Thursday, November 24, 2016

සිංහරාජ වනාන්තරය සමඟ බැඳි ජනජීවිතය හා එහි වටිනාකම

සිංහරාජ වැසි වනාන්තරය හා බැදුණු ගම්මාන 22 ක් ස්වාරක්ෂක කලාපයේ පිහිටා ඇත- මෙයින් වාරුකන්දෙනිය, කොලොන්තොටුව යන ගම්මාන දෙක සිංහරාජ වනාන්තරය තුල පිහිටා ඇත- සිංහරාජ වනාන්තරයේ උපදින සම්පත් භාවිතා කර ජීවනෝපාය වශයෙන් විවිධ කර්මාන්තවල යෙදෙන ගැමියන් විශාල සංඛ්‍යාවක් මෙම ගම්මානවල ජීවත් වේ- මොවුන් මෙම වනාන්තරයේ සම්පත් භාවිතා කල ද වනාන්තරයේ පැවැත්ම සදහා තර්ජනයක් නොමැත- වනාන්තරය ආශ්‍රිත කර්මාන්ත කිහිපයක් නම්,

කිතුල් මැදීම - පැණි හකුරු කර්මාන්තය
වේවැල් භාවිතයෙන් අත්කම් නිෂ්පාදය කිරීම
සෙවිලි ද්‍රව්‍ය ලෙස ඉලුක්, බේරූ, බට භාවිතා කිරීම
ආහාර වර්ග ලෙස බෙරලිය, හල්
ඖෂධ ලෙස වෙනිවැල්, දොරණ තෙල්, ඉරුරාජ, වනරාජ, ගොඩපර   භාවිතා කිරීම


සිංහරාජය හා බැදුණු ජනප්‍රවාදයන්ද පවති- ඉන් එකක් ලෙස, දකුණු පළාත හා මධ්‍යම පළාත පාලනය කල රජවරු දෙදෙනා පළාත් යා කල මාර්ගය සිංහරාජ කැලය හරහා වැටි තිබිණි- එහි ජීවත් වූ සිංහයෙකු රජුගේ කුමරියට පෙම් බැදීම හේතුවෙන් රජු විසින් සිංහයා ගල් ගසා මරණ ලදී- එමෙන්ම තවත් ප්‍රවාදයක් ලෙස අතීතයේ මොරවක් කෝරළය හා ගාලු කෝරළයේ පදිංචි ජනයා ශ්‍රී පාද වන්දනාව සදහා ගමන් කර ඇත්තේ සිංහරාජය හරහාය- මෙහි පිහිටි සිංහගල නැමැති ස්ථානයේ ජීවත් වූ සිංහයෙකු මිනිසුන්ට අනතුරු සිදු කිරීම නිසා එම උවදුරෙන් බේරීමට එකල ජීවත් වූ “ලංකානාථ” නම් යෝධයෙකු ලවා ගල් ගසා සිංහයා  මැරූ බවත් එම එක් කල ගල් ගොඩ අදත් එක්තැනක පවතින බවට විශ්වාස කෙරේ-
සිංහරාජ වනාන්තරය අපට වැදගත්වන ආකාරය ප්‍රධාන හේතු දෙකක් යටතේ සාකච්ඡා කළ හැකිය- අධ්‍යාපන හා පරීක්ෂණ සදහා මෙම වනාන්තරය ආශ්‍රිතව පරීක්ෂණ මධ්‍යස්ථානයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් ඇත- මෙහි දෙස් විදෙස් පරීක්ෂණ කණ්ඩායම් මගින් විවිධ පරීක්ෂණ සිදු කර නව සොයා ගැනීම් රාශීයක් මේ වන විට සිදු කර ඇත- වන විද්‍යා පරීක්ෂණ කණ්ඩායම් හා දේශීය පරීක්ෂකයන් එක්ව විවිධ ශාක විශේෂවල බීජ පැල වර්ධනය පරිසර අවශ්‍යතා මත බීජවල වර්ධනය පිළිබද අධ්‍යයනය කිරීම සිදු කරනු ලබයි-
අසිරිමත් සිංහරාජය ලෝක උරුමයක් බවට පත් වීමේ පියවරයන් ලෙස,

