්ථානයක් නොමැති අතර නිසිපරිදි කසල බැහැරකිරීම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.
කසල ප්රශ්නය තනි එක් පුද්ගලයෙකුට හෝ එක් ප්‍රදේශයකට පමණක් අපට සීමා කළ නොහැකිය. නුවරඑළිය,බදුල්ල,යාපනේ මේ කුමන දිස්ත්‍රික්කයක ගොවියෙකු වුවද කොළඹට එළවළු ප්‍රවාහනය කරන විට නිසි ලෙස ඇසුරුම් කරන්නේනම් අපතේ යන අාහාර ද්‍රව්‍ය ප්‍රමාණයද අවම කරගත හැකිය. අද සමාජයේ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වීමෙන් කසල බැහැර කරන ප්‍රමාණයද වැඩි වී ඇත. පෙර පැවති ත්තවයට වඩා සමාජය වෙනස් වී ඇත. මේ නිසා අප සමාජ ගැටළු දෙස නව මානයකින් බැලිය යුතුය.මීතොටමුල්ල ජනතාව පවසනුයේ තමන් කුණු කන්ද අසළ නිවාස ඉදිනොකළ බවත් තම නිවාස අභියස කුණු කන්දක් නිර්මාණය කළ බවත්ය. අැත්තටම එය සත්‍යකි.අප විසින්ම නිර්මාණය කළ දෙයකට ජීවීතෙන් වන්දි ගෙව්වේ තවත් පිරිසකි.
පවතින රජය විසින් කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගුකිරීම නොව ග්‍රාමීය ජනතාවගේ සිට නිසිලෙස කසල බැහැර කිරීමට දැනුවත් භාවය ලබා දීමයි.ඒ සඳහා ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින්, නීතිරීති රෙගුලාසි ඇතිකළ යුතුය. දඬුවමට බියෙන් හෝ ජනතාව නිසි ලෙස කසල බැහැර කිරීමකට යොමු වීමෙන් කෙරවලපිටියේ පිහිටි ප්රතිචක්ක්රීකරණ ස්ථාන වැනි ස්ථාන පිහිටුවා මෙම කසල ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිය.ඒ සඳහා පූර්ණ වශයෙන් රජය මැදිහත්වීම පැවතිය යුතුය.
Sunday, July 2, 2017
සුන්දර සෙම්බුවත්ත විල
ශ්‍රී ලංකාව කියන්නේ පරිසර සුන්දරත්වයෙන් ඉතා ඉහළින්ම තියෙන රටක්. කඳු හෙල්,දිය ඇලි, වනාන්තර,මල්වතු විතරක් නෙවේ තවත් සුන්දර තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම විවිධ දේශගුණික තත්ත්වයන්ගෙන්ද මේ සුන්දරත්වය තවත් වැඩි කරනවා. බොහෝ දෙනෙක් කැමති තම විවේකය සුන්දර නිදහස් පරිසරයක ගත කරන්න. එවැනි ස්ථාන බොහෝමයක් අතරින් බොහෝදෙනෙකු ඇළුම් කරන ස්ථානයක් ලෙසින් සෙම්බුවත්ත හඳුනාගන්න පුළුවන්.
සෙම්බුවත්ත කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන විලක්. මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම සුන්දර පරිසරයට පිවිසෙන්නෙකුට නුවර, උකුවෙල හන්දිය,ඇල්කඩුව හා හුණුගල පාර යන මාර්ග පසුකරමින් පැමිණ සෙම්බුවත්තට ළගා විය හැකිය. මෙම විල කෘතිමව නිර්මාණය කළද මෙහි ස්වභාව සෞන්දර්යය මනස්කාන්තය. සුන්දර කඳු පන්තිවලින් වට වී ඇල්කඩුව නම් වතුයායේ උසම ස්ථානයේ මෙම විල පිහිටා ඇත.මෙම විල නිර්මාණය කිරීමට පෙර මෙහි ගෝල්ෆ් පිටියක් තිබී ඇත. වර්තමානය වන විට මෙම විලෙහි ජලය භාවිතා කරමින් පහත් බිම්වල වැසියන් සඳහා විදුලිය ලබා දීමටද කටයුතු කර ඇත.
මෙහි ඇති පහසුකම් පිළිබඳ දැනුවත් වීමද ඉතා වැදගත්. මෙම විල අවට කඳවුරු බැඳ රාත්‍රිය ගත කිරීමටත්, නාන තටාක පහසුකම්ද ලබා දී ඇත. මෙම පරිසරය නැරඹීමට යන්නේ නම් උස වාහනයක් භාවිතා කරන්නේ නම් පරිසර සුන්දරත්වය අපූරු ලෙසින් නැරඹීමේ හැකියාවක් ඇත. පොහෝ දිනයේ මෙම පරිසර භූමිය වසා ඇත.කෙසේ නමුත් පවුලේ සමාජිකයන් සමඟ නිවාඩුවක් ගත කිරීමට සොදුරු නවාතැනක් ලෙස සෙම්බුවත්ත හඳුන්වන්න පුළුවන්.
Subscribe to:
Posts (Atom)
ස්ත්‍රි පුරුෂ සමාජභාවය
ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්ර...
-
සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්, නෙරු ස්ථරය වියන් ස්ථරය උප වියන් ස්ථරය යටි වියන් ස්ථර...
-
විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණ...
-
සෑම වසරකදීම පාරිභෝගිකයන් වශයෙන් අප මිලියන ගණනක නිෂ්පාදන මිලදී ගන්නෙමු. එම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම එහි පැවැත්ම රඳා පවතින්නා වූ ජීවන චක්...