Wednesday, May 24, 2017

පාරමිතාව


ගෙවා බොහෝ කාලයක්
නොදැනීම සිතට ළංවුණ
දඟකාර ඔබේ දෑස
දිවා රෑ සොයනවා
ආදරෙන් රැකගන්න..........

Tuesday, May 23, 2017

ස්නේහයේ පහස








දරය කරුණාව පිරි
ඔබේ දෑස
දිනෙන් දින වියැකුනේ
මා නිසාවෙන් නොවෙද
දිරි දූන්න 
ඔබේ දෑත 
සෙමින් වෙව්ලුම් දූන්නේ
මා නිසාවෙන් නොවෙද
රැජිනක්ව මා අභියස
දිවි කතරේ මග කියා 
මා රැජිනක් කරන්නට
මගේ ලොවේ සිටි 
එකම රැජිනිය
ඔබම පමණක් නොවෙද

Monday, May 1, 2017

සිගරට් කර්මාන්තයේ සැබෑ තතු

 
මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වර්තමානයේ බොහෝදෙනාගේ අවධානය යොමු වී ඇති අතර ඒ සඳහා රජය මගින් ද විවිධ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමද සිදුකර ඇත. මෙම මත්ද්‍රව්‍ය අතරට ගැනෙන සිගරට් භාවිතය පිළිබඳව අවධානය යොමු කරමින් සිගරට් භාවිතය අවම කිරීම සඳහා විවිධ පියවර ගැනීමට බොහෝ සංවිධාන ඒකරාශී වී සිටි.

සිගරට් කර්මාන්තය ආශ්‍රිත දුම්කොළ භාවිතය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ ඇතිකරගත් ගිවිසුමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රඥාප්ති ව්‍යුහය (ECTC)  දැක්විය හැකිය. මෙය 2003 වර්ෂයේ මැයි මස පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 56වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේ දී සම්මතකරගන්නා ලදී.මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්මත කරන ලද ප්‍රථම ගෝලීය මහජන සෞඛ්‍ය ගිවිසුමයි. මෙම ගිවිසුම 2005 වසරේ පෙබරවාරී සිට බලාත්මක වූ අතර 2017 වසර වන විට මෙම ගිවිසුමට එකග වී ඇති රටවල් ගණන 180 කි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තැබූ ලොව සිව්වන රට වන අතර ප්‍රථම ආසියාතික රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. මෙම ප්‍රඥප්තියේ 5.3 වගන්තිය දුම්කොළ ව්‍යාපාරයට අදාළ වැදගත්ම වගන්තිය ලෙස දැක්විය හැකිය. එමෙන්ම දුම්කොළ කර්මාන්තය හා එහි යථාර්ථය සමාජගත කිරීමට මෙරට පිහිටුවා ඇති ආයතනයක් ලෙස කොළඹ වෛද්‍ය විද්‍යාලයේ දකුණු හා නැගෙනහිර ආසියානු කලාපීය දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය - Center for combating tobacco  දැක්විය හැකිය. මේ සදහා
NATA -    මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරීය
ADIS -    මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය
SLMA-    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
යන ආයතන රැසක් සහයෝගය දක්වනු ලබයි.

මෙවැනි ජාත්‍යන්තර, ජාතික නීති විධිවිධානයන් පැවතියත් දුම්කොළ කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට කර්මාන්ත හිමියන් කටයුතු කරති. පසුගිය වසරේ අප රටේ සිගරට් බදු වැඩිකිරීම මගින් සාමාන්‍ය සිගරට්ටුවක මිල රු.50ක් දක්වා ඉහළට නැංවීමට රජය කටයුතු කරනු ලැබීය. ඒ සමගම සිගරට් සමාගම් හිමියන් විසින් තම ලාභය පවත්වා ගැනීම සඳහා විවිධ වූ සාවද්‍ය මත සමාජගත කරන්නට විය. එහිදී,
    සිගරට් මිල වැඩිවීම නිසා සිගරට් භාවිතයේ සිටි පිරිස බීඩි භාවිතයට යොමුව ඇති බවත්
    හොර සිගරට් ජාවාරමක් ආරම්භ වී ඇති බවත්
    සිගරට් මිල වැඩි වීම නිසා රජයට බදු ආදායම් අහිමි වී ඇති බවත්
යන සාවද්‍ය මතයන් මෙම සමාගම් විසින් ඉදිරිපත් කරයි.

දුම්කොළ කර්මාන්තය විසින් ඔවුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම සිගරට් නීතිගත, නවීන භාණ්ඩයක් ලෙස සමාජගත කිරීමට උත්සහ ගෙන ඇත. සංවර්ධනයට ප්‍රතිවිරුද්ධව වැඩ කරන විෂම සමාගමක් ලෙස දුම්කොළ කර්මාන්තය හැඳින්වීමට පුළුවන. සිගරට් මිල එකවර ඉහළ අගයකට යොමු වූවත් බීඩි වැනි මිල අඩු සිගරට් මිලදී ගැනීමට පාරිභෝගිකයා එකවර යොමුවන්නේ නැත. සිගරට් භාවිතා කරන්නන් හට මිල මගින් එවන් බලපෑමක් සිදුවන්නේ නම් සිගරට් සමාගම විසින්ම නිෂ්පාදනය කරන මිල අඩු සිගරට් වර්ග සඳහා යොමු වීමට හැකිය. එමෙන්ම එවැනි මිල අඩු සිගරට් වැඩි වශයෙන් වෙළඳපලට නිකුත් කිරීමේ අවස්ථාවන් සිගරට් සමාගම්වලට නිරායාසයෙන් හිමි වේ.

එමෙන්ම හොර සිගරට් සම්බන්ධ සිද්ධීන් වඩාත් උළුප්පා පෙන්වීම තුළින් ප්‍රතිපත්ති සම්පාදකයන් නොමග යැවීමට සිගරට් සමාගම් විසින් උත්සහ කරයි. එමෙන්ම රජයට ලැබෙන බදු ආදායම් ප්‍රමාණය පහළ වැටෙන බවද මෙම සමාගම් විසින් දක්වයි. කෙසේ වෙතත් 2015 බිලියන 80ක ආදායමකුත් 2016 වසරේ බිලියන 90ක ආදායමකුත් ලබා ඇත. වසරින් වසර ආදායම මිල කෙතරම් ඉහළ ගියද බදු ආදායමේ පහළ වැටීමක්  සිදු නොවන බවත් රජයේ සියලු ආදායම් සිගරට් කර්මාන්තයෙන් පමණක් ලබා නොගන්නා බවත් අප සැම සිහිතබා ගත යුතුය. මේ නිසා සිගරට් කර්මාන්තවලින් අසත්‍ය පතුරවමින් රට තුළ සිගරට් වෙළඳාම ඉහළ නැංවීමට උත්සහ ගන්නා මෙම අවස්ථාවේ එයට එරෙහිව නිවැරදි සත්‍ය තොරතුරු මාධ්‍ය විසින් ජනතාගත කිරීමත් කළ යුතුය.



ස්ත්‍රි පුරුෂ සමාජභාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවලදී භාවිතා කරනු ලැබේ. ස්ත්‍ර...