ක්‍රි-ව 1618 දී පෘතුගීසී තෝම්බුවල ගම් ලැයිස්තුවේ සිංහරාජය පිළිබද තොරතුරු ඇතුළත් වේ-
1875 ජුනි 08 දින 4046 දරණ ගැසට් නිවේදනයට අනුව අක්: 6700 සිංහරාජ මුකලාන ලෙසට ප්‍රකාශයට පත් කිරීම-
1936 මැයි 21 දින සිංහරාජ වනාන්තරය ප්‍රථමවරට සංරක්ෂිත වනාන්තරයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම-
1975 මිනිසා සහ ජෛව ගෝලය යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස සිංහරාජය නම් කරන ලදී-
1977 සම්පූර්ණ ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී-
1972-1977 දක්වා වරණ හෙලීම් යටතේ හෙ: 2205 රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කිරිම-
1988 ජාතික උරුම වන භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කිරිම-
1989 ලෝක උරුම වන භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කිරිම-


ලෝක උරුම සිංහරාජ වනාන්තරයට අදාල ජාත්‍යන්තර සම්මුති පිළිගැනීම් හා නීතිමය ආවරණද පවති-

1970 මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන
1979 වනාන්තරවල හමුවන තර්ජනයට ලක් වූ සතුන් හා ශාක විශේෂ ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතිය-
1980 ලෝක උරුම පිළිබද ගිවිසුම-
1990 පර්යටන පක්ෂි පිළිබද බොන් සම්මුතිය-
1992 දේශගුණික විපර්යාස පිළිබද සම්මුතිය-
1992 එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබද සම්මුතිය-
1994 ජෛව විවිධත්ව සම්මුතිය-

සංචාරකයෙකු ලෙස ඔබට සිංහරාජයට පිවිසිය හැකි  ආකාර කිහිපයක් ඇත-


රත්නපුර, නිවිතිගල, කලවාන, වැද්දාගල හරහා කුඩව සිංහරාජ රක්ෂණ මධ්‍යස්ථානය- (95%ක් පමණ මෙම මාර්ගය භාවිතා කරයි-)
දෙනියාය බෙවර්ලි වතුයාය හරහා සිංහරාජය          
හිනිදුම, නෙලුව, කොස්මුල්ල හරහා සිංහරාජය
රක්වාන මෝනිංසයිඞ් හරහා ද
රක්වාන ඩැෆඩින් වතුයාය හරහාද ඇතුළු විය හැකි වුවද ප්‍රධාන ප්‍රවේශ මාර්ග වන්නේ කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානය හා පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයයි- මෙහි ඇතුළු වීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ස්වේච්ඡා මග පෙන්වන්නෙකු සමග සිංහරාජ වැසි වනාන්තරය නැරඹිය යුතුය-

සිංහරාජය නැරඹීමට පැමිණෙන
ඔබ සංචාරය කළ යුතු සුවිශේෂි ස්ථාන රාශියක් ඇත- ඒවා නම්,

සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 14 දුරින් පිහිටි සිංහගල ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 09 දුරින් පිහිටි ගල්ලෙන් යාය ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 07 දුරින් පිහිටි යෝධ නවද ගස ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 07 දුරින් පිහිටි මුලාවැල්ල ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 3 1/2 දුරින් පිහිටි අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථානය-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 2 1/2 දුරින් පිහිටි දුවිලි ඇල්ල-





