Sunday, October 23, 2016

සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය

සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්,
නෙරු ස්ථරය
වියන් ස්ථරය
උප  වියන් ස්ථරය
යටි වියන් ස්ථරය
යටි වගාව (බිම් ස්ථරය)

නෙරු ස්ථරය : විශාලත්වයෙන් ඉතා වැඩි මී: 45 වැඩි උස ශාක මෙම නෙරු ස්ථරයේ දැකිය හැකිය- මෙහි ශාක සූර්යාලෝකයට ඉතා හොදින් නිරාවරණය වී ඇත- මෙම ස්ථරයේ අඩු ගණත්වයකින් තැනින් තැන මෙම ශාක දක්නට ලැබේ- මෙම ස්ථරයේ ශාක ලෙස,

 හොර       
බූ හොර
දොරණ
දුන් විශේෂ                   
                  
                     
                       වියන් ස්ථරය : මී: 30 ත් මී: 45 ත් පමණ උස සිනිදු ශාක පත්‍ර සහිත ශාක වියන් ස්ථරයේ දැකිය හැකිය- ශාක ඝණට වැඩි නොමැත- තරමක් දුරස්ව වැඩෙන ශාක බැවින් සූර්්‍යාලෝකය හොදින් ලැබේ- වියනක් ලෙසින් වැඩි ඇති ශාක වට ප්‍රමාණයෙන් විශාලය- මෙහි විශේෂයෙන් දැකිය හැකි ශාක ලෙස,


ඇටඹ
බෙරලිය
වල් දෙල්
නවද
කොකුම්
දිය නා



යෝධ නවද ගස


උප  වියන් ස්ථරය: මෙම ස්ථරයේ ශාක මී: 15 ත් මී: 30 ත් උසට වැඬේ- මෙම ශාක උප වියනක් ලෙස එකිනෙක ළගින් පිහිටයි- සූර්යාලෝකය බිමට පතිත වීම වළකයි- මෙහි දැක්වෙන ශාක වර්ග කිහිපයක් නම්,

උබ්බේරිය
කටබොද
වල් මෝර
වලු කීන
ගල් ඇහැටු

යටි වියන් ස්ථරය: මෙම ස්ථරයේ ශාක මී: 05 ත් මී: 15 ත් උසට වැඩෙන ශාකවලින් යටි වියනක් ලෙස නිර්මාණය වී ඇත-
 යටි වගාව (බිම් ස්ථරය):  පහතින්ම ඇති ශාක ස්ථරය යටි වගාව නොහොත් බිම් ස්ථරය ලෙස හදුන්වයි- මෙම ස්ථරයට සූර්යාලෝකය අඩුවෙන්ම ලැබෙන බැවින් පදුරු ස්ථර සහ මීවන ශාක ස්ථර විශේෂයෙන් දැකිය හැකිය- තවද මෙම ස්ථරයේ ආරෝහක ශාක බහුලව දැකිය හැකි අතර පිලිල වර්ග ද දැකිය හැකිය- මෙම ස්ථරය ජාන සංචිත ගබඩාවකි-
  
මඩොල්
අතුකැටිය
කුඩුම්බේරිය
වල් කෝපි
වල් කුරුදු
හොරකහ


සිංහරාජයේ ශාක සංහතිය හෙක්ටයාර 01කට 240000 ක් පමණ වේ- මෙහි සියලු ශාක වර්ග දක්නට ලැබේ- මෙයින් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ 340න් 192 සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය- මෙයින් 15 ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයන්ය- මේවා දැකිය හැක්කේ සිංහරාජයේ පමණි- සිංහරාජ වනාන්තරය ලෝක උරුම වන භූමියක් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක 75% පමණ මෙම ප්‍රදේශවලින් ආවරණය වී ඇත-
සිංහරාජයේ ඖෂධීය ශාක සහ වැල් වර්ග රාශියකි- හොර, දොරණ, කීන, බදුල්ල, වනරාජ, ඉරුරාජ, ගොඩපර යන ශාක වර්ග ද වෙනිවැල්, රසකිඳ, පුස්වැල්, තම්බොටුවැල්, වේවැල් වැල් වර්ග ලෙස ද දැක්විය හැකිය-  ශ්‍රී ලංකාවට ආවේණික ගස් හා කාෂ්ටීය  වැල් විශේෂ 217ක් පමණවන අතර ඉන් 65% එනම් 140 ක් සිංහරාජයේ දක්නට ලැබේ-
  පුස්වැල්

