කිතුල් මැදීම - පැණි හකුරු කර්මාන්තය
වේවැල් භාවිතයෙන් අත්කම් නිෂ්පාදය කිරීම
සෙවිලි ද්‍රව්‍ය ලෙස ඉලුක්, බේරූ, බට භාවිතා කිරීම
ආහාර වර්ග ලෙස බෙරලිය, හල්
ඖෂධ ලෙස වෙනිවැල්, දොරණ තෙල්, ඉරුරාජ, වනරාජ, ගොඩපර භාවිතා කිරීම
සිංහරාජය හා බැදුණු ජනප්‍රවාදයන්ද පවති- ඉන් එකක් ලෙස, දකුණු පළාත හා මධ්‍යම පළාත පාලනය කල රජවරු දෙදෙනා පළාත් යා කල මාර්ගය සිංහරාජ කැලය හරහා වැටි තිබිණි- එහි ජීවත් වූ සිංහයෙකු රජුගේ කුමරියට පෙම් බැදීම හේතුවෙන් රජු විසින් සිංහයා ගල් ගසා මරණ ලදී- එමෙන්ම තවත් ප්‍රවාදයක් ලෙස අතීතයේ මොරවක් කෝරළය හා ගාලු කෝරළයේ පදිංචි ජනයා ශ්‍රී පාද වන්දනාව සදහා ගමන් කර ඇත්තේ සිංහරාජය හරහාය- මෙහි පිහිටි සිංහගල නැමැති ස්ථානයේ ජීවත් වූ සිංහයෙකු මිනිසුන්ට අනතුරු සිදු කිරීම නිසා එම උවදුරෙන් බේරීමට එකල ජීවත් වූ “ලංකානාථ” නම් යෝධයෙකු ලවා ගල් ගසා සිංහයා මැරූ බවත් එම එක් කල ගල් ගොඩ අදත් එක්තැනක පවතින බවට විශ්වාස කෙරේ-
සිංහරාජ වනාන්තරය අපට වැදගත්වන ආකාරය ප්‍රධාන හේතු දෙකක් යටතේ සාකච්ඡා කළ හැකිය- අධ්‍යාපන හා පරීක්ෂණ සදහා මෙම වනාන්තරය ආශ්‍රිතව පරීක්ෂණ මධ්‍යස්ථානයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් ඇත- මෙහි දෙස් විදෙස් පරීක්ෂණ කණ්ඩායම් මගින් විවිධ පරීක්ෂණ සිදු කර නව සොයා ගැනීම් රාශීයක් මේ වන විට සිදු කර ඇත- වන විද්‍යා පරීක්ෂණ කණ්ඩායම් හා දේශීය පරීක්ෂකයන් එක්ව විවිධ ශාක විශේෂවල බීජ පැල වර්ධනය පරිසර අවශ්‍යතා මත බීජවල වර්ධනය පිළිබද අධ්‍යයනය කිරීම සිදු කරනු ලබයි-
අසිරිමත් සිංහරාජය ලෝක උරුමයක් බවට පත් වීමේ පියවරයන් ලෙස,
ක්‍රි-ව 1618 දී පෘතුගීසී තෝම්බුවල ගම් ලැයිස්තුවේ සිංහරාජය පිළිබද තොරතුරු ඇතුළත් වේ-
1875 ජුනි 08 දින 4046 දරණ ගැසට් නිවේදනයට අනුව අක්: 6700 සිංහරාජ මුකලාන ලෙසට ප්‍රකාශයට පත් කිරීම-
1936 මැයි 21 දින සිංහරාජ වනාන්තරය ප්‍රථමවරට සංරක්ෂිත වනාන්තරයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම-
1975 මිනිසා සහ ජෛව ගෝලය යටතේ ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස සිංහරාජය නම් කරන ලදී-
1977 සම්පූර්ණ ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී-
1972-1977 දක්වා වරණ හෙලීම් යටතේ හෙ: 2205 රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කිරිම-
1988 ජාතික උරුම වන භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කිරිම-
1989 ලෝක උරුම වන භූමියක් ලෙසට ප්‍රකාශයට පත් කිරිම-
ලෝක උරුම සිංහරාජ වනාන්තරයට අදාල ජාත්‍යන්තර සම්මුති පිළිගැනීම් හා නීතිමය ආවරණද පවති-
1970 මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන
1979 වනාන්තරවල හමුවන තර්ජනයට ලක් වූ සතුන් හා ශාක විශේෂ ජාත්‍යන්තර වෙළදාම පිළිබද සම්මුතිය-