ශ්‍රී ලංකාවේ ලෝක උරුමවලින්  එකම ස්වභාවික ලෝක උරුමය වන සිංහරාජ වැසි වනාන්තරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පහස ලබමින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල විදෙස් විනිමයක් ලබා දේ- මෙම වනාන්තරයේ සුවිශේෂිභාවය නිසා සංචාරකයන්ගේ පැමිණීම දිනපතා ඉහළ යයි- මේ මගින් අවට ගම්මානයේ ජීවත්වන අයගේ ගැමි ජීවිතද  ඉහළ මට්ටමකට ලගා වෙමින් පවති- ඔබේ යුතුකම වනුයේ පරිසර සංරක්ෂණය සදහා පනවා ඇති අණපනත්වලට අවනත වීම, කැළිකසල නිවැරදි පරිදි බැහැර කිරීම, දුර්ලභ පැළෑටි විනාශ නොකිරිම, වන සතුනට හිරිහැර නොකිරීම, වන සතුන්ගේ වාස භූමි විනාශ නොකිරිම, පොලිතින් භාවිතය අවම කිරීම ආදියයි- ශ්‍රී ලාංකේය අභිමානය ලොවටම විදහා දක්වන ලෝක උරුමයක් වන මෙම වැසි වනාන්තරය ඉදිරි අනාගත පරපුර සදහා ද සුරක්ෂිත කර තබා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අප සියළු දෙනාගේ වගකීම හා යුතුකම වන්නේය-


Sunday, November 6, 2016

සිංහරාජ වනාන්තරයේ සත්ත්ව විශේෂ

විශේෂි වනාන්තර පද්ධතියක් වන සිංහරාජය තුල විවිධ සත්ත්ව සංතති රාශියක් දැකිය හැකිය- මෙම පරිසර පද්ධතිය තුල ලංකාවට ආවේණික විශේෂ හා සිංහරාජයට ආවේණික විශේෂ බහුලව දැකිය හැකිය-
සමනල විශේෂ
උභය ජීවි විශේෂ
මත්ස්‍ය විශේෂ
උරඟ විශේෂ
පක්ෂි විශේෂ 
ක්ෂීරපායි විශේෂ
දිලීර හා බැක්ටීරියා විශේෂ


සමනල විශේෂ:   ශ්‍රී ලංකාවේ දැකිය හැකි සමනල විශේෂ 65 ක් සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය- මෙයින් විශේෂ ගණනාවක් ශ්‍රී ලංකාවට ආවේණිකය- මේ අතරින් ලංකාවේ ලොකුම සමනල විශේෂය වන ක්‍දපපදබ ඉසරාඅසබට සිංහරාජයේ දක්නට ලැබීම වනාන්තරයේ සුන්දරත්වය වැඩි කරයි-

උභය ජීවි විශේෂ:   ලංකාවට ආවේණික උභය ජීවි විශේෂ 28 ක් සිංහරාජ වනාන්තරය තුලින් වාර්ථා වී ඇත- මෙම උභය ජීවීන් මගින් සිංහරාජ වැසි වනාන්තරයේ උසස් පරිසර පද්ධතියක් නිර්මාණය කරයි- මෙම උභය ජීවී විශේෂ අතර මැඩි විශේෂ හා ගෙම්බන් බහුලව දැකිය හැකිය- මේ අතර ගස් ගෙම්බන්ගේ විවිධත්වය ඉතා උසස්ය-

මත්ස්‍ය විශේෂ:   ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 16 අතරින් විශේෂ 03 ක් සිංහරාජයේ ඇල දොල ආශ්‍රීතව දැකිය හැකිය- පොදුවේ ගත් කල මත්ස්‍ය විශේෂ 11 සිංහරාජයේ වාසස්ථාන කරගෙන ඇත-  ආවේණික මත්ස්‍ය විශේෂ අතරින් පුලුට්ටා, මගුරා, ගල්පාඬියා, කදුකර අභිරාවා, බහුලව දැකිය හැකිය-

 උරඟ විශේෂ:   ශ්‍රී ලංකාවට ආවේණික උරඟ විශේෂ 45 න් විශේෂ 21 සිංහරාජයේ  දැකිය හැකිය- මෙම ගණයට සර්පයන්, කටුස්සන්, ඉදිබුවන් හා හිකනලුන් විශේෂ ගණනාවන් අයත් වේ- මෙයින් සර්ප විශේෂ අතරින් විෂ අධික දැනට ලංකාවෙන් වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති කුරුන් කරවලා සිංහරාජ පරිසර පද්ධතිය තුල දැකිය හැකිය-