Wednesday, October 12, 2016

සිංහරාජ වනාන්තරය

දීර්ඝ කාලයක් දේශගුණික, පාරිසරික, භෞතික හා වෙනත් සාධක නිසා විවිධ පරිනාමයන්ට භාජනය වෙමින් බිහි වන්නා වු වෘක්ෂ ප්‍රමුඛ වෙමින් සතුත්ට වාසස්ථාන සපයන පරිසර පද්ධතියක් වනාන්තරයක් ලෙස අර්ථ දැක්විය හැකිය- වනාන්තර වර්ග කිරීමේ සටහනට අනුව සිංහරාජ වනාන්තරය නිවර්තන වැසි වනාන්තරයක් ලෙසින් දැක්විය හැකිය- සිංහරාජය යන නාමය “ සිංහරජදහන ” යන අරුත් ගන්වනු ලබයි- ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කඳුවැටිය සීමා වෙමින් හෙක්ටයාර 11250 භූමි ප්‍රමාණයක පැතිර පවතින ජාතික වනෝද්‍යානයක් ලෙසින් ද අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් බවට නම් කර ඇති වනාන්තරයක් ලෙසින් සිංහරාජය හඳුනාගත හැකිය-

                                      සිංහරාජ වනාන්තරයේ භූගෝලීය පිහිටීම දක්වන්නේ නම් උතුරු අක්ෂාංශ 6˚ 21˚ත් 6˚ 27˚ හා නැගෙනහිර දේෂාංශ 80 21 හා 80 37 අතර පිහිටා ඇත- මෙය හෙක්ටයාර 11250 කි- ගාල්ල , මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ පැතිර ඇත- සිංහරාජයේ මායිම

උතුරට : නාපොල දොල හා කොස්ගුලන ගඟ ද
දකුණට : මහ දොල හා ගිං ගඟ ද
බටහිරට : කලුකන්දාව දොල හා කුඩව ගඟ ද
නැගෙනහිරට : බෙවර්ලි වතු යාය හා දෙනියාය ද
                                                                  ලෙසින් රත්නපුර, ගාල්ල, මාතර  දිස්ත්‍රික්කවලට මායිම් වේ- සිංහරාජ වනයේ උච්චත්වය සැලකීමේ දී මුහුදු මට්ටමේ සිට උපරිම උස මී:1170 ද අවම උස මී: 90 ද අතර කදු මුදුන් කිහිපයක් පිහිටා ඇත- මී: 600ට වැඩි කඳු මුදුන් හයක් පිහිටයි- ඒවා නම්,

                      හිනිපිටිගල නැගෙනහිර
                       හිනිපිටිගල බටහි
                        සිංහගල
                        පිටිගලකන්ද
                       මුලාවැල්ල
                      කොස්ගුලන

              සිංහරාජයට ලැබෙන වාර්ෂික උපරිම වර්ෂාපතනය මි-මී 6000 ත් අවම වර්ෂාපතනය මි-මී 3000 පමණ වේ- අවම මාසික වර්ෂාපතනය මි-මී 50 ලෙස වාර්තා වී ඇත- වාර්ෂික උෂ්ණත්වය 18ජ 27ජ අතර අගයක් ගනී- සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% ත් 80% අතර අගයක් ගනී- සිංහරාජ වනය තුළ රතු කහ පොඞ්සොලික් පසක් පවති- මෙය සාරවත් පසක් නොවන අතර පසේ ජීවත් වන බැක්ටීරියා මගින් තිර කරණ පෝෂක ශාක වෙතින් ක්ෂණිකව උරා ගැනීම නිසා පස සාරවත් නොවේ- 

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...