1980 ලෝක උරුම පිළිබද ගිවිසුම-
1990 පර්යටන පක්ෂි පිළිබද බොන් සම්මුතිය-
1992 දේශගුණික විපර්යාස පිළිබද සම්මුතිය-
1992 එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධනය පිළිබද සම්මුතිය-
1994 ජෛව විවිධත්ව සම්මුතිය-
සංචාරකයෙකු ලෙස ඔබට සිංහරාජයට පිවිසිය හැකි ආකාර කිහිපයක් ඇත-
රත්නපුර, නිවිතිගල, කලවාන, වැද්දාගල හරහා කුඩව සිංහරාජ රක්ෂණ මධ්‍යස්ථානය- (95%ක් පමණ මෙම මාර්ගය භාවිතා කරයි-)
දෙනියාය බෙවර්ලි වතුයාය හරහා සිංහරාජය
හිනිදුම, නෙලුව, කොස්මුල්ල හරහා සිංහරාජය
රක්වාන මෝනිංසයිඞ් හරහා ද
රක්වාන ඩැෆඩින් වතුයාය හරහාද ඇතුළු විය හැකි වුවද ප්‍රධාන ප්‍රවේශ මාර්ග වන්නේ කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානය හා පිටදෙනිය සංරක්ෂණ මධ්‍යස්ථානයයි- මෙහි ඇතුළු වීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ස්වේච්ඡා මග පෙන්වන්නෙකු සමග සිංහරාජ වැසි වනාන්තරය නැරඹිය යුතුය-
සිංහරාජය නැරඹීමට පැමිණෙන
ඔබ සංචාරය කළ යුතු සුවිශේෂි ස්ථාන රාශියක් ඇත- ඒවා නම්,
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 14 දුරින් පිහිටි සිංහගල ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 09 දුරින් පිහිටි ගල්ලෙන් යාය ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 07 දුරින් පිහිටි යෝධ නවද ගස ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 07 දුරින් පිහිටි මුලාවැල්ල ස්වභාවික මං පෙත-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 3 1/2 දුරින් පිහිටි අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථානය-
සිංහරාජ සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට කි:මි 2 1/2 දුරින් පිහිටි දුවිලි ඇල්ල-
ශ්‍රී ලංකාවේ ලෝක උරුමවලින් එකම ස්වභාවික ලෝක උරුමය වන සිංහරාජ වැසි වනාන්තරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පහස ලබමින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල විදෙස් විනිමයක් ලබා දේ- මෙම වනාන්තරයේ සුවිශේෂිභාවය නිසා සංචාරකයන්ගේ පැමිණීම දිනපතා ඉහළ යයි- මේ මගින් අවට ගම්මානයේ ජීවත්වන අයගේ ගැමි ජීවිතද ඉහළ මට්ටමකට ලගා වෙමින් පවති- ඔබේ යුතුකම වනුයේ පරිසර සංරක්ෂණය සදහා පනවා ඇති අණපනත්වලට අවනත වීම, කැළිකසල නිවැරදි පරිදි බැහැර කිරීම, දුර්ලභ පැළෑටි විනාශ නොකිරිම, වන සතුනට හිරිහැර නොකිරීම, වන සතුන්ගේ වාස භූමි විනාශ නොකිරිම, පොලිතින් භාවිතය අවම කිරීම ආදියයි- ශ්‍රී ලාංකේය අභිමානය ලොවටම විදහා දක්වන ලෝක උරුමයක් වන මෙම වැසි වනාන්තරය ඉදිරි අනාගත පරපුර සදහා ද සුරක්ෂිත කර තබා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අප සියළු දෙනාගේ වගකීම හා යුතුකම වන්නේය-