පලාපොළගා






පක්ෂි විශේෂ:  සිංහරාජ වනාන්තරය තුල පක්ෂි විශේෂ 147 ක් පමණ දක්නට ලැබේ- මෙයින් ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 න් 32 සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මෙම පක්ෂි විශේෂ වනාන්තරය තුල ජීවත්
වීම මගින් වැසි වනාන්තර පද්ධතිය, ආකර්ශනීය සංචාරක පරිසර කලාපයක් ලෙසට පත්ව ඇත- මෙම පක්ෂි විශේෂ අතර 13%ක් පර්යටනද 18% ක් ඝණ වනාන්තරයේ (සංචාරක නොවන පක්ෂීන්)ද 36% වනාන්තරය තුල හා පිටස්තර වාසස්ථාන වලද 10% වනාන්තර සීමාවේ ගම්බද ගෙවතු ආශ්‍රිතව ද දැකිය හැකිය- මෙම පක්ෂීන්ගෙන් 57% අඩු දුර්ලබ ගහන ඝනත්වයක් පෙන්වයි- ඔවුන් අතර වතරතු මල් කොහා, අළු දෙමලිච්චා, හිස සුදු මයිනා, බට ඇටි කුකුළා, කැහිබෙල්ලා, ගෙඹිකට බස්සා හා පඩුවන් බස්සා දැක්විය හැකිය-







ක්ෂීරපායි විශේෂ:  බොහෝ වනාන්තරවල මෙන් සිංහරාජ වැසි වනාන්තරයේ විශාල ක්ෂීරපායි සතුන් දැකිය හැකිය- ශ්‍රී ලංකාවේ ක්ෂීරපායින් අතරින් විශේෂ 40 ක් පමණ සිංහරාජයෙන් වාර්ථා වී ඇත- මේ අතරින්  ශ්‍රී ලංකාවට ආවේණික ක්ෂීරපායින් විශේෂ 12 න් 08 ක් සිංහරාජයෙන් වාර්ථා වී ඇත- ඒ අතර අලියා, ගෝනා, ඕලු මුවා, මී මින්නා, වල් ඌරා, හදුන් දිවියා, වල් බළලා, රිලවා  විශේෂ වේ-


දිලීර හා බැක්ටීරියා විශේෂ:   විශාල ශාක ඝණත්වයකින් යුතු සිංහරාජ වනාන්තරයේ පෝෂක ගබඩාව ලෙස සමශීතෝෂ්ණ වනාන්තරයෙහි දිරාපත්වන ශාක හා සත්ව කොටස් මගින් නිකුත් කරනු ලබන පෝෂක පසෙහි රැස්කර තබා ගැනීම සදහා විශාල කාර්යයක් සිදු කරයි- මොවුන් අතර දිලීර හා බැක්ටීරියා ප්‍රමුඛත්වයක් ගනී- පෝෂක චක්‍රීකරණය හා කාබනික ද්‍රව්‍ය ජීර්ණයට ප්‍රධාන වශයෙන් දායක වේ- සිංහරාජය තුල ක්ෂුද්‍ර දිලීර 35 ක් ඇති බවට අනාවරණය වී ඇත- මෙයින් ප්‍රධාන වශයෙන්  Trichodrma harzinum හා Penicillium simplicissimum වේ- සිංහරාජයේ වාර්ථා වී ඇති දිලීර විශේෂ කිහිපයක් ලෙස Ciccinella simplex, Mucor hiemalis, Mortierella rammaniana.

ගෝනා
                                          

Sunday, October 23, 2016

සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය

සිංහරාජ වනාන්තරයේ ශාක පද්ධතිය ප්‍රධාන ස්ථර පහක් යටතේ හඳුනාගත හැකිය- ඒවා නම්,
නෙරු ස්ථරය
වියන් ස්ථරය
උප  වියන් ස්ථරය
යටි වියන් ස්ථරය
යටි වගාව (බිම් ස්ථරය)

නෙරු ස්ථරය : විශාලත්වයෙන් ඉතා වැඩි මී: 45 වැඩි උස ශාක මෙම නෙරු ස්ථරයේ දැකිය හැකිය- මෙහි ශාක සූර්යාලෝකයට ඉතා හොදින් නිරාවරණය වී ඇත- මෙම ස්ථරයේ අඩු ගණත්වයකින් තැනින් තැන මෙම ශාක දක්නට ලැබේ- මෙම ස්ථරයේ ශාක ලෙස,

 හොර       
බූ හොර
දොරණ
දුන් විශේෂ                   
                  
                     
                       වියන් ස්ථරය : මී: 30 ත් මී: 45 ත් පමණ උස සිනිදු ශාක පත්‍ර සහිත ශාක වියන් ස්ථරයේ දැකිය හැකිය- ශාක ඝණට වැඩි නොමැත- තරමක් දුරස්ව වැඩෙන ශාක බැවින් සූර්්‍යාලෝකය හොදින් ලැබේ- වියනක් ලෙසින් වැඩි ඇති ශාක වට ප්‍රමාණයෙන් විශාලය- මෙහි විශේෂයෙන් දැකිය හැකි ශාක ලෙස,


ඇටඹ
බෙරලිය
වල් දෙල්
නවද
කොකුම්
දිය නා



යෝධ නවද ගස


උප  වියන් ස්ථරය: මෙම ස්ථරයේ ශාක මී: 15 ත් මී: 30 ත් උසට වැඬේ- මෙම ශාක උප වියනක් ලෙස එකිනෙක ළගින් පිහිටයි- සූර්යාලෝකය බිමට පතිත වීම වළකයි- මෙහි දැක්වෙන ශාක වර්ග කිහිපයක් නම්,

උබ්බේරිය
කටබොද
වල් මෝර
වලු කීන
ගල් ඇහැටු

යටි වියන් ස්ථරය: මෙම ස්ථරයේ ශාක මී: 05 ත් මී: 15 ත් උසට වැඩෙන ශාකවලින් යටි වියනක් ලෙස නිර්මාණය වී ඇත-
 යටි වගාව (බිම් ස්ථරය):  පහතින්ම ඇති ශාක ස්ථරය යටි වගාව නොහොත් බිම් ස්ථරය ලෙස හදුන්වයි- මෙම ස්ථරයට සූර්යාලෝකය අඩුවෙන්ම ලැබෙන බැවින් පදුරු ස්ථර සහ මීවන ශාක ස්ථර විශේෂයෙන් දැකිය හැකිය- තවද මෙම ස්ථරයේ ආරෝහක ශාක බහුලව දැකිය හැකි අතර පිලිල වර්ග ද දැකිය හැකිය- මෙම ස්ථරය ජාන සංචිත ගබඩාවකි-
  
මඩොල්
අතුකැටිය
කුඩුම්බේරිය
වල් කෝපි
වල් කුරුදු
හොරකහ


සිංහරාජයේ ශාක සංහතිය හෙක්ටයාර 01කට 240000 ක් පමණ වේ- මෙහි සියලු ශාක වර්ග දක්නට ලැබේ- මෙයින් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ශාක විශේෂ 340න් 192 සිංහරාජ වනාන්තරයේ දැකිය හැකිය- මෙයින් 15 ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයන්ය- මේවා දැකිය හැක්කේ සිංහරාජයේ පමණි- සිංහරාජ වනාන්තරය ලෝක උරුම වන භූමියක් ලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක 75% පමණ මෙම ප්‍රදේශවලින් ආවරණය වී ඇත-
සිංහරාජයේ ඖෂධීය ශාක සහ වැල් වර්ග රාශියකි- හොර, දොරණ, කීන, බදුල්ල, වනරාජ, ඉරුරාජ, ගොඩපර යන ශාක වර්ග ද වෙනිවැල්, රසකිඳ, පුස්වැල්, තම්බොටුවැල්, වේවැල් වැල් වර්ග ලෙස ද දැක්විය හැකිය-  ශ්‍රී ලංකාවට ආවේණික ගස් හා කාෂ්ටීය  වැල් විශේෂ 217ක් පමණවන අතර ඉන් 65% එනම් 140 ක් සිංහරාජයේ දක්නට ලැබේ-
  පුස්වැල්

Wednesday, October 12, 2016

සිංහරාජ වනාන්තරය

දීර්ඝ කාලයක් දේශගුණික, පාරිසරික, භෞතික හා වෙනත් සාධක නිසා විවිධ පරිනාමයන්ට භාජනය වෙමින් බිහි වන්නා වු වෘක්ෂ ප්‍රමුඛ වෙමින් සතුත්ට වාසස්ථාන සපයන පරිසර පද්ධතියක් වනාන්තරයක් ලෙස අර්ථ දැක්විය හැකිය- වනාන්තර වර්ග කිරීමේ සටහනට අනුව සිංහරාජ වනාන්තරය නිවර්තන වැසි වනාන්තරයක් ලෙසින් දැක්විය හැකිය- සිංහරාජය යන නාමය “ සිංහරජදහන ” යන අරුත් ගන්වනු ලබයි- ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කඳුවැටිය සීමා වෙමින් හෙක්ටයාර 11250 භූමි ප්‍රමාණයක පැතිර පවතින ජාතික වනෝද්‍යානයක් ලෙසින් ද අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් බවට නම් කර ඇති වනාන්තරයක් ලෙසින් සිංහරාජය හඳුනාගත හැකිය-

                                      සිංහරාජ වනාන්තරයේ භූගෝලීය පිහිටීම දක්වන්නේ නම් උතුරු අක්ෂාංශ 6˚ 21˚ත් 6˚ 27˚ හා නැගෙනහිර දේෂාංශ 80 21 හා 80 37 අතර පිහිටා ඇත- මෙය හෙක්ටයාර 11250 කි- ගාල්ල , මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ පැතිර ඇත- සිංහරාජයේ මායිම

උතුරට : නාපොල දොල හා කොස්ගුලන ගඟ ද
දකුණට : මහ දොල හා ගිං ගඟ ද
බටහිරට : කලුකන්දාව දොල හා කුඩව ගඟ ද
නැගෙනහිරට : බෙවර්ලි වතු යාය හා දෙනියාය ද
                                                                  ලෙසින් රත්නපුර, ගාල්ල, මාතර  දිස්ත්‍රික්කවලට මායිම් වේ- සිංහරාජ වනයේ උච්චත්වය සැලකීමේ දී මුහුදු මට්ටමේ සිට උපරිම උස මී:1170 ද අවම උස මී: 90 ද අතර කදු මුදුන් කිහිපයක් පිහිටා ඇත- මී: 600ට වැඩි කඳු මුදුන් හයක් පිහිටයි- ඒවා නම්,

                      හිනිපිටිගල නැගෙනහිර
                       හිනිපිටිගල බටහි
                        සිංහගල
                        පිටිගලකන්ද
                       මුලාවැල්ල
                      කොස්ගුලන

              සිංහරාජයට ලැබෙන වාර්ෂික උපරිම වර්ෂාපතනය මි-මී 6000 ත් අවම වර්ෂාපතනය මි-මී 3000 පමණ වේ- අවම මාසික වර්ෂාපතනය මි-මී 50 ලෙස වාර්තා වී ඇත- වාර්ෂික උෂ්ණත්වය 18ජ 27ජ අතර අගයක් ගනී- සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% ත් 80% අතර අගයක් ගනී- සිංහරාජ වනය තුළ රතු කහ පොඞ්සොලික් පසක් පවති- මෙය සාරවත් පසක් නොවන අතර පසේ ජීවත් වන බැක්ටීරියා මගින් තිර කරණ පෝෂක ශාක වෙතින් ක්ෂණිකව උරා ගැනීම නිසා පස සාරවත් නොවේ- 

Saturday, September 17, 2016

පැන්සලෙන් අකුරු කරපු අපේ පුංචිකාලේ

අකුරු මැකි නෑ 
කොල ගැලවී නෑ 
බොද වී නෑ සිතුවම්.....
ඉස්සර වාගේ තාමත් මතකයි 
හෝඩි පොතේ පාඩම්....  

